Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනපති අනුර කුමාර සිය රාජකාරීන් සදහා සයිකලයක නැග පැමිණෙන අයුරුද ?

    2024-11-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති අනුර කුමාර ධුරයට පත්වීමෙන් පසු ඔහුව ඉලක්කකරගනිමින් විවිධ නොමගයවන සුළු සටහන් සමාජ ජාලාවල සංසරණය වෙනවා.ඉන් සමහරක් නොමගයවන සුළු වන අතර බොහෝ විට හාස්‍ය මුසු සටහන් ලෙසත් සංසරණය වෙනවා.මේ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනපති අනුර කුමාර ධුරයට පත්වීමෙන් පසු ඔහුව ඉලක්කකරගනිමින් විවිධ නොමගයවන සුළු සටහන් සමාජ ජාලාවල සංසරණය වෙනවා.ඉන් සමහරක් නොමගයවන සුළු වන අතර බොහෝ විට හාස්‍ය මුසු සටහන් ලෙසත් සංසරණය වෙනවා.මේ එවන් සටහනක් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ ජනාධිපති අනුර ඉලෙක්ට්‍රික් සයිකලයක නැගී සිය රාජකාරි සදහා පැමිණෙන බවක්.ඒ හා සමග බැදුණු සේයාරුවක්ද තිබෙනවා.

    FB | Archived 

    සමහර සමාජ ජාලා සටහන්වලට යොදන ලද කොමෙන්ට්ස් වලින් පැහැදිලි වුනේ එම සටහන් සත්‍ය බව ඇතැම් අය තේරුම්ගෙන සිටි බවයි. 

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check සත්‍ය කරුණු විමසා බැලීම 

    අප මුලින්ම සිදුකලේ මෙම සේයාරුව රිවර්ස් ඉමේජ් සෙවුමකට යොමු කිරීමයි.එහිදී අපට දක්නට ලැබුණේ මෙම සේයාරුවේ දැක්වෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමට ප්‍රථම  පසුගිය පෙබරවාරියේදී ඉන්දියාවේ සිදුකල සංචාරයකදී අහමදාබාද් හි පිහිටි ව්‍යවසායකත්වය සහ තාක්ෂණය පිළිබද ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී එහි නිපදවන ලද ඉලෙක්ට්‍රික් බයිසකලයක් පැදයන අවස්ථාවයි.

    එය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබුණු අතර නිව්ස් වයර් වෙබ් අඩවියේ නිල ෆේස්බුක් පිටුව එය වාර්තා කර තිබුනේ පහත අයුරින්  

    ජනාධිපති අනුර කුමාර දිසානායක සයිකලයක නැගී ජනාධිපති කාර්යාලයේ සිය රාජකාරි සදහා හෝ එසේ නොමැතිනම් පාර්ලිමේන්තුවට සයිකලයක නැගී පැමිණෙන අවස්ථා දක්නට නොලැබුණ අතර කෙසේ වෙතත් පසුගියදා පාර්ලිමේන්තු සභාවාරය විවෘත කිරීමට රථවාහන පෙළපාලියකින් තොරව ඔහු පැමිණි අවස්ථාව බොහෝ දෙනාගේ ඇගයුමට ලක්ව තිබුණා.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion 

    අනුර කුමාර දිසානායක සයිකලයක නැගී රාජකාරී සදහා පැමිණෙන බවට සමාජ ජාලා වල පළවන සටහන් සාවද්‍යයි.සමාජ ජාලාවල බහුලව පැතිරෙන සේයාරුව අනුර කුමාරගේ ඉන්දීය සංචාරය අවස්ථාවේ ගන්නා ලද එකකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-11-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.