Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බොදු බල සේනා සහ රාවණා බල සංවිධාන විසින් ජෙරොම් පූජකවරයාට එරෙහි සත්‍යග්‍රහයක් සංවිධානය කර නැහැ!

    2023-05-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තෙකු විසින් සිදුකරන ලද යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිසා ඔහු පිළිබඳව වැඩිපුර අවධානය යොමුව තිබෙනවා. බොහෝ දෙනා විසින් අන්‍ය ආගම් විවේචනය කරමින් ඔහු විසින් සි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    පසුගියදා ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තෙකු විසින් සිදුකරන ලද යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිසා ඔහු පිළිබඳව වැඩිපුර අවධානය යොමුව තිබෙනවා. බොහෝ දෙනා විසින් අන්‍ය ආගම් විවේචනය කරමින් ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශය වීවේචනය කර තිබෙනවා. මේ අතර ඇතැම් සමාජ ජාලා සටහන්වල සදහන් වුණේ බොදු බල සේනාව සහ රාවණා බලය සංවිධාන ඒකාබද්ධව, ජෙරොම් ප්‍රනාන්දු පුජකවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බලකරමින් දැවැන්ත සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට සුදානම් වන බවයි. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් පහතින්.

    සමාජ ජාලා සටහන් 

    බොදු බල සේනා සංවිධානය සහ රාවණා බලය ඒකාබද්ධව ජෙරොම් ප්‍රනාන්දු පුජකයාව අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් සත්‍යග්‍රහයක් සිදු කරන බවට  සමාජ ජාලා සටහන් පැතිර තිබුණා.

    Facebook| Archived

    ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    මෙවැනි බොහෝ සටහන් ෆේස්බුක් තුළ බොහෝ සේ පැතිර තිබු ආකාරයක් ද දක්නට ලැබුණා. ආගමික සහජීවනය ඇති කර ගනිමින් මේ ආකාරයේ ක්රියාකරම්වල යෙදීමෙන් වළකින ලෙස ද ඇතැමුන් මෙම සටහන හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්. Archived

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    පසුගියදා අන්‍ය ආගම් විවේචනය කරමින් ජෙරොම් ප්‍රනාන්දු පුජකවරයා සිදුකළ දේශනය බොහෝ දෙනාගේ විවේචනයට ලක්වූ අතර කතෝලික සභාවේ විවේචනයටද එය ලක්වුණේ පහත අයුරින්.

    මේ අතර සමහර සමාජ ජාලා සටහන්වල පැතිරුනේ ජෙරොම් ප්‍රනාන්දු පුජකවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් සිංහල බෞද්ධ ජාතිකවාදී සංවිධාන වන බොදු බල සේනාව සහ රාවණා බලය සංවිධානය ඒකාබද්ධව සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවක්.

    මෙවැනි පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇතිද යන්න අප සොයා බැලුවා.නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.

    ඉන් අනතුරුව අප බොදු බල සේනා මාධ්‍ය අංශයෙන් මේ පිලිබදව විමසා බැලු අතර ඔවුන් තහවුරු කර සිටියේ කිසිදු ආකාරයේ මෙවන් සත්‍යග්‍රයක් කිරීමේ සුදානමක් නොමැති බවයි.

    කෙසේ වෙතත් ජෙරම් නමැති පුජකවරයාගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව පැමිණිල්ලක් යොමු කරන ලද බවට සමහර මාධ්‍ය වල පළවන පුවත් සත්‍යදැයි අප ඔවුන්ගෙන් විමසා බැලූ විට ඔවුන් පැවසුවේ එම පුවත් සත්‍ය බවයි.

    රාවණා බලය සංවිධානය වෙනුවෙන් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ද අප සමග තහවුරු කර සිටියේ මෙවන් කිසිදු සුදානමක් නොමැති බව සහ මේවා අසත්‍ය සමාජ ජාලා සටහන් බවයි.

    එමෙන් ම ජෙරොම් ප්‍රනාන්දු පුජකවරයා සම්බන්ධයෙන් ඥාණසාර හිමි ඊයේ(17) දිනයේ පවත්වා තිබූ මාධ්‍ය සාකච්ඡාව පහතින්.

    මේ වන විට විදෙස්ගතව සිටින ජෙරොම් පුජකවරයාව නැවත රටට පැමිණීමේදී අත්ඩංගුවට ගත හැකි බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට පවසා තිබුණා. එමෙන්ම මැයි 17 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා. ඒ සම්බන්ධ විස්තර මෙතනින්.Archived 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    ජෙරොම් ප්‍රනාන්දු නමැති පුජකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බොදුබල සේනාව සහ රාවණා බලය සංවිධානයන් ඒකාබද්ධ වී සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවට පළවන සමාජ ජාලා සටහන් අසත්‍යයි. බොදු බල සේනාවේ මාධ්‍ය අංශය මෙන්ම රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද පැවසුවේ සමාජ ජාලා සටහන්වල ඇති කරුණු සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-05-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.