Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගිනිගන්නා කඳුවැටියක් දෙස කාන්තාවක් විමතියෙන් බලා සිටිනා දර්ශනය 2019 අගෝස්තු මස සිදුවූ ඇල්ල රක්ෂිතයේ ලැව් ගින්න හා සම්බන්ධ ඡායාරූපක්ද?

    2019-08-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අගෝස්තු 22 සවස් කාලයේ සිට ඇල්ල සහ ඇල්ල රොක් නමින් හඳුන්වන ප්‍රදේශයේ ලැව් ගින්නක් පැතිර යමින් පැවති බවට වාර්තා බොහොමයක් පළවී තිබෙනු දක්නට ලැබුණා. ඒ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මගින් තහවුරු කර ගන්නා ලදි.  ලෝකයේ  පෙනහැල්ල ලෙස සැලකෙන බ්‍රසීලයේ ඇමසන් රක

    Ella fire 2019 false image

    අගෝස්තු 22 සවස් කාලයේ සිට ඇල්ල සහ ඇල්ල රොක් නමින් හඳුන්වන ප්‍රදේශයේ ලැව් ගින්නක් පැතිර යමින් පැවති බවට වාර්තා බොහොමයක් පළවී තිබෙනු දක්නට ලැබුණා. ඒ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මගින් තහවුරු කර ගන්නා ලදි.

     ලෝකයේ  පෙනහැල්ල ලෙස සැලකෙන බ්‍රසීලයේ ඇමසන් රක්ෂිතයේ සිදු  වෙමින් පවතින ගින්න හා සමකාලීනව මෙම ගිනි ගැනීම සිදුවීම හේතුවෙන් බොහෝ පාර්ශවයන්ගේ වැඩිපුර අවධානය මේ සඳහා යොමු වී තිබෙනු දක්නට ලැබුණා. සමාජ මාධ්‍ය තුළ ද මෙම ප්‍රවෘත්තිය හා සබැඳි ඡායාරූප විශාල ලෙස හුවමාරු වෙමින් තිබෙනු ද දක්නට ලැබුණි.

    Facebook PostArchived Link

    Ceylon News Factory මඟින් පළ කරන ලද ෆේස්බුක් පෝස්ටුව “රාවණා ඇල්ල කඳුවැටිය සහ මොනරාගල මරගල කඳුවැටිය ගින්නෙන් දැවේ… (Updated Photos)” හරහා ද අනෙකුත් ඡායාරූප සමඟින් මෙම ඡායාරූපය ද පළ කර තිබෙනු දක්නට ලැබුණා.

    Facebook PostArchived Post

    තවද JEENU සහ Himanjana Wijesekara යන Facebook පරිශීලකයින් විසින්ද මෙම ඡායාරූපය යොදාගනිමින් ඇල්ල රක්ෂිතයේ සිදුවෙන ගින්න පිළිබඳ ශෝකය මෙසේ පළ කර තිබුණා.

    Facebook PostArchived Link
    Facebook PostArchived Link

    Twitter ගිණුම් ඔස්සේ ද මෙම පුවත පළවී තිබෙනු දක්නට ලැබුණා.

    Twitter PostArchived Post

    ජනයුගය වෙබ් අඩවිය මඟින් ද මෙම ඡායාරූපය සමග එම පුවත වාර්තා කර තිබූ ආකාරය මෙසේය:

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    ඇල්ල ප්‍රදේශයේ සිදු වූ ගිනි ගැනීම 2019 අගෝස්තු 22 සවස් භාගයේ දී සිදු වූ බැවින් හා ඒ හා සම්බන්ධ අනෙකුත් ඡායාරූප විමර්ශනය කිරීමේ දී  කාන්තාවක් ඔලුවේ  අත් දෙක තබා ගෙන ගිනිගන්නා කන්ද දෙස දහවල් කාලයේදී බලා සිටීම මෙම ගිනි ගැනීම හා  සම්බන්ධ ඡායරූපයක් දැයි සැක සහිතය.

    මෙම ඡායාරූපය තහවුරු කරගැනීම සඳහා කරන ලද සරල google reverse image සෙවුමක් තුළින් පහත තොරතුරු අනාවරණය විය.

    මෙම මුල් ඡායාරූපය SunChase Journey යන Facebook  පිටුව  සහ Instagram ගිණුම හරහා එක් කර තිබිණ. Luminita and Costi යන සංචාරකයන් දෙදෙනා විසින් මෙම ගිණුම් පවත්වාගෙන යන බව පැහැදිලි වූ අතර  ඔවුන් විසින්  2018 ඔක්තෝම්බර් 25 දින මෙම ඡායරූපය පළ කර තිබෙනු දක්නට ලැබුණි.

    Instagram Post

    Luminita and Costi යන සංචාරකයන් දෙදෙනාගේ Facebbook ගිණුම

    Facebook PostArchived FB Post

    මෙයින් පැහැදිලි වන්නේ ඉහත ඡායාරූපය 2018 ඔක්තෝබර් මාසයේ මෙම සංචාරක යුවළ ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශයේ සිදුකළ සංචාරයකදී ගත් ඡායාරූපයක් බවයි. 

    තව දුරටත් එම ඡායාරූපය වැඩි වශයෙන් යොදා ගැනීමට කරුණු සොයා බැලීමේදී පහත තොරතුරු අනාවරණය විය.  2018 අගෝස්තු 1 වන දින 2019 අගෝස්තු 1 වන දින දක්වා කාල පරිච්ඡේදය තුළ “Ella mountain burning” යන සෙවුම Google Search හරහා යෙදීමේ දී මුලින්ම ලැබෙන ඡායාරූපය ද මෙයයි. 

    මේ හේතුව නිසා,  ඇල්ල රක්ෂිතයේ ගින්න පිළිබඳ නිල ඡායාරූප ලැබීමට මත්තෙන් මෙම ඡායාරූපය යොදා ගැනීමට කටයුතු කළා යැයි අනුමාන කළ හැක.

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඇල්ල ප්‍රදේශයේ සිදුවෙමින් පවතින ගින්න සම්බන්ධව පළවන ඡායරූප අතුරින් විශාල වශයෙන් යොදාගෙන තිබෙන,  කාන්තාවක් අත් දෙක හිස මත තබාගෙන ගිනි ගන්නා කන්දක් දෙස බලා සිටින ඡායාරූපය 2018 ඔක්තෝබර් මාසයේ දී ඇල්ල ප්‍රදේශයෙන් ලබාගත් ඡායාරූපයක් බවයි. මේ හේතුව නිසා මෙම ඡායාරූපය 2019 අගෝස්තු මස 22 වන දින ඇල්ල රක්ෂිතයේ සිදු වූ ගින්න හා කිසිසේත්ම සම්බන්ධ ඡායාරූපය නොවෙයි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-08-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.