Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නාමල් රාජපක්ෂ විසින් ප්‍රාර්ථනාවේ දියමන්තිය ලිමිනිට ත්‍යාග කළ බවට හුවමාරු වන ඡායාරූප සංස්කරණයක්!

    2019-09-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    නාමල් රාජපක්ෂ සහ ලිමිනි වීරසිංහගේ විවාහ මංගල උත්සවය සැප්තැම්බර් 12 වැනිදා සිදු වූ අතර එම උත්සවය සම්බන්ධයෙන් බොහොමයක් ෆේස්බුක් සටහන් හුවමාරු වන බව අපට දක්නට ලැබුණි. මෙම විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් පළවූ ව්‍යාජ ෆේස්බුක් සටහනක් මීට පෙර අනාවරණය කරගැනීමට මෙලෙ

    නාමල් රාජපක්ෂ සහ ලිමිනි වීරසිංහගේ විවාහ මංගල උත්සවය සැප්තැම්බර් 12 වැනිදා සිදු වූ අතර එම උත්සවය සම්බන්ධයෙන් බොහොමයක් ෆේස්බුක් සටහන් හුවමාරු වන බව අපට දක්නට ලැබුණි. මෙම විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් පළවූ ව්‍යාජ ෆේස්බුක් සටහනක් මීට පෙර අනාවරණය කරගැනීමට මෙලෙසින් අපට හැකිවිය.

    එබඳුම සැක සහිත ෆේස්බුක් සටහන් කිහිපයක් පහත පරිදි සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරුවන අයුරු අපට දැකගන්නට ලැබුණි.

    සමාජ මාධ්‍ය සටහන්

    “මේ වගේ පවුලකට යළි බලය දිය යුතුද ?” යන වදන් පෙළත් සමඟ “නාමල් රාජපක්ෂ බිරිඳට මංගල ත්‍යාගය ලෙස මිලියන පනස් දහසක් වටිනා ප්‍රාර්ථනා දියමන්තිය ලබාදෙයි” යනුවෙන් සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වුනේ මෙලෙසින්.

    Facebook LinkArchived Link

    බැලූ බැල්මටම මෙය විශ්වාස කිරීමට අපහසු කාරණයක් සේ පෙනී ගිය බැවින් මේ පිළිබඳව පළ වී ඇති වාර්තා සොයා බැලීමට සහ විමර්ශනයක් කිරීමට තීරණය කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී ෆේස්බුක් පරිශීලකයින් කිහිප දෙනෙක් විසින්ම ඉහත සටහන සංස්කරණය (Edited) කරන ලද්දක් බව සඳහන් කරමින් සටහන් බොහොමයක් කරුණු දක්වා තිබෙනු අපට දක්නට ලැබුණා.

    “අහවල් Fun / ahawal fun” , යන ෆේස්බුක් පිටුව මගින් ඡායාරූප දෙකක් සංසන්දනය කරමින් පවසා සිටියේ “එකාතකට මෙහෙම එඩිට් කරන උන් ගැන පවු කියලත් හිතෙනවා” යනුවෙනි.

    Facebook LinkArchived Link

    තවද ඉහත ෆේස්බුක් සටහන උපහාසාත්මක ලෙස කරන ලද සටහනක් බව පෙන්නුම් කරමින්බො හොමයක් පිරිස් විසින් තම අදහස් පළකර තිබුණේ මෙලෙසිනි.

    නාමල් සහ ලිමිනි සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පළ වී ඇති ඡායාරූප සරල ගූගල් සෙවුමක් (Google Search) ඔස්සේ සොයා බැලීමේදී අපට පහත කරුණු අනාවරණය විය.

    මෙහිදී තවදුරටත් පෙනී ගියේ එම ඡායාරූපය නාමල් සහ ලිමිනි සම්බන්ධයෙන් පළ වී තිබෙන ලිපි බොහොමයක් සඳහා යොදාගෙන තිබූ බවත් නාමල් සහ ලිමිනි ගේ ට්විටර් ගිණුමේ එය මෙසේ පළවී තිබෙනුද දක්නට ලැබුණා.

    Namal Limini Twitter AccountArchived Link

    Sri Lanka Tweet, asianmirror.lk මගින්ද මෙම ඡායාරූපය යොදා ගනිමින් වාර්තා පළ කර තිබෙනු අපට දක්නට ලැබුණි

    Asian Mirror ArticleArchived Link

    තවදුරටත් මෙහි සඳහන් වන ප්‍රාර්ථනාවේ දියමන්තිය (Hope Diamond) පිළිබඳ විස්තර සෙවීමේදී ලෝකයෙන් මිල අධිකතම ස්වර්ණාභරණ පිළිබඳ ගූගල් සෙවීමක් කිරීමේදී පහත කරුණු අනාවරණය විය

    friedmans.com linkArchived Link

    ඉහත ලබාගන්නා ලද ඡායාරූපය සහ දත්තයන් මත මෙම සංස්කරණය සිදු කරන්නට ඇතැයි ද අනුමාන කළ හැක

    අවසාන නිගමනය

    අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “නාමල් රාජපක්ෂ විසින් ප්‍රාර්ථනාවේ දියමන්තිය ලිමිනිට ත්‍යාග කරයි” යන ප්‍රකාශය කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මෙය බොහෝදුරට උපහාසාත්මක කෝණයකින් සිදුකරන ලද්දක් බවත්ය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-09-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.