Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact-Check :ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් ඇත

    2020-09-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලෝකයේ විශාලතම කොරල් පර පද්ධතිය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය (Great Barrier Reef) මියගොස් ඇතිබව නිල වශයෙන් ම ලොවට දැනුම් දුන් බව පවසමින් පුවත් සහ සටහන් (Posts) සමාජ ජාල තුල විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණා. තවදුරටත් එම සටහනෙහි දක

    ලෝකයේ විශාලතම කොරල් පර පද්ධතිය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය (Great Barrier Reef) මියගොස් ඇතිබව නිල වශයෙන් ම ලොවට දැනුම් දුන් බව පවසමින් පුවත් සහ සටහන් (Posts) සමාජ ජාල තුල විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණා. තවදුරටත් එම සටහනෙහි දක්වා ඇත්තේ, මිනිසා සහ කාලය විසින් ඝාතනය කළ විශාලතම ජීවියා එය බවයි.

    “ලොව විසූ විශාලතම ජීවීයා වූ මහා භාධක කොරල්පරය, නිල වශයෙන් මියගිය බව පිළිගන්න විට එය වසර මිලියන 25 ක ආයු කාලයක් ගෙවා තිබුණා. දූපත් 1,050 ක්, මසුන් හැර ජීවී වර්ග 1,625 ක්, මසුන් වර්ග 3000 ක් සඳහා වාසස්ථාන සැපයූ සැතපුම් 1,400 ක් විශාල කොරල්පරය, මින් මතු ජීවින් කිහිපදෙනෙකුට නිවසක් වශයෙන් පමණක් භාවිත කළ හැකි සැකිල්ලක් පමණයි. ලොව සිටින තල්මසුන් අතරින් වර්ග 30 ක් ම ජිවත් වුයේ මේ මහා බාධක කොරල් පරය ආසන්නයේයි. කොරල්පරයේ ජිවිය මත යැපුණු ජීවින් වර්ග 600 ක් පමණ මේ කොරල් පරයේ අවසානයත් සමඟ මෙලොවට සමුගෙන ඇත. කොරල්පරය මෙසේ මිය යාමට ප්‍රධාන හේතුව මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සමුද්‍රයට එකතු වීම මෙන් ම කර්මාන්තශාලා අපද්‍රව්‍ය බවයි මේ වනවිට හෙළි වී තිබෙන්නේ” යනුවෙන් එම සටහන හරහා පහත පරිදි තවදුරටත් කරුණු දක්වා තිබුණි.

    Facebook LinkArchived Link

    මහා බාධක කොරල් පරය මියගොස් ඇති බව පවසමින් මීට මාස කිහිපයකට කලින්ද ෆේස්බුක් හි පළවූ සටහනක් කිහිපයක් පහතින්.

    Facebook LinkArchived Link
    Facebook LinkArchived Link

    මහා බාධක කොරල් පරය මියගොස් ඇති බව පවසමින් ට්විටර් හරහාද සටහන් පළවී තිබුණේ මෙලෙසිනි

    Twitter LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    සමාජ ජාලා තවදුරත් පිරික්සීමේදී මෙම පුවත මීට වසර කිහිපයකට ප්‍රථම සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වී ඇති බව අපට දැකගන්නට ලැබුණා. මෙම පුවත 2016 වසරේදී සිටම සමාජ මාධ්‍ය හරහා මෙසේ හුවමාරු වී තිබෙනු දැක ගන්නට ලැබුණි

    2019 වසර තුළදී නැවත වරක් මෙම පුවත විශාල ලෙස හුවමාරු වී තිබෙනු දැක ගන්නට ලැබුණි

    2016 වසරේ “Outsideonline.com නැමති වෙබ් අඩවිය මහා බාධක කොරල් පරය මියගොස් ඇතිබව මරණ දැන්වීමක් සහිතව පහත දිස්වෙන අයුරින් සිදුකරන ලද වාර්තාවක් මුල් කරගෙන මෙලෙසින් ලොව පුරා ප්‍රචාරයක් ලැබීමට මුල් වන්නට ඇතැයිද අනුමාන කළ හැක. 

    Outsideonline.com LinkArchived Link

    පසුව ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පර සමුද්‍ර අධිකාරිය මගින් මෙම පුවත අසත්‍ය පුවතක් බව 2016  වසරේදී ප්‍රකාශ කර තිබුණු අතර සත්‍ය ගවේෂණය කරන වෙබ් අඩවි කිහිපයක් මගින් එම අවස්ථාවේදී මෙම පුවත අසත්‍යක් බව ප්‍රකාශ කර තිබුනේ මෙලෙසිනි 

    Snopes.com fact-check about great barrier reef in 2016Archived Link

    කොරල් පරයේ වර්තමාන තත්වය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ  මහා බාධක කොරල්පර සමුද්‍ර අධිකාරියෙන් පසුගියදා සිදු කළ ඊ-මේල් විමසීමකදී කියා සිටියේ එය මිය ගොස් නොමැති බවයි. කෙසේවෙතත්, ඔවුන් 2019 දී නිකුත් කළ වාර්තාවකට අනුව, කොරල්පරය දැඩි අවදානමකට ලක්ව ඇති බව සදහන්. තවදුරටත් එම වාර්තාව පවසන්නේ කොරල්පර සංරක්ෂණය කිරීමේ වැඩසටහන් බොහොමයක් මේ වන විටත් අරඹා ඇති බවයි.

    Web LinkArchived Link

    Update 2020: නැවත වරක් ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය මියගිය බවට සටහන් හුවමාරු වෙමින් පවතින බවක් අපට නිරීක්ෂණය විය. කොරල් පරයේ තත්වය පිලිබඳ පසුගිය අගෝස්තු මාසයේ පලකරන ලද නිල වාර්තාව මෙසේය. වීඩියෝ වාර්තාවක් පහතින්

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඕස්ට්‍රේලියාවේ  මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් නොමැති බවත් කොරල්පරය දැඩි අවදානමකට ලක්ව ඇති අතර ඕස්ට්‍රේලියාවේ  මහා බාධක කොරල්පර සමුද්‍ර අධිකාරිය මගින් එහි සංරක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවත්ය

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title: ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් ඇත

    Fact Check By: Sathyajith Subasinghe 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-09-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.