Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check : ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් දැරියක් ලෙස හුවමාරු වූ මියා කලීෆාගේ ඡායාරුපයක්!

    2019-10-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update : 2019 වසරේ මෙන්ම 2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වීමත් සමඟම දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යාව ලෙස හුවමාරු වූ ව්‍යාජ සටහන් රැසක් සඳහා යොදාගෙන තිබුනේ පෙර මෙන්ම ලෝක ප්‍රකට නිළි මියා කලීෆාගේ කුඩා අවධියේ ඡායාරූප කෙහිපයක්. 2020 නොවැම්බර් මස එසේ පළවූ ස

    Update : 2019 වසරේ මෙන්ම 2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වීමත් සමඟම දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යාව ලෙස හුවමාරු වූ ව්‍යාජ සටහන් රැසක් සඳහා යොදාගෙන තිබුනේ පෙර මෙන්ම ලෝක ප්‍රකට නිළි මියා කලීෆාගේ කුඩා අවධියේ ඡායාරූප කෙහිපයක්.

    2020 නොවැම්බර් මස එසේ පළවූ සටහන්වලින් එකක් පහතින්.

    2019 වසරේ ද එම ඡායාරුපය ම යොදාගෙන හුවමාරු වූ සටහන් පිලිබඳ අප සිදුකල කරුණු අනාවරණය පහතින්.

    2019 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (ඔක්තෝබර් මස 6) වැනිදා නිකුත් කරන ලදී. පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට අදාළ කඩයීම් ලකුණු ද මේ සමගම නිකුත් කරන ලදී . ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 192 ලබාගත් සිසුවියක් පිළිබඳව ඡයාරූප සහිතව සටහන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනු දක්නට ලැබිණි.

    බොහෝ පිරිස් ඇයට සුබපතා තිබු එම සටහන්වල දක්වා තිබුනේ “මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 192ක් ලබා ගෙන උතුරු පළාතේ 1 උන ඇයට කාත් කවුරුත් නෑ ඉන්නේ ළමා නිවාසෙක. තනියෙන් ජීවිතය ජය ගන්නට යන ඇයට ඔබත් සුබ පතන්න… දෙවි පිහිටයි”. තවදුරටත් එහි දක්වා තිබුනේ “ බුදු සරණයි දුවේ ඔයාට මේ යහපාලන ආණ්ඩුව සැලකුවේ නැහැ. ගෝඨා සර් ආවම ඔයාට සලකයි” යනුවෙනි

    Facebook Link1 Archived LinkFacebook Link 2Archived Link 2

    එම පුවතම වෙනත් රුපයක් යොදා ගනිමින් Amarabandu රූපසිංහ Backup නැමති ෆේස්බුක් පිටුවකින් හුවමාරු වී තිබුනේ මෙලෙසිනි.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ සම්බන්ධව කරුණු සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුනේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ජාතික සහ දිස්ත්‍රික් මට්ටමෙන් ඉහළම ප්‍රථිඵල ලැබූ සිසුන්ගේ නම් ප්‍රසිද්ධ නොකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ යන්නයි. අනවශ්‍ය තරඟය හරහා දරුවන්ට අසාධාරණයක් සිදු වීම වැළැක්වීම මෙහි අරමුණ බව  විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසා තිබුනි.

    Neth News ArticleArchived article

    ඒ අනුව, මෙවර දිවයිනේ පළමු ස්ථානය මෙන්ම දෙවන සහ තුන්වන ස්ථාන ආදී ජයග්‍රහණ ලැබූ සිසුන්ගේ නම් හෙළි නොකරනු ඇති. ඒ අනුව පැහැදිලි වන්නේ ඇය උතුරු පළාතෙන් ප්‍රථම ස්ථානය ලබාගත් බව නිත්‍ය වශයෙන්ම පැවසීමට නොහැකි බවයි.

    පසුව ගූගල් රිවර්ස් ඉමේජ් (Google Reverse Image) සෙවුම හරහා හුවමාරුවන ඡායරූපය නිරීක්ශණය කළ අතර එහිදී එම ඡායරූපයේ සැබෑ තොරතුරු සොයාගැනීමට හැකි වුනි . 

    එම ඡායරූපය 2017 වසරේ පවා අන්තර්ජාලයේ හුවමාරු වූ ඡායරූපයක් බව පැහැදිලි වේ. එම ඡායරූපය ශ්‍රී ලංකාවට අදාල ඡායරූපයක් නොවන බවත් පැහැදිලිවේ . අන්තර්ජාලයේ පලවන මියා කලීෆා (Mia Khalifa) හා සබැඳි (මෙමෙ ඡායරූප- Meme) සටහන් සදහා යොදාගෙන තිබේ.

    Reverse Image Search LinkArchived Link

    එලෙසින්ම දෙවැනි ඡායරූපය සඳහා ද ලෝ ප්‍රකට නිළි මියා කලීෆා (Mia Khalifa) යොදාගෙන ඇති බව පැහැදිලි විය

    Reverse Image search LinkArchived Linkindependent.co.ukArchived Link

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “ළමා නිවසක පදිංචිව සිටින උතුරු පළාතේ  සිසුවියක් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ලකුණු 192ක් ලබාගෙන උතුරු පළාතෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන තිබේ.” යන පුවත සහ ඡායරූපය සම්පුර්ණයෙන්ම අසත්‍ය වන බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 192ක් ලබා උතුරු පළාතේ ප්‍රථමයා වූ ඇයට කාත් කවුරුත් නෑ ඉන්නේ ළමා නිවසක

    Fact Check By: Sathyajith Subasinghe 

    Result: False

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.