Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පසුගිය රජය විසින් 2024 දී  නිකුත් කළ බාර් ලයිසන්, NPP රජයෙන් අවලංගු කළා ද ?

    2024-12-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය රජය, 2024 වසර ඇතුළත බාර් ලයිසන් තුන්සියයකටත් අධික ප්‍රමාණයක් ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සිදුවූ හෙළිදරව්වත් සමඟම, ඒ පිළිබඳව සමාජයේ ද විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණා.  මෙවන්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    පසුගිය රජය, 2024 වසර ඇතුළත බාර් ලයිසන් තුන්සියයකටත් අධික ප්‍රමාණයක් ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සිදුවූ හෙළිදරව්වත් සමඟම, ඒ පිළිබඳව සමාජයේ ද විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණා. 

    මෙවන් පසුබිමක නව ජාතික ජන බලවේග රජය විසින්, පසුගිය රජය විසින් මත්පැන් අලෙවි සැල් සඳහා 2024 වසරේ දී ලබා දී තිබු ලියාපදිංචි අහෝසි කිරීමක් සිදුකර ඇති බවට ද සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. ඒ ගැන අපි සොයා බැලුවේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය පළ කිරීම්

    පසුගිය රජය විසින් 2024 ජනවාරි සිට ඔක්තෝබර මාසය  දක්වා නිකුත් කළ බාර් ලයිසන් 361ක්  වර්තමාන රජය විසින් අවලංගු කර ඇති බවට සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙනවා.

    FB | Archived  

    අපි මේ ගැන කරුණු විමසා බැලීමක් සිදු කිරීමට තීරණය කළා.

    කරුණු විමසා බැලීම (Fact Check)

    පුවත් වාර්තා

    පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අනාවරණය කලේ පසුගිය රජය යටතේ 2024 ජනවාරි 1 සිට ඔක්තෝබර් 22 දක්වා කාලය තුළ මත්පැන් බලපත්‍ර 361ක් නිකුත් කර තිබු බවයි. සම්පුර්ණ ලැයිස්තුව මෙතනින්.

    පාර්ලිමේන්තු විවාදයකදී ඔහු විවිධ පළාත් සදහා මෙම බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ සවිස්තර සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් කියා සිටියේ මින් බලපත්‍ර 172ක් , FL-4 බලපත්‍ර (සිල්ලර මත්පැන් අලෙවිය) ලෙස නිකුත් කර ඇති බවත්, මෙම බලපත්‍ර බොහොමයක්ම වාගේ දේශපාලන අල්ලස් ලෙස භාවිත කර ඇති බවයි.  

    තවද, ඔක්තෝබර් 22 වැනිදා සිට තවදුරටත් බලපත්‍ර නිකුත් කිරීම නවත්වන ලෙසට නව රජයේ ජනාධිපති ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන් බවද ඔහු පැවසුවා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවත් පසුගිය රජය මගින් මන්ත්‍රීවරුන්ට අල්ලස් ලෙස මත්පැන් බලපත්‍ර ලබාදී ඇති බවත් ඔහු චෝදනා කළා. ඒ සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාවක් කියවිය හැකියි මෙතනින්  

    එසේම මේ පිලිබඳ පර්ලිම්නේතු සංවාදයේ දී විපක්ෂ මන්ත්‍රීවරුන් ද පවසා සිටියේ මෙම බාර් පර්මිට් ලබාදීමට කටයුතු කරමින් නිර්දේශ ලබාදුන් පිරිස ගැන ද හෙළිදරව් කරන ලෙසයි. එම තොරතුරු මුදල් අමාත්යංශය හරහා විමර්ෂණය වෙමින් පවතින බවත්, ඉදිරියේදී එම තොරතුරු රටටම හෙළිකරන බවත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසා සිටිනවා.

    එසේම අනවශ්‍ය ලෙස ලබාදී ඇති පර්මිට් අවලංගු කිරීමට කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව ද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරුණු අතර එම සංවාද ඇතුලත් පුවත් වාර්තාවක් මෙතනින් සහ මෙතනින්. 

    හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය:

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයෙන් මේ ගැන විමසා සිටියදී ඔවුන් පවසා සිටින්නේ අල්ලස්  ලෙස මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත් ලබාදුන් බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. 

    බලපත්‍ර නිකුත් කර ඇත්තේ නීත්‍යානුකූලව සහ විනිවිදභාවයෙන් බවත්, එමගින් සැලකිය යුතු රාජ්‍ය ආදායමක් උපයා ඇති බවත් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ආර්ථිකයට බිලියන ගණනින් දායක වෙමින් බලපත්‍ර සැලකිය යුතු මුදලකට විකුණා ඇති බවයි ඔවුන් පැහැදිලි කරන්නේ. 

    ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ මැතිවරණ කාලසීමාව තුළ වුවත් මත්පැන් බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය නිසි ක්‍රමවේදය තුළ සිදුකල හැකි බවට  අධිකරණය පවා පවසා ඇති බවයි. හිටපු ජනාධිපති වික්‍රමසිංහ ගේ කාර්යාලය මගින් නිකුත් කල නිවේදනය කියවිය හැකියි මෙතනින්  

    සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරය 

    මෙම කාලය තුළ නිකුත් කර ඇති බලපත්‍ර 361 ,නව රජය බලයට පත්වීමෙන් පසුව වුවත් අවලංගු කර නොමැති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නීතිය බලාත්මක කිරීමේ අංශය තහවුරු කරනවා.කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි ඔවුන් පවසන්නේ .

    එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැහැදිලි කළේ  2024/2  චක්‍රලේඛය යටතේ ඇති නීතිමය අවශ්‍යතාවලට අනුකූලව බලපත්‍ර නිකුත් කර ඇති බවයි. එමෙන්ම  ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බලපත්‍ර නිකුත් කිරීමක් සිදු වුවත් , නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී කිසිදු නීති උල්ලංඝනය වී නොමැතී බවත් ඔවුන් පවසනවා 

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    නිගමනය (Conclusion)

    පසුගිය රජය නිකුත් කළ බාර් බලපත්‍ර 361ක්  නව රජය මගින් අවලංගු කර ඇති බවට  පැතිරෙන ප්‍රචාරයන්  අසත්‍යයි. මෙම බලපත්‍ර තවමත් වලංගු බවත්, නීතිමය අවශ්‍යතාවලට අනුකූලව නිකුත් කර ඇති බවත්, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිල ප්‍රකාශයන් සනාථ කරයි. කෙසේ වෙතත් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබද රජය විසින් ප්‍රශ්න කර ඇති අතර, එම ක්‍රියාවලිය පිළිබඳව මේ දිනවල විමර්ෂණ සිදුවෙන අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සිදුවෙනු ඇති.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-12-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.