Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හදිසි නීතිය ඉවත් වීම නිසා, ශ්‍රී ලංකාවේ තහනම් කළ ත්‍රස්ත සංවිධාන සඳහා පනවා තිබූ තහනම අගෝස්තු 23 වනදා ඉවත් වීමකට ලක් වූවාද ?

    2019-08-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අප්‍රේල් මස 21 වන දින ශ්‍රී ලංකාවට එල්ල වූ බිහිසුණු සංවිධානාත්මක ත්‍රස්ත  ප්‍රහාරයත් සමඟම රට පුරා ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට  අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපතිතුමා ප්‍රකාශයට  පත් කළේ අප්‍රේල්  22 මධ්‍යම රාත්‍රිය සිටය. එතැන් පටන් ස

    අප්‍රේල් මස 21 වන දින ශ්‍රී ලංකාවට එල්ල වූ බිහිසුණු සංවිධානාත්මක ත්‍රස්ත  ප්‍රහාරයත් සමඟම රට පුරා ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට  අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපතිතුමා ප්‍රකාශයට  පත් කළේ අප්‍රේල්  22 මධ්‍යම රාත්‍රිය සිටය. එතැන් පටන් සෑම මසකම 22  වන  දින හදිසි නීති තත්වය දීර්ඝ කරන ලද අතර, අගෝස්තු මස 22 මධ්‍යම රාත්‍රියේ සිට,   රටේ පවතින සාමාන්‍ය වාතාවරණය සැලකිල්ලට ගනිමින්, හදිසි නීති තත්වය අහෝසි කිරීමට කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යංශය විසින් දැනුම් දෙන ලදී. 

    මෙම ප්‍රකශයත් සමඟම විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබෙනු දක්නට ලැබුණි. විශේෂයෙන්ම අගෝස්තු 24 වන දින සති අග අරුණ පුවත්පතේ පළව තිබූ පුවතක් නිසා සමාජ මාධ්‍ය මහත් කැළඹීමකට ලක් වුණා.’ හදිසි නීතිය ඉවත් වීම නිසා තව්හිත් ජමාත් (NTJ) සංවිධානය සහ අනෙකුත් අන්තවාදී සංවිධානයන්ට පනවා තිබූ තහනම ඉවත් වේ, යනුවෙන් මෙම පුවත පළකර තිබුණි. හදිසි නීතිය ඉවත් කිරීම නිසා දැනට රඳවා තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවන් සම්බන්ධයෙන් නීතිමය ගැටලු මතුවිය හැකි බවද මෙම පුවත මඟින් තවදුරටත් පෙන්වා තිබුණා.

    Web LinkArchived Epaper LinkArchived Link

    මෙම පුවත ශ්‍රී ලංකාවේ සමාජ ජාලා තුළ ඉතා සීග්‍රයෙන් හුවමාරු වීම ද දක්නට ලැබුණා. RZ Creations, හෙළබිම සිංහල පුවත් අඩවිය, FB කපුටා, යන ෆේස්බුක් පිටු හරහා මෙම පුවත පහත පරිදි සඳහන් කර තිබුණි.

    RZ Creations Facebook PostArchived Link
    Helabima News Facebook PostArchived Link
    FB කපුටා Facebook PostArchived Link

    මේ අතර දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දෙරණ අරුණ වැඩසටහන තුළදී ද මෙම පුවත්පතේ පළව තිබූ ලිපිය කියවනු ලැබුවා.

    Facebook Video LinkArchived Video

    දෙරණ රූපවාහිනියේ විකාශය වූ එම වැඩසටහන අතර ලබාගත් ඡායාරූප සහ වීඩියෝ පට ද අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීම ද සිදු වී තිබෙනු දක්නට ලැබුණා.

    Mahendra K. Hennadige Facebook Status Archived Link

    ට්විටර් ගිණුම් ඔස්සේ ද මෙම පුවත පළවී තිබෙනු දක්නට ලැබුණා @danindudilmina

    @danindudilmina Twitter PostArchived Post

    සමහර වෙබ් අඩවි පවා හදිසි නීතිය ඉවත් කිරීම නිසා තහනම් කළ ත්‍රස්තවාදී සංවිධාන තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බවට පුවත් පළ කර තිබු අතර, හදිසි නීතිය ඉවත් කිරීම නිසා දැනට රඳවා තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවන් සම්බන්ධයෙන් නීතිමය ගැටලු මතුවිය හැකි බවද සඳහන් කර තිබෙනු දක්නට ලැබුණා.

    Lanka Lead News Web LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ශ්‍රී ලංකා පොලිසිය මෙම වැරදි ප්‍රවෘත්තිය නිවැරදි කිරීම සඳහා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා. මෙහි දී ශ්‍රී ලංකා පොලීසිය පවසා සිටියේ මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවත්, ත්‍රස්ත සංවිධාන පිලිබඳ බලපවත්නා නීතිය සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව මෙම පුවත පළ කර ඇති බවත්ය.   

    තව්හිත් ජමාත් සංවිධානය ඇතුළු තවත් අන්තවාදී ත්‍රස්ත සංවිධාන දෙකක් තහනමට ලක් කළේ හදිසි නීතිය යටතේ නොව 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බැවින් හදිසි නීතිය අවලංගු වීම මඟින් ත්‍රස්ත විමර්ශන කටයුතු සඳහා එමඟින් කිසිදු බලපෑමක් නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසා සිටියා.  (අද දෙරණ)

    මෙහිදී තවදුරටත් කරුණු දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටින සියලූ සැකකරුවන් රඳවා සිටින්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ විධිවිධාන පනතේ තිබෙන නෛතික ප්‍රතිපාදන අනුව බවත්ය.

    මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ත්‍රස්තවාදී සංවිධාන තහනම හදිසි නීතිය ඉවත් කිරීම නිසා කිසිදු බලපෑමකට ලක් නොවන බවයි. (Web Link)

    ශ්‍රී ලංකා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 මැයි මස 13 වනදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් තව්හිත් ජමාත් සංවිධානය ඇතුළු තවත් ත්‍රස්ත සංවිධාන දෙකක් තහනම් කළ අතර, එසේ තහනම් කිරීමකට ලක් කළේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.  එබැවින් හදිසි නීතිය ඉවත් වීම නිසා මෙම සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් නොවේ.

    2019 මැයි මස 13 වැනි සඳුදා නිකුත් කරන ලද ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ (අති විශේෂ) ගැසට් පත‍්‍රයේ (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනත අනුවද ජාතික තව්හිද් ජමාත් සංවිධානය (NTJ) ඇතුලු සංවිධාන තහනම් කර ඇති බව පැහැදිලිය.

    තවදුරටත් මෙම තත්වය මත මහජන ආරක්ෂාව උදෙසා සියලුම පරිපාලන දිස්ත්‍රික්ක වෙනුවෙන් ක්‍රියාත්මක වන පරිදි සන්නද්ධ හමුදාව යෙදවීමට අති විශේෂ ගැසට් පත්‍රයක් ද ශ්‍රී ලංකා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 අගෝස්තු මස 23 වනදා නිකුත් කරන ලදි.

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ හදිසි නීතිය ඉවත් කර ඇති අතර එම හදිසි නීති ඉවත් කිරීම නිසා ත්‍රස්තවාදී සංවිධාන සඳහා පනවා තිබූ තහනම කිසිසේත් ඉවත් නොවන බවයි.   ජාතික තව්හීඩ් ජමාත් ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන සඳහා පනවා තිබූ තහනම තවදුරටත් ක්‍රියාත්මක වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-08-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.