Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඇතින්නියන් හත්දෙනාගේ මරණය සිදුවූයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම සඳහා වූ භාරයක් ඔප්පු කිරීමටයි

    2019-10-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    හබරණ රක්ෂිත වනාන්තරයේ වන අලි මියයාම ගියාම පසුගිය සති අන්තයේ බෙහෙවින් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වී තිබුණා. මෙලෙසින් ඇතින්නියන් හයදෙනා සහ අලියා, මරණයට පත්වී තිබුනේ එකනෙකට ආසන්න ප්‍රදේශයක වීම හේතුවෙන්, මෙම මරණයන්ට හේතු වශයෙන් විවිධ පාර්ශවයන් විසින් විවිධ

    හබරණ රක්ෂිත වනාන්තරයේ වන අලි මියයාම ගියාම පසුගිය සති අන්තයේ බෙහෙවින් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වී තිබුණා. මෙලෙසින් ඇතින්නියන් හයදෙනා සහ අලියා, මරණයට පත්වී තිබුනේ එකනෙකට ආසන්න ප්‍රදේශයක වීම හේතුවෙන්, මෙම මරණයන්ට හේතු වශයෙන් විවිධ පාර්ශවයන් විසින් විවිධ ආකාරයේ මත ඉදිරිපත් කොට තිබෙනු ද දක්නට ලැබිණි.

    මෙම මතයන් අතර බහුලව භාවිතා වී තිබුණේ කිසියම් දේශපාලන බලපෑමක් මත කිසියම් ආකාරයේ භාරයක් ඔප්පු කිරීමේ අරමුණින්, සිදුකරන ලද විෂ ආහාර ගත කිරීමකින් මෙම ඛේදවාචකය සිදුව ඇති බවයි. එසේ ඉදිරිපත් වී තිබූ බොහොමයක් සටහන්, ඊට දින කීපයකට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස තේරී පත්වූ සජිත් ප්‍රේමදාස මහතා ආශ්‍රයෙන් නගා තිබුණ ද එවැනිම ප්‍රකාශ කිහිපයක්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අලලාද සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වී යනු දක්නට ලැබුණා.

    එබඳු එක් සටහනක දක්වා තිබුණේ “UNP? පක්ෂයේ අපේක්ෂත්වය ගන්න බාරේ ඔප්පු කළ හැටි” යනුවෙනි. මෙම සටහනේ තවදුරටත් දක්වා තිබෙන්නේ කේරළයේ ස්වාමි  අයියර් නැමති හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස ගේ මිතුරෙකු වූ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා පවසා තිබූ පරිදි ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා පක්ෂයේ ලාංඡනය වූ ඇතා පිළිබිඹුවන ඇතින්නියන් හත් දෙනෙකු දිනක් තුල මරා දමා කෙඳි හතක් පූජා කරන ලෙස සිදු කළ භාරයක් ඔප්පු කිරීම සඳහා මෙවැනි ක්‍රියාවක් අපේක්ෂකත්වය ලැබුණු විගසම සිදුකර ඇතැයි යනුවෙනි.

    Facebook Link 1Archived Link

    එම පුවතම තවත් “ පියාණෝ සහ බූරු පුතා” යන ෆේස්බුක් පිටුවක් මගින් මෙලෙසින් දක්වා තිබුණි

    Facebook Link 2Archived Link

    ඉහත පරිදි සටහන් තවත් බොහොමයක් අපට දකින්නට ලැබුණු අතර ඒ සමගම පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට රාජ යෝග නොමැති නිසා ජනාධිපති වීමට නම් ඇතින්නියන් 7 දෙනෙකු බිලි දිය යුතු බවට දිව්‍යමය බලයෙන් කටයුතු කරන ඉන්දියානු ජ්‍යෝතිර්වේදියෙකු සඳහන් කිරීම නිසා එම කටයුත්ත එතුමාගේ අනුගාමික පිරිසක් විසින් සිදුකර ඇති බව සඳහන්. එම සම්පුර්ණ සටහන පහත පරිදිය.

    Facebook LinkArchived Link

    එසේම ” අලි බලකාය Elephant Brigade ” නමැති ෆේස්බුක් පිටුවක් හරහා “සජිත් එජාප අපේක්ෂකත්වය ගත් අයුරු – අයියර් ස්වාමිගේ හාස්කම් ” යනුවෙන් ඉහත සටහනම ඡායාරූපයක් සහිතව දක්තිවා තිබුනේ මෙලෙසිනි.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍යතොරතුරුවිමර්ශනයකිරීම) 

    මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් සිදුකරන ලද නිවේදනයකට අනුව මූලික විමර්ශනවලින් හෙළි වී තිබෙන්නේ මෙම ඇතුන් හත් දෙනාම මිය යාමට හේතුව ආහාර විෂවීමේ සිදුවීමක් බවයි.  තවදුරටත් කරුණු දක්වමින් ඒ මහතා පවසා සිටියේ “එක ඇතින්නියකගේ උදාරයේ කැකිරි ඇට කිහිපයක් තිබුණු බවත් අනිත් සෑම සතෙකුගේ ම උදරයේ තණකොළ පමණක් තිබුණු බවයි. වෙනත් පිටතින් ආහාරයක් ලබා දී ඇති සලකුණක් දැකගැනීමට නොහැකිය” යනුවෙනි.

    Rupavahini News Web LinkArchived Link

    මේ අතර මෙලෙසින් මියගොස් සිටි ඇතින්නියන්ගේ මරණයන් පිළිබඳව වගකීම රජය බාර ගන්නා බවත් මෙබඳු බරපතල ව්‍යසනයක් සිදුව තිබියදීත් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හෝ කිසිදු නිලධාරියකු රජය දැනුවත් නොකිරීම බරපතල වරදක් බවත් සංචාරක  වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති රංජිත් අලුවිහාරේ මහතා ප්‍රකාශ කර තිබුණි.

    Lankadeepa Article LinkArchived Link
    Hiru News VideoArchived Link

    කෙසේ වෙතත් යම් කිසි පාර්ශවයක් විසින් මෙම විෂ ශරීරගත කිරීම සිදු කළා දැයි සැකයක් පැන නැගී තිබූ හෙයින් යුධ හමුදාව, වනජීවී නිලධාරීන් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායමක් තුම්බිකුලම රක්ෂිතයේ විශේෂ මෙහෙයුමක් සිදු කළ අතර එහිදී එබඳු සැක සහිත කිසිදු සාධකයක් සොයා ගැනීමට හැකිවීද නැත. අලි හත් දෙනාගේම පශ්චාත් මරණ පරීක්ෂණ මේ වනවිට සිදු කර අවසන් බවත් එම සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා පර්යේෂණාගාර වෙත යැවීම සඳහා සියලු කටයුතු සිදුකර ඇති බවත් දැනගන්නට ලැබුණි.

    තවද ඉහත ප්‍රකාශ බොහොමයක දක්වා තිබු ස්වාමි අයියර් පිලිබඳ විමසීමක් අපගේ මව් ආයතනය හරහා කේරළ ප්‍රදේශයෙන් සිදුකිරීමේදී එබඳු ජෝතිශ්‍යවේදියෙකු පිලිබඳ තොරතුරක් අනාවරණය වුයේ නැත. එක සටහනක ස්වාමි අයියර් යනුවෙන් සඳහන් කර තිබු ඡායාරූපය google reverse image සෙවුමක් හරහා පරීක්ෂාකිරීමේදී සොයාගන්නට ලැබුණේ එය ඇත්තවශයෙන්ම ස්වාමි අයියර්  නමැත්තෙක් නොව ඉන්දියාවේ සුධීර් මක්කර් නොහොත් “Golden Baba” (රත්තරන් ස්වාමි”) නමැති හින්දු පූජකවරයෙකු බවයි.

    Web Link Archived Link

    තවද ඉහත පරිදි මඩ ප්‍රචාර සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් සිදු කිරීම ඉතා පහත් ක්‍රියාවක් ලෙස හෙලාදකිමින් සමාජ මාධ්‍ය හරහා බොහොමයක් සටහන් හුවමාරු වෙනු දක්නට ලැබුණා. එබඳු එක් සටහනක් පහත පරිදිය

    Facebook LinkArchived Link

    අවසාන නිගමනය

    අපගේ විමර්ශණයෙන් පෙනී යන්නේ “ඇතින්නියන් හත්දෙනාගේ මරණය සිදුවූයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම සඳහා වූ භාරයක් ඔප්පු කිරීමටයි” යනුවෙන් සිදුකර ඇති ප්‍රකාශය සාවද්‍ය බවත් මෙකි මරණයන් බොහෝ දුරට යම්කිසි විෂ රසායනක් ශරීර ගත වීමෙන් සිදු වන්නට ඇතැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් විසින් නිගමනයකට එළඹ ඇති අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මෙම විෂ රසායන අලින්ගේ ශරීරයවලට මෙසේ ඇතුළු වුණාදැයි යන්න පිලිබඳසම්පුර්ණ වාර්තාව නුදුරු දිනකදීම ලබාදීමට නියමිතය.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ඇතින්නියන් හත්දෙනාගේ මරණය සිදුවූයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම සඳහා වූ භාරයක් ඔප්පු කිරීමටයි

    Fact Check By: Sathyajith Subasinghe 

    Result: Mixture

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.