Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ආසියානු කුසලානය දිනා ගැනීමෙන් පසු උදේශිකා ප්‍රබෝධනී පොදු ප්‍රවාහනයෙන් ගෙදර ගියේ ඇයි?

    2024-08-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ප්‍රථම වරට ආසියානු කුසලානය දිනා ගත්තේ, ප්‍රබල ඉන්දීය පිල පරදවමිනි. මෙම ජයග්‍රහණය සමාජයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සහ එම ජයග්‍රාහී කණ්ඩායමේ ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

     

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ප්‍රථම වරට ආසියානු කුසලානය දිනා ගත්තේ, ප්‍රබල ඉන්දීය පිල පරදවමිනි. මෙම ජයග්‍රහණය සමාජයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සහ එම ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයින් ගැන සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා.

    කෙසේ වෙතත්, මෙම සැමරුම් මධ්‍යයේ, එක් කාන්තා ක්‍රීඩිකාවක් පිළිබඳව නොමඟ යවන සුළු සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව පිළිබඳ අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් : 

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන උදේශිකා  ප්‍රබෝදිනී මූල්‍යමය වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ක්‍රීඩිකාවක් බවත්, විශේෂයෙන්ම, පුද්ගලික වාහන නොමැති තත්වයක් මත, ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසු  ඇය පොදු ප්‍රවාහනය භාවිතා කරමින් නැවත සිය ගමට පැමිණි බවත් ‍ ඉස්මතු කරමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    FB | Archived

    ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, මේ පිළිබඳව නොමග යන සුළු අන්දමින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

    Explainer (කරුණු පැහැදිලි කිරීම) :

    ශ්‍රී ලංකාවේ ආරම්භක පන්දු යවන්නිය ලෙස ක්‍රීඩා කරන තිස් අට හැවිරිදි ප්‍රබෝදිනී, මෑත කාලින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රගමනයට ප්‍රධාන භූමිකාවක් ඉටු කළ, කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවකි. 

    ඉහත සටහනේ දැක්වෙන පරිදි ප්‍රබෝදිනි ජයග්‍රහනය ලැබීමෙන් පසු තම ගම වන කරන්දෙනිය, දියපිටගල්ලන වෙත, අධිවේගී බස් සේවය ඔස්සේ පැමිණීම ගැන ඇයගේ ගමේ දීර්ඝ කාලයක් සේවය කළ ග්‍රාම සේවා නිලධාරියකු මෙන් ම පවුලේ හිතවතෙකු ද, වන චන්දික දිනේෂ් සම්බන්ධගෙන් අප විමසීමක් කළා. 

    ඔහු සඳහන් කරන්නේ එම සමාජ මාධ්‍ය සටහන සම්පූර්ණ අසත්‍ය හා නොමග යවන සුළු බවයි.

    එමෙන් ම ඔහු ප්‍රකාශ කරන්නේ උදේශිකා ප්‍රබෝදිනීගේ පවුලට වෑන් රථයක් ඇතුළු වාහන කිහිපයක් ඇති බවත්, ප්‍රබෝදිනීට රිය පැදවීමට රුචියක් නොමැති බැවින්, ඇය පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීම ඇයගේ පුද්ගලික තේරීමක් බවත්, ඇය කොළඹ සිට තම ගමට බස් රථයෙන් යාම සාමාන්‍ය දින චර්යාව බවද ඔහු සඳහන් කළා. 

    ප්‍රබෝදිනීගේ සොහොයුරා සාමාන්‍යයෙන් ඇයව නිවසට රැගෙන යාමට මහාමාර්ග පිවිසුමට පැමිණෙන බවත්, ඇගේ පවුලට වාහන නොමැති බවට කරන ප්‍රකාශය සාවද්‍ය බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

    එම තොරතුරු උදේශිකාගේ සහෝදරයාද සනාථ කළා.

    ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසු නැවත පැමිණීම සම්බන්ධයෙන් දිනේෂ් වැඩිදුරටත් පැවසුවේ කුරුඳු ගහ හැතැප්ම මහ මඟ පිවිසුමේදී  ප්‍රබෝදිනීගේ පවුලේ අය විසින් ඇයව පිළිගත් බවත්, ඇය ගමට රැගෙන ඒම සඳහා ඇයගේ හිත මිතුරු රසික රසිකාවියන් රථ පෙළපාලියක් සංවිධානය කළ බවත් ය. 

    ඇයට පෙර දැනුම් දීමකින් තොරව මෙම සැමරුම සිදු කර ඇත්තේ ඇය පුදුමයට පත්කිරීමේ උත්සවයක් පැවැත්වීම සඳහා වන අතර ඇයගේ පැමිණීම පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වූ බවයි ඔහු සඳහන් කරන්නේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

    ආසියානු ක්‍රිකට්  ශූරියන් වූ ශ්‍රී ලංකා කාන්තා  ක්‍රිකට් කණ්ඩායමට ඇ.ඩො. ලක්ෂ 5 ක මුදල් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 15ක්) ත්‍යාගයක්  පිරිනැමීමට ශ්‍රී ලංක ක්‍රිකට්  ආයතනය පියවර ගෙන තිබිණ. ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක තහවුරු කළේ, මෙම ත්‍යාගය ඉනෝකා ඇතුළු කණ්ඩායමේ සාමාජිකයින් සහ සහායක කාර්ය මණ්ඩලය අතර බෙදා දෙනු ඇති බවයි.

    උදේශිකා සම්බන්ධයෙන් පවසන විට, ඇය 2008 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන බවත් ඇය මූල්‍යමය වශයෙන් ස්ථාවර බවත් ඔහු අවධාරණය කරනවා. කොන්ත්‍රාත් ක්‍රීඩිකාවක් ලෙස මාසිකව ලැබෙන වැටුපට අමතරව, විශේෂ පැවරුම් සහ සංචාර සඳහා විශේෂ දීමනාවක් ද ඇය ඇතුළු කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට හිමිවෙනවා.

    කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ලැබෙන මුදල් ප්‍රදාන, වැටුප් සාමාන්‍යයෙන්  පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා  අඩු බවත්, මෙම විෂමතාවයට හේතුව වන්නේ කාන්තා ක්‍රිකට් වල කෙටි ඉතිහාසය සහ මෑත කාලීන ජනප්‍රියත්වය බවත්, කෙසේවෙතත්, මෙම විෂමතාව අවම කිරීමට පියවර කිහිපයක් ම මෑතක දී ගෙන ඇති බවත්  ඔහු පෙන්වා දෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ගෙවන තරඟ ගාස්තුව මෑතක දී තුන් ගුණයකින් වැඩි කර ඇති අතර, “ජයග්‍රාහී ප්‍රසාද දීමනාවක්” ද දැන් හඳුන්වා දී තිබෙනවා.

    එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ගිවිසුම්ගත ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලෙස මාසිකව ලැබෙන රු. 100,000 සිට රු. 300,000ක මුදලට අමතරව,  T20I හෝ ODI සඳහා තරගයකට US$750ක් ගෙවනු ලැබේ. එමෙන් ම ඔවුන් ලබා ගන්නා සෑම ජයග්‍රහණයක් සඳහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් 250ක ප්‍රසාද දීමනාවක් ද ගෙවනු ලබයි.

    Also Read: Fact Check: Claims About Udeshika Prabodini’s Financial Status and Return from Asia Cup

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.