Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මෙවර ජනාධිපතිවරණ සටනේ දී සුසන්ත පුංචිනිලමේ මහතාගේ සහය එක්සත් ජාතික පක්ෂයට ද?

    2019-10-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සංවිධානයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් දැනුම් දීමට දින කිහිපයකට පෙර සිටම, එක්සත් ජනතා නිදහස් සංධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා ඔහුට සහයෝගය දීමට කැමැත

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සංවිධානයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් දැනුම් දීමට දින කිහිපයකට පෙර සිටම, එක්සත් ජනතා නිදහස් සංධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා ඔහුට සහයෝගය දීමට කැමැත්ත පළකර ඇතැයි යනුවෙන් සටහන් කිහිපයක්ම සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් පැතිරී යනු දැකගන්නට ලැබුණා.

    මෙලෙසින් විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ අගභාගයේ දී පළ වී තිබූ සටහන් කිහිපයක් පහත පරිදිය. එබඳු එක සටහනක දක්වා තිබුනේ “ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ එ.ජා.ප. යට...” යනුවෙනි.

    Facebook LinkArchived Link

    තවත් එබඳුම සටහනකින් වෙබ් අඩවියක පළවූ ලිපියක් උපුටා දක්වමින් සඳහන් කර තිබුනේ “ ප්‍රේප්‍රේමදාස යුගය පිහිටුවීමට පරාළ ඇණත් රැගෙන පුංචිනිලමේත් එයි !” ලෙසින් මෙම පුවත දක්වා තිබුණි.

    Facebook LinkArchived Link

    ට්විටර් පණිවුඩ ඔස්සේද මෙම පුවත පතිරී ගොස් තිබුනේ මෙලෙසිනි.

    Twitter LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනය කිරීමට අප සුසන්ත පුංචිනිලමේ මහතාගේ නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් පරීක්ෂා කළඅතර එහිදී දැක ගන්නට ලැබුණේ පසුගිය සැප්තැම්බර් 30 වැනිදා තම ෆේස්බුක් පිටුව හරහා මෙසේ සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව දන්වමින් ලිපියක්, එතුමා විසින් නිකුත් කර ඇති බවයි.

    පාර්ලිමේන්තු ලිපි ශීර්ෂක සටහන් කර තිබු එම ලිපිය මගින් තවදුරටත් කරුණු දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ, “මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කැදවුම්කරු ලෙස කටයුතු කරන්නේද තමා” බවයි.

    “මෙවැනි වාතාවරණයක් තුළ වෙනත් පක්ෂයක අපේක්ෂකයකු වෙනුවෙන් පෙනී සිටීමක් හෝ කුමන ආකාරයක හෝ සහය පළකිරීමක් මගෙන් සිදු නොවන අතර සාවද්‍ය ලෙස පළවන එවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස තිකුණාමලය දිස්ත්‍රික්කය ඇතුළු උතුරු හා නැගෙනහිර පළාත් ප්‍රමුඛ සකල ශ්‍රී ලංකා වාසීන්ගෙන් ඉල්ලා සිටීමටද මෙය අවස්ථාවක් කරගනිමි” යනුවෙන් ද සඳහන් වූ තිබූ එම ලිපියේ සම්පූර්ණ විස්තරය පහත පරිදිය.

    https://www.facebook.com/Punchinilame/posts/2327779034153604
    Susantha Punchinilamge FB Page StatementArchived Link

    සුසන්ත පුංචිනිලමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ දිනයේ දී (02) ත්‍රිකුණාමලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කරුණු වැඩිදුරටත් තහවුරු කරමින් පවසා සිටියේ තමා හට මේ වන තුරුත් එක්සත් ජාතික පක්ෂයට එකතුවීමට කිසිඳු ආරාධනයක් පෞද්ගලිකව හෝ ප්‍රසිද්ධියේ ලැබී නැති බවත් එසේ සම්බන්ධවීමට මෙතෙක් කිසිදු අදහසක් නොමැති බවත්ය.

    Ada Derana Web LinkArchived LinkVideo Link

    අවසාන නිගමනය

    එබැවින් අපගේ විමර්ශන වලින් පැහැදිලි වන්නේ “පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ එ.ජා.ප. යට” යනුවෙන් සහ ඒ හා සබැඳි සියලුම පුවත් සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවත් , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා මේ වන තෙක් එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට හෝ සජිත් ප්‍රේමදාස මතතාට මෙවර ජනාධිපතිවරණයේදී සහාය දැක්වීමට අදහස් කර නොමැති බවයි. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.