දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ලෝකයේ අංක 1 ස්ථානයට ශ්රේණිගත වී සිටින ශ්රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්රීඩක රුමේෂ් තරංග හංගේරියාවේ පැවැති තරඟාවලිය ජයගෙන මෙරටට පැමිණීමේදී ඔහුගේ වටිනා ක්රීඩා උපකරණ වන ජැවලින් 5ම බිඳී හානියට පත්වීමේ සිදුවීමක් වාර්තා විය. මේ සමඟම රුමේෂ්ගේ ක්රීඩා උපකරණ ගුවන් යානයට පැටවීමට පෙරම හානි වී තිබූ බව තුර්කි ගුවන් සේවය විසින් මෙරට ක්රීඩා නියෝජ්ය අමාත්යවරයාට දැනුම් දුන් බව ත්, දේශපාලන සම්බන්ධතා මත ඔහුගේ පුහුණුකරු වන ටෝනි ප්රසන්න මහතා විසින් මේවා හිතාමතාම කඩා දමා ඇති බවට ත්, දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ සමාජ මාධ්ය සටහනක් සංසරණය විය. මෙහි නිර්වද්යතාවය සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
මෙම සමාජ මාධ්ය සටහන මෙරට මාධ්ය ආයතනයක් වන සිරස News 1st හි නිල පුවත් ආකෘතියකින් පළ කළ පුවතක් ලෙසට දක්වමින් මෙම සටහන පළ විය.

Facebook | Archived Link Facebook | Archived Link

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ප්රධාන මාධ්ය ධාරා විසින් පුවතක් වාර්තා කර නැහැ
රුමේෂ් තරංගගේ ජැවලින් උපකරණ වලට සිදුවූ හානිය පිළිබඳ ජාත්යන්තර ප්රධාන මාධ්ය තුළ අවධානයක් යොමු වී ඇති වටපිටාවක මෙම සිදුවීම සම්බන්ධයෙන් තුර්කි ගුවන් සමාගම විසින් ඉහත පෙන්වා දෙන පරිදි මෙරට ක්රීඩා අමාත්යාංශයට දැනුම් දීමක් සිදු කළේ නම්, ඒ පිළිබඳ ප්රධාන මාධ්ය ධාරා මෙන් ම, ජාත්යන්තර මාධ්ය ධාරා වල ද, වාර්තා වනු ඇත. නමුත් එවැනි පුවතක් අපට දැක ගන්නට නොලැබුණි.
News 1st හි එවැනි පුවතක් පළ නොමැති බව එම නිල ෆේස්බුක් පිටුව හරහා කළ පරීක්ෂාවේදී නිරීක්ෂනය විය. එමෙන් ම එහි කළමණාකරු විසින් ද, තහවුරු කළේ, මෙය ඔවුන්ගේ නිල ආකෘතිය ව්යාජ ලෙස අනුකරණය කරමින් සිදු කරන ලද ව්යාජ සටහනක් බව ත්, ඔවුන් විසින් මෙවැනි පුවතක් පළ කර නොමැති බව ත්ය.
ක්රීඩා නියෝජ්ය අමාත්ය
ක්රීඩා අමාත්යාංශයේ මාධ්ය ලේකම්වරයාගෙන් අප ඉහත සිදුවීම සම්බන්ධයෙන් විමසීමක් කරනු ලැබුවා.
ඔහු සඳහන් කළේ, තුර්කි ගුවන් සේවය විසින් රුමේෂ්ගේ පුහුණුකරු ටෝනි ප්රසන්න විසින් ජැවලින් හෝ ඒවායේ කොටස් ගුවන් යානයට පැටවීමට පෙර කැඩූ හෝ හානි කළ බවට ක්රීඩා අමාත්යාංශයට හෝ ගුවන් සේවා බලධාරීන්ට කිසිදු අවස්ථාවක දැනුම් දී නොමැති බව ත්, පුහුණුකරු ප්රසන්න තහවුරු කර ඇත්තේ ජැවලින් පහම කිසිදු හානියකින් තොරව ආරක්ෂිතව ගුවන් යානයට භාර දුන් බවයි.
නියෝජ්ය අමාත්ය සුගත් තිලකරත්න මහතා විසින් ගුවන් සමාගම එවැනි දැනුම්දීමක් ක්රීඩා අමාත්යාංශයට සිදු කළ බවට කිසිදු ප්රකාශයක් කර නොමැති අතර නියෝජ්ය අමාත්යවරයා හෝ අමාත්යාංශ නිලධාරීන් එවැනි ප්රකාශයක් සිදු කළ බවට පළ වන ඕනෑම උපුටා දැක්වීමක් හෝ මාධ්ය වාර්තාවක් ව්යාජ බව අමාත්යාංශය පවසයි.
සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශය විසින් ගමන් මලු හැසිරවීමේදී සිදුවූ බව කියන නොසැලකිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තුර්කි ගුවන් සේවය සමඟ නිල වශයෙන් කටයුතු කරමින් සිටින බව ත්, එමෙන්ම වන්දි ලබාගැනීමේ ක්රියාවලියද සිදු කෙරෙමින් පවතී. රුමේෂ්ගේ ඉදිරි ආසියානු ක්රීඩා උළෙලේ පුහුණුවට බාධාවක් නොවන පරිදි හානියට පත් වූ ප්රමිතියෙන් යුත් ජැවලින් වෙනුවට නව ජැවලින් රජයේ වියදමින් ලබාදීමට තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශය කටයුතු කරමින් සිටින බව ත්, ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරනු ලැබීය.
ක්රීඩක රුමේෂ් සහ ඔහුගේ ක්රීඩා පුහුණුකරු
පුහුණුකරු ටෝනි ප්රසන්න මහතා අප කළ විමසීමේදී මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරමින් තහවුළේ, ජැවලින් පහම කිසිදු හානියකින් තොරව ඉතාමත් සුරක්ෂිතව ගුවන් තොටුපළේදී ගුවන් යානයට භාර දුන් බවයි. මෙම සිදුවීම් දේශපාලනීය කරණය කරමින් අසත්ය තොරතුරු පැතිරවීමට උත්සහ කරන බවයි ඔහු සඳහන් කළේ. එමෙන් ම තමන් රුමේෂ් තරංගගේ පුහුණුකරු වශයෙන් ඔහුට හොඳින් පුහුණුව ලබා දී ඔහුට අවශ්ය මග පෙන්වීම සිදු කරන බව ත්, නමුත් මෙවැනි තොරතුරු මගින් රුමේෂ්ගේ හැකියාව ඇගයීම, කණ්ඩායමක් වශයෙන් ඔවුන්ගේ කැපවීම අගය කරනවා වෙනුවට ප්රතිරූපයට හානි කිරීමට සිදු කරන මෙවැනි ව්යාජ සටහන් නිර්මාණය කරන බවයි ඔහු පවසා සිටියේ.
එමෙන්ම ක්රීඩක රුමේෂ් තරංගද, තහවුරු කළේ, සමාජ මාධ්ය ඔස්සේ පළවන සටහන් අසත්ය බව ත්, ජැවලින් උපකරණ සියල්ලම හොඳ තත්ත්වයෙන් ගුවන් සමාගමට භාර දුන් බවයි.
සිදුවීමේ පසුබිම
රුමේෂ් තරංග විසින් සිය Facebook ගිණුමේ පළ කරන ලද සටහනක් හරහා ඔහුට අයත් ජැවලින් ක්රීඩා උපකරණවලට හානි සිදුව ඇති බවට තොරතුරු ප්රථමයෙන් අනාවරණය විය. එම සටහන මගින් ජැවලින් උපකරණ මෙසේ හානි වූයේ තුර්කි ගුවන් සේවයේ නොසැලකිලිමත්කම හේතුවෙන් බවට ද, හඟවා තිබුණේ, උපහාසාත්මක ලෙසින් ඔවුන්ට ස්තූතිය පළ කරමින්.
ඔහු හංගේරියාවේ සිට ඉස්තාන්බුල් හරහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ තුර්කි ගුවන් සේවයට (Flight TK730) අයත් යානයකිනි. කෙසේ වෙතත්, ලංකාවට පැමිණ ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී, ඔහු තරග සඳහා භාවිත කළ සහ මීටර් 92කට වඩා දුරක් විසි කර වාර්තා තබා තිබූ වටිනා ජැවලින් (හෙල්ල) 5ම සම්පූර්ණයෙන්ම බිඳී දැඩි ලෙස හානියට පත්ව ඇති බව අනාවරණය විය. මේ පිළිබඳව රුමේෂ් තරංග විසින් ගුවන් තොටුපළේදී නිල පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
ගුවන් ගමන අතරතුර (Transit කාලයේදී) ගුවන් සමාගමේ ඇති වූ කිසියම් අතපසුවීමක් හෝ නොසැලකිලිමත් භාණ්ඩ හැසිරවීමක් හේතුවෙන් මෙම හානිය සිදුව ඇති බවට සැක කෙරේ. මේ සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්රධානත්වයෙන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් තුර්කි ගුවන් සමාගමේ නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
එම සාකච්ඡාවේදී තුර්කි ගුවන් සේවා නියෝජිතයන් මෙම සිදුවීම පිළිබඳව තමන්ගේ කනගාටුව නිල වශයෙන් පළ කර ඇති බව ත්, මෙම හානිය සිදු වූ ආකාරය පිළිබඳව ආයතනික මට්ටමින් අභ්යන්තර පරීක්ෂණයක් පවත්වන බවට සහ හානිය කඩිනමින් තක්සේරු කර ප්රමාදයකින් තොරව ක්රීඩකයාට සම්පූර්ණ වන්දි මුදලක් ගෙවීමට තුර්කි ගුවන් සේවය මෙම සිද්ධිය සම්බන්ධයෙන් Turkish Airlines නියෝජිතයින් සමග පසුගිය 15 වන දා සිවිල් ගුවන් සේවා අධිකාරී පරිශ්රයේදී පැවත්වූ සාකච්ඡාවකදී ඔවුන් සහතික වී තිබේ.
කෙසේවෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්රීඩා උළෙල (Asian Games 2026) සඳහා රුමේෂ් තරංග සහභාගී වීමට නියමිත බැවින්, මෙම උපකරණ බිඳී යාම ඔහුගේ පුහුණුවීම්වලට දැඩි බාධාවක් වී තිබේ. මේ හේතුවෙන් වහාම ක්රියාත්මක වූ ක්රීඩා අමාත්යාංශය, රුමේෂ්ගේ පුහුණුවීම් අඩාල වීමට නොදී ඔහුගේ ඔලිම්පික් සහ ජාත්යන්තර පදක්කම් සිහිනය වෙනුවෙන් රජයේ සම්පූර්ණ වියදමින් ජාත්යන්තර ප්රමිතියෙන් යුත් නව හෙල්ල කට්ටලයක් කඩිනමින් මිලදී දීමට පියවර ගන්නා බව සහතික කර ඇත.
රුමේෂ් තරංග සතු අසිරිමත් දක්ෂතාවය සහ ජාත්යන්තර පදක්කම්
රුමේෂ් තරංග යනු වයස අවුරුදු 23ක් වන විට ලෝක ජැවලින් ඉතිහාසයේ ශ්රී ලංකා නාමය ඉහළින්ම තැබූ සුවිශේෂී දක්ෂතාවලින් හෙබි ක්රීඩකයෙකි. ඔහුගේ ප්රධානතම ජයග්රහණ මෙසේය.
- World Athletics Ultimate Championship රන් පදක්කම (2026 – බුඩාපෙස්ට්): මීටර් 91.09ක දක්ෂතාවයක් දක්වමින් එහි සමාරම්භක ශූරතාවය දිනාගන්නා ලදී.
- Diamond League ශූරයා (2026): ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟය (Brussels) ජයගනිමින් ඩයමන්ඩ් ලීග් කුසලානයක් දිනූ පළමු ශ්රී ලාංකිකයා බවට පත්විය. රෝමයේදී මීටර් 92.62ක නව ජාතික වාර්තාවක්ද තැබීය.
- පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල (Commonwealth Games) රන් පදක්කම (2026 – ග්ලාස්ගෝ): ඉන්දියාවේ නීරාජ් චොප්රා පරදවමින් රන් පදක්කම දිනාගන්නා ලදී.
- Asian Throwing Championship රන් පදක්කම (2025): මීටර් 82.05ක දක්ෂතාවයක් සමඟින් ආසියානු විසි කිරීමේ ශූරතාවලියේ රන් පදක්කම දිනාගන්නා ලදී.
- South Asian Athletics Championship රන් පදක්කම (2025): නව තරඟ වාර්තාවක් (මීටර් 84.29) පිහිටුවමින් රන් පදක්කම දිනාගත් අතර එම තරඟාවලියේ දක්ෂතම ක්රීඩකයා විය.
- ලෝක මලල ක්රීඩා ශූරතාවලිය (Tokyo 2025): එහි අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා 7 වැනි ස්ථානය දිනාගනිමින් ලෝක මලල ක්රීඩා ශූරතාවලියක අවසන් මහා තරඟයකට පිවිසි පළමු ශ්රී ලාංකික පිරිමි ක්රීඩකයා බවට පත්විය
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
ජැවලින් ක්රීඩක රුමේෂ් තරංගගේ ජැවලින් කට්ටලයට හානි සිදුව ඇත්තේ ගුවන් ගමන් සංක්රමණ පියවරේදී මිස ඔහුගේ පුහුණුකරු විසින් නොවේ. ශ්රී ලංකාවට අතිමහත් කීර්තියක් අත්කර දුන් මෙම විශිෂ්ට ක්රීඩකයාගේ පුහුණුකරු අපකීර්තියට පත් කිරීමේ සහ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් News 1st හි පුවත් ආකෘතියට ව්යාජ ලෙස සකස් කරමින් මෙම අසත්ය සටහන් නිර්මාණය කර තිබේ.



