Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලංකාවේ කාන්තාවන්ට නීත්‍යානුකූලව උඩුකය නිරුවතින් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසිය හැකි ග්‍රාමයක් ?

    2019-09-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ පාස්කු ප්‍රහාරයත් සමගම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ දැඩි පසුබෑමකට ලක්විය. මෙසේ බිඳ වැටීමට ලක්වූ සංචාරක කර්මාන්තය යළි ගොඩ නැංවීමට රජය විසින් නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් පවතින අතර, නොබෝ දිනකින් පැවැත්වෙන ලෝක සංචාරක දිනය අලලා

    පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ පාස්කු ප්‍රහාරයත් සමගම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ දැඩි පසුබෑමකට ලක්විය. මෙසේ බිඳ වැටීමට ලක්වූ සංචාරක කර්මාන්තය යළි ගොඩ නැංවීමට රජය විසින් නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් පවතින අතර, නොබෝ දිනකින් පැවැත්වෙන ලෝක සංචාරක දිනය අලලා ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර තිබෙනු දක්නට ලැබුණි. 

    සැප්තැම්බර් මස 21 වැනිදා, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ගාල්ල දිස්ත්‍රික්කයේ වලහන්දූව නම් ග්‍රාමයෙහි කාන්තාවන්ට හා පිරිමින් හා සමාන අයුරින් උඩුකය නිරුවතින් ප්‍රසිද්ධ ස්ථානවලදී ගැවසීමේ නීත්‍යානුකූල අවසරය ලබාදී ඇති බව දක්වමින් සටහන් කිහිපයක්ම හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. 

    Julius Caesar – ජූලියස් සීසර්, නමැති ෆේස්බුක් පිටුවක් මගින් මෙහිදී තවදුරටත් සඳහන් කර තිබුණේ, “ඊට හේතු වූයේ මේ ප්‍රදේශය ආශ්‍රිතව සංචාරකයින් නිතර ගැවසෙන බවත්, ගැහැණු සංචාරකයින් උඩුකය නිරුවත්ව මුහුදු වෙරළේ සිටීමට ප්‍රිය නිසා එය දිරිගැන්වීමේ අරමුණින් දෙශීය පදිංචිකරුවන්ද එසේ සිටීමෙන් රටේ විදේශ විනිමය ඉහළ යන බව එහි නගර සභාව තීරණය කිරීමයි” යනුවෙනි. මේ පිළිබඳ සම්පුර්ණ සටහන පහත පරිදිය.

    Facebook LinkArchived Link

    ඉහත සටහනම Malithi Dilhara (මලිති දිල්හාරා) යන අයෙකු විසින් තම ෆේස්බුක් ගිණුමේ පහත පරිදි සඳහන් කර තිබුණි.

    Facebook Link        Archived Link

    මෙම පුවත බැලූ බැල්මටම විශ්වාස කිරීමට අපහසු පුවතක් ලෙස හැඟී ගිය හෙයින් මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසීමක් පහත පරිදි සිදුකරන ලදී.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත ප්‍රකාශයේ සඳහන් වන පරිදි වහලන්දුව ග්‍රාමය ආශ්‍රිතව සංචාරකයින් නිතර ගැවසෙන අතර, ගැහැණු සංචාරකයින් උඩුකය නිරුවත්ව මුහුදු වෙරළේ සිටීමට ප්‍රිය නිසා එය දිරිගැන්වීමේ අරමුණින් නගර සභාව විසින් මෙම තීරණයට එළඹී ඇත.

    Google Maps (සිතියම්) භාවිතයෙන් වලහන්දූව ප්‍රදේශයේ පිහිටීම පහත පරිදි නිරීක්ෂණය කිරීමේදී අපට පැහැදිලි වූයේ ආසන්නතම මුහුදු වෙරළේ සිට කිලෝමීටර් තුනකටත් ඔබ්බෙන් මෙම ග්‍රාමය පිහිටා ඇති බවය.

    මෙය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා අප ගාල්ල මහ නගර සභාව සමග මේ පිළිබඳව කළ කරුණු විමසීමක දී ඔවුන් විසින්ද මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බව සනාථ කරන ලදී.

    තවද මෙම සටහන සඳහා යොදාගෙන තිබෙන ඡායාරූපයේ මූලාශ්‍රය සෙවීම සඳහා google reverse image සෙවුමක් භාවිතයෙන් පහත කරුණු සොයා ගැනීමට හැකිවිය.

    මෙහිදී පෙනී ගියේ මෙම ඡායාරූපය බොහෝ අවස්ථාවන්හිදී මීට පෙර යොදාගෙන තිබෙන බවත්,  එය Ellie Brown නම් නිරූපිකාවගේ Instagram ගිණුමෙන් ලබාගත්තක් බවත්ය.

    Daily Mail ලිපිය (අප්‍රේල් 2019) Archived Link

    අවසාන නිගමනය

    අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “ගාල්ල, වලහන්දූව ග්‍රාමයෙහි කාන්තාවන්ට උඩුකය නිරුවතින් ප්‍රසිද්ධ ස්ථානවල සිටීමේ නීත්‍යානුකූල අවසරය ලබාදෙයි” යනුවෙන් හුවමාරුවන සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් මෙය බොහෝ දුරට උපහාසාත්මක කෝණයකින් සිදුකරන්නට ඇතැයි ද යන්නත්ය

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-09-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.