Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    බුලතා යෝධයාගේ ඇටසැකිල්ල මහජන ප්‍රදර්ශනයට ?

    2019-10-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අන්තර්ජාලය තුළ විටින් විට පළවන විශ්මයජනක පුවත් අතර තවත් එබඳු පුවතක් පසුගියදා ලංකාවේ ෆේස්බුක් පිටුවක් හරහා පළ වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.  යෝධයකුගේ ඇටසැකිල්ලක් පිළිබඳ දක්වා තිබූ එම පුවත Rasika Gunawardana නැමැත්තෙකු විසින් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ පල කර

    අන්තර්ජාලය තුළ විටින් විට පළවන විශ්මයජනක පුවත් අතර තවත් එබඳු පුවතක් පසුගියදා ලංකාවේ ෆේස්බුක් පිටුවක් හරහා පළ වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.  යෝධයකුගේ ඇටසැකිල්ලක් පිළිබඳ දක්වා තිබූ එම පුවත Rasika Gunawardana නැමැත්තෙකු විසින් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ පල කර තිබුණේ මෙලෙසිනි.

    “ඇමරිකාවේ ඒරියා 51 හි මෙතෙක් රහසිගතව සඟවාගෙන පර්යේෂණ සිදුකල බුලතා යෝධයාගේ ඇටසැකිල්ල මහජන ප්‍රදර්ශනයට විවෘත කරයි”  යනුවෙන් සඳහන් වී තිබු එම පුවත හරහා තවදුරටත් දක්වා තිබුනේ “රුවන්වැලි සෑය අසල කැණීම් වලදී හමුවූ මෙම ඇටසැකිල්ල විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා විසින් ලන්ඩන් කෞතුකාගාරය වෙත යැවූ අතර එක්සත් ජාතින්ගේ ආරක්ෂණ මණ්ඩල නියෝගය මත ඇමෙරිකාවට ගෙන යන ලදී” යනුවෙනි.

    Facebook LinkArchived Link

    මීට වසරකට පමණ පෙර Prabhath Chandana De Silva නැමැත්තෙකු විසින්ද එබඳුම පුවතක් සඳහන් කර තිබුනේ සුප්‍රකට ඩේවිඩ් – ගොලියත් වෘතාන්තය ඇසුරෙනි.

    “දාවිත් නැමැති වයස අවු. 15 ක් වූ එඩේර කොලුවා ගොලියත් නැමැති යෝධයා කැටපෝලයකින් විද මරා දමන ලද්දේ ක්‍රි.පූ.1025 දීය. එනම් මීට වසර 3043 ඉහතදීය. මෙම යෝධයාගේ ඇට සැකිල්ල යුදා කඳුකරයේ ඒලා මිටියාවතේ තිබී ජර්මානු පුරාවිද්‍යාඥයන් විසින් කරනලද කැණීම් වලදී සොයාගෙන ඇත. එහි විශේෂත්වය වනුයේ දාවිත් විසින් විදින ලද ගල හිස් කබලේ නළල් ප්‍රදේශයේ ගිලී තිබූ අයුරින්ම දක්නට ලැබීමයි. මේකී සිදුවීම බයිබලයේ මෙලෙස සඳහන්ව ඇත. මේකී පුරාවිද්‍යාත්මක සත්‍යය ශුද්ධවූ බයිබලය හෙවත් දෙවියන් වහන්සේගේ වචනය සත්‍ය බවට සනාථ කරන්නාවූ එක් නිදසුනකි.”

    ඉහත කරුණු සනාථ කිරීම සඳහා එම සටහනේම ඡායාරූප හතරක්ද පහත පරිදි දක්වා තිබුණේ කැණීම් වලට සම්බන්ධ ඡායාරූප යැයි සඳහන් කරමින්

    Facebook LinkArchived Link

    බැලූ බැල්මටම නමුත් මෙකී සිද්ධීන් විශ්වාස කිරීමට මදක් අපහසු බැවින්, අප විසින් මේ පිළිබඳ සත්‍ය කරුණු විමර්ශනය කිරීමට අදහස් කළෙමු

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳව සත්‍ය තොරතුරු විමර්ශන කිරීම සඳහා සරල Google Reverse Image සෙවුමක් සිදුකරන ලද අතර එහිදී පැහැදිලි වුයේ මෙම ඡායාරූපය 2010 වසරේ සිට අවස්ථා ගණනාවකදී භාවිතා වී තිබු බවයි.

    මෙම ඡායාරූපය යොදාගෙන තිබු එබඳු මුල්ම ලිපියක දක්වා තිබු විස්තරයේ සිංහල පරිවර්තනය මෙලෙසින්. “මීටර් 24 ක් දිග ඇටසැකිල්ලක් වන මෙම යෝධයා කිසිදු පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් නොවේ, එය ඉතාලි චිත්‍ර ශිල්පියෙකු වන ගිනෝ ඩි ඩොමිනිසිස් විසින් නිර්මාණය කරන ලද කලා කෘතියකි. කිසියම් හේතුවක් මත එම චිත්‍ර ශිල්පියා මෙම නිර්මාණය “කැලමිටා කොස්මිකා” ලෙස නම් කිරීමට තීරණය කරණ ලදී (එහි අර්ථය කොස්මික් චුම්බක). එහි දිගු නාසය හැරුණු විට ඇටසැකිල්ල හෝමෝ සේපියන්ස් හි නිවැරදිව පරිමාණයට සිදුකරන ලද විශාල අනුරුවකි. මෙම යෝධයා ප්‍රථම වරට එළිදක්වනු ලැබුවේ 1990 වසරේ ප්‍රංශයේදීය..”

    armchairtravelogue.blogspot Archived Linkatlasobscura.com article about giant skeletonArchived Link

    එලෙසම දෙවන ප්‍රකාශයට සම්බන්ධ වූ ඡායාරූප අතරින් ඡායාරූප දෙකක්ම designcrowd යන ආයතනය මගින් පවත්වාගෙන ගිය තරගයක් සඳහා යොදා ගැනුණු නිර්මාණ දෙකක් බව අපට සොයාගන්නට හැකිවිය.

    designcrowd.com linkArchived Link

    ඉතිරි ඡායාරූපය පිළිබඳව ද පෙර පරිදි ම සරළ google reverse image සෙවුමක් හරහා තොරතුරු සොයා බැලීමේදී මෙය සාවද්‍ය පුවතක් බව මීට පෙර කිහිප අවස්ථාවකදීම වාර්තා වී ඇති බව දක්නට ලැබුණි.

    ගොලියත් ඇටසැකිල්ලක් පිළිබඳ අදහස මුලින්ම “Weekly World News” යන ටැබ්ලොයිඩ් පුවත්පතේ 1993 ජුනි කලාපයේ යෝධයාගේ හිස් කබල කැටපෝල පහරින් තුවාල වී ඇති අන්දම ව්‍යාජ ලෙස පෙන්වමින් දර්ශන පෙළක් පළවී ඇති අතර ඉන්පසුවද මෙම මතය සනාථ කිරීමට ව්‍යාජ පුරාවිද්‍යා සටහන් ඉදිරිපත් කර තිබු බවද වාර්තා වී තිබු බව මීට පෙර සිදුකරන ලද සත්‍ය කරුණු විමර්ශනයකදී ද දැක ගැනීමට හැකිවුණි. එම සම්පුර්ණ වාර්තාව පහත පරිදිය.

    Snopes Fact CheckArchived Link

    අවසාන නිගමනය

    මේ අනුව අපගේ විමර්ශනවලින් පහදිලි වන්නේ “ඇමරිකාවේ ඒරියා 51 හි මෙතෙක් රහසිගතව සඟවා ගෙන පර්යේෂණ සිදුකල බුලතා යෝධයාගේ ඇටසැකිල්ල මහජන ප්‍රදර්ශනයට විවෘත කරයි” යනුවෙන් සඳහන් කරන  ලද ප්‍රකාශය සහ ඩේවිඩ් – ගොලියත් පිළිබඳව පෙන්වා දී තිබෙන සියල්ලක්ම සම්පුර්ණයෙන්ම සාවද්‍යයි. 

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:බුලතා යෝධයාගේ ඇටසැකිල්ල මහජන ප්‍රදර්ශනයට ?

    Fact Check By: Sathyajith Subasinghe 

    Result: False

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.