Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    තරුණ පෙම්වතිය සියදිවි හානි කරගත්තා යැයි පළවෙන ඡායාරූප සැබවින්ම ඇගේ ඡායාරූප ද?

    2019-09-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගියදා තරුණ පෙම්වතුන් දෙදෙනෙකුගේ පුද්ගලික වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ සෙයින් ප්‍රචාරය වී තිබෙනු දක්නට ලැබුණා. මෙම යුවළ මෙලෙසින් හැසිරීම පිළිබඳව විවිධ පාර්ශවයන්ගේ අදහස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දක්නට ලැබුණා.  මෙලෙස පළවූ සටහන් මගින් දක්වා තිබුණේ ම

    පසුගියදා තරුණ පෙම්වතුන් දෙදෙනෙකුගේ පුද්ගලික වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ සෙයින් ප්‍රචාරය වී තිබෙනු දක්නට ලැබුණා. මෙම යුවළ මෙලෙසින් හැසිරීම පිළිබඳව විවිධ පාර්ශවයන්ගේ අදහස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දක්නට ලැබුණා.  මෙලෙස පළවූ සටහන් මගින් දක්වා තිබුණේ මෙම වීඩියෝවේ පෙනී සිටින දැරිය මින් පසුව සමාජයට කෙසේ මුහුණ දෙන්නේ ද යනුවෙනි

    මෙම පසුබිම මත ඊයේ (13) සවස් භාගයේ සිට ෆේස්බුක් හරහා ඉහත වීඩියෝවේ පෙනී සිටි දැරිය සියදිවි හානි කරගෙන ඇති බව දක්වමින් පුවත් බොහොමයක්ම හුවමාරු වෙනු දක්නට ලැබුණා.   එබඳු පුවත් කිහිපයක් පහත පරිදි වේ.

    “තනි තරුව” යන ෆේස්බුක් ගිණුම විසින් තරුණියගේ මෙලොවින් සමු ගැනීමට සම්බන්ධ පුවතට අදාළ ඡායාරූප එකතුවක් ද පළ කර තිබූ අතර මේ වන විට එය තම ගිණුමෙන් ඉවත් කරගෙන ඇත.

    Mxs Madushanka යන අයෙකු විසින් ඇයට නිවන් සුව ප්‍රර්ථනා කරමින් මෙලෙසින් සටහනක් තබා තිබෙනු දක්නට ලැබුණා.

    Facebook LinkArchived Link

    එලෙසින්ම “ඩේවිඩ් බිල්ලා” යන අයකු විසින් තම ෆේස්බුක් ගිණුමේ ඇගේ මරණය පිළිබඳ තොරතුරු මෙසේ සඳහන් කර තිබුණා. “මෙන්න බන් අර කෙල්ලයි ,කොල්ලයි ලැජ්ජාව උහුල ගන්න බැරුව,දෙමව්පියන්ට මුහුන දෙන්න බැරුව අද දවල් කෝච්චියට පැනල….”

    Facebook PostArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත ප්‍රකාශ පිළිබඳව තොරතුරු විමසා බැලීමේදී මුල් සටහනේ දක්වා තිබූ ඡායාරූප එකතුවට සම්බන්ධ සටහන් බොහොමයක් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. මෙලෙසින් පළවන ඡායාරූප එකතුවෙන් එක් ඡායාරූපයක් තමන්ගේ පෙම්වතියගේ ඡායාරූපයක් බව පවසා එම ඡායාරූපය ඉවත් කරන මෙන් ඉල්ලීමක් Vishwa Arthanayake යන අයෙකු සටහනක් එක් කර තිබුණේ මෙලෙසිනි.

    Facebook PostArchived Link

    සරල ගූගල් සෙවුමක් මගින් මේ ඡායාරූපය පිලිබඳව විස්තර සෙවීමේදී මෙම මරණය මීට මාස කිහිපයකට පෙර සිදු වූවක් බව දැන ගැනීමට ලැබුණි . උපේක්ෂි වික්‍රමතිලක නම් වූ මෙම තරුණිය වකුගඩු ආබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එහිදී වැදි වැඩිදුරටත් සඳහන් වේ. එම සම්පූර්ණ සටහන මෙලෙසිනි

    Mxs Madushanka යන අයෙකු විසින් දක්වා තිබූ සටහනට අදාළ ඡායාරූප ඉහත පරිදිම සරල ගූගල් සෙවුමක් හරහා පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ එම ඡායාරූප ද මීට ප්‍රථමයෙන් මෙබඳුම සාවද්‍ය මරණ සටහනක් සඳහා යොදාගෙන තිබූ බවයි.  එම සම්පූර්ණ සටහන මෙලෙසිනි

    මෙලෙසින්ම “ඩේවිඩ් බිල්ලා” යන අයගේ  ප්‍රකාශයට සම්බන්ධ ඡායාරූපක් ගූගල් සෙවුමක් හරහා පරීක්ෂා කිරීමේදී 2017 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදු වූ කථිකාචාර්යවරියෙකුගේ මරණය හා සබැඳි ඡායාරූපයක් බව පෙනී යයි. එම සම්පුරිණ වාර්තාව මෙලෙසිනි

    අවසාන නිගමනය

    අපගේ විමර්ශන වලින් පැහැදිලි වන්නේ ඉහත ප්‍රකාශ සියල්ලක් සඳහාම යොදාගෙන ඇති ඡායාරූප මීට පෙර අවස්ථාවන්හිදී අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප බවයි.  තවද පළමු ප්‍රකාශයට සම්බන්ධ එක් ඡායාරූපයක් මීට මාස කීපයකට පෙර මෙලොවින් තුරන් වූ උපේක්ෂි වික්‍රමතිලක යන අයගේ බව ඇගේ පෙම්වතාගේ ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කිරීමත් සමගම,  සමඟම ඒ හා සබැඳි බොහොමයක් ෆේස්බුක් සටහන් මේ වනවිට ඉවත්කරගෙන ඇත. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-09-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.