Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලොව මෝඩම ඡන්ද දායකයින් සිටින්නේ ලංකාවේද ?

    2020-08-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකාවේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය පිලිබඳ බොහෝ කතිකාවන්හිදී ඉස්මතු වෙන කරුණක්. මේ ඇසුරින් විවිධ සටහන් ද විශේෂයෙන්ම මැතිවරණ උණුසුමක් ඇති සමයන්හි දැකගන්නට ලැබෙනවා. එසේ ජාත්‍යන්තර පුවත්පතක ප

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ලංකාවේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය පිලිබඳ බොහෝ කතිකාවන්හිදී ඉස්මතු වෙන කරුණක්. මේ ඇසුරින් විවිධ සටහන් ද විශේෂයෙන්ම මැතිවරණ උණුසුමක් ඇති සමයන්හි දැකගන්නට ලැබෙනවා. එසේ ජාත්‍යන්තර පුවත්පතක පළවූ පුවතක් ලෙස හඟවමින් පළවූ පුවතක් සත්‍ය කරුණු අප විමසා බැලුවේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන්

    “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයි” යනුවෙන් Boston Globe පුවත්පතේ මුල් පිටුවක පළවූ ආකාරයෙන් සකසා තිබු සටහනක් පහතින්

    Facebook Link | Archived Link

    WhatsApp හරහාද මෙම පුවත කලින් කලට උපහාසාත්මක කෝණයෙන් බොහෝ දෙනෙකු අතර හුවමාරු වෙනු දක්නට ලැබෙනවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    බැලු බැල්මටම සංස්කරණයක ස්වරුපයක් ගන්නා ඉහත සටහන්හි සඳහන් පරිදි ඇත්ත වශයෙන්ම ලොව මෝඩම චන්ද දායකයින් පිලිබඳ ශ්‍රේණිගත කිරීමක් සිදුව ඇත්ද යන්න පරික්ෂා කිරීම සඳහා අප සරල ගූගල් සෙවුමක් (Google Search) සිදුකළ ද එවැනි ආකාරයේ ශ්‍රේණිගත කිරීමක් නොමැති බව පැහැදිලි විය .

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය (MSM) මෙම පුවත වාර්තාකර තිබේදැයි දැනගැනීමට අප ගූගල් නිව්ස් (Google News) සෙවුම යොදාගත්තා. එහෙත් එහිද අපට මේ සම්බන්දව කිසිඳු පුවතක් සොයාගැනීමට ද නොහැකි විය.

    පසුව ගූගල් රිවර්ස් ඉමේජ් (Google Reverse Image) සෙවුම හරහා හුවමාරුවන ඡායරූපය නිරීක්ශණය කළ අතර එහිදී එම ඡායරූපයේ සැබෑ තොරතුරු සොයාගැනීමට හැකි වුණි. ඒ අනුව එම ඡායරූපය බොස්ටන් ග්ලෝබ් පුවත්පතේ 2018 අගෝස්තු මස 16 දින මුල් පිටුව බවත්, “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයි” යනුවෙන් කිසිඳු පුවතක් එහි නොමැති බවත් පැහැදිලි වේ . 

    හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් විරෝධී කතුවැකියෙන් පසු බොස්ටන් ග්ලෝබ් පුවත්පත වෙත එල්ල වී තිබු තර්ජන සම්බන්ධ පුවතක් එහි ඇති බව තවදුරටත් සොයා බැලීමේදී පැහැදිලි වේ. Archived  

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සංස්කරණය කරන ලද Boston Globe පුවත්පතේ මුල් පිටුවේ සහ එම සටහනේ දැක්වෙන දිනයේදී Boston සත්‍ය පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූප සංසන්දනය පහතින්.

    මෙසේ හුවමාරු වෙමින් පැවති සාවද්‍ය සටහන පිළිබඳව ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පෙබරවාරි මාසයේදී පළකර තිබු සටහනක් මෙලෙසිනි.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ  “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයි” යනුවෙන් සමාජ ජාල තුල හුවමාරුවන පුවත ව්‍යාජ සංස්කරණයක් බවයි. බොස්ටන් ග්ලෝබ් පුවත්පතේ 2018 අගෝස්තු මස 16 දින මුල් පිටුවේ සේයාරුවක් යොදාගනිමින් ඉහත සංස්කරණය සිදුකොට තිබේ. එසේම “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට” යනුවෙන් ශ්‍රේණිගත කිරීමක් සිදුවී නොමැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.