Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කුමාර් සංගක්කාර එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක් නැත

    2019-09-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර්  සංගක්කාර ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇති බවට හැඟෙන ඡායාරූපයක් සහිත ප‍්‍රවෘත්තියක් සැප්තැම්බර් 2 වනදා සිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය. අනුගාමිකයන් (followers) 22,000 පමණ සිටින Si

    ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර්  සංගක්කාර ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇති බවට හැඟෙන ඡායාරූපයක් සහිත ප‍්‍රවෘත්තියක් සැප්තැම්බර් 2 වනදා සිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය.

    අනුගාමිකයන් (followers) 22,000 පමණ සිටින Sirikotha Mandiraya ෆේස්බුක් පිටුව හරහා කුමාර්  සංගක්කාර දේශපාලනයට එකතුවන බවට හැඟෙන ඡායාරූපයක්  පළකර තිබුනා. පසුව සමාජ මාධ්‍ය හරහාද මෙම පුවත හුවමාරු විය.

    එහි වැඩි දුරත් මෙසේ සඳහන්ව තිබුනා.

    “ සිංහල බෞද්ධ ජාතිවාදය පරදා සාධාරණ සමාජයක් වෙනුවෙන් වෙනසක් කිරීමට සූදානම් ඔහු… නීතීඥ කුමාර සංගක්කාර. රටේ අනාගත බලාපොරොත්තුව ”
    මීට පෙරද අවස්ථා කිහිපයකදීම  කුමාර්  සංගක්කාර දේශපාලනයට පිවිසෙන බවටත් , ජනාධිපතිවරණයට තරඟ කරන බවට පුවත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය.

    Facebook  PostArchived Link
    Facebook  PostArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර්  සංගක්කාර දේශපාලනයට එකතුවන බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පුවත් සාවද්‍ය බව ඔහු පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබුනේ දේශපාලනයට පිවිසීමට තමාගේ කිසිඳු සූදානමක් නොමැති බවයි.

    ෆේස්බුක් පිටු හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය හරහා කුමාර්  සංගක්කාර දේශපාලනයට එකතුවන බවට හැඟෙන ඡයාරූපයක් සහිත ප‍්‍රවෘත්තියක් සැප්තැම්බර් 2 වනදා සිට හුවමාරු විය.

    සැප්තැම්බර් 3 වනදා කුමාර්  සංගක්කාර තම නිල ෆේස්බුක් සහ ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ තමා දේශපාලනයට එකතුවන බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය පුවත් සත්‍යයෙන් තොර බවයි.

    Offical Twitter  PostArchived Link
    Facebook  PostArchived Link

    කුමාර් සංගක්කාරගේ මෙම පැහැදිලි කිරීම වෙබ් අඩවියක් ඔස්සේද මෙසේ පළ කර තිබුණි. ( Neth Gossip)

    මීට පෙරද අවස්ථා කිහිපයකදීම (2018)  කුමාර්  සංගක්කාර දේශපාලනයට පිවිසෙන බවටත් , ජනාධිපතිවරණයට තරඟ කරන බවට පුවත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය. ඒ සෑම අවස්තවකදීම ඔහු එම අසත්‍ය පුවත් ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ නිකුත් කරනු ලැබුවා.

    2018 Dailymirror  PostArchived Link

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර දේශපාලනයට එකතුවන බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය මෙම දිනවල පළවන පුවත් සත්‍යයෙන් තොර බව බවයි. 

    ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබුනේ දේශපාලනයට පිවිසීමට තමාගේ කිසිඳු සූදානමක් නොමැති බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:කුමාර් සංගක්කාර එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක්?

    Fact Check By: Sathyajith Subasinghe 

    Result: False

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-09-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.