Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පාර්ලිමේන්තු ඇලට වාහනය පෙරලුණේ මාලිමාවේ මන්ත්‍රී බීමතින් රිය පැද වූ නිසාද? 

    2024-11-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නොයෙකුත් කතා සමාජ මාධ්‍ය ඔස්සේ අවධානය යොමු වෙද්දී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ මෝටර් රථයක් පාර්ලිමේන්තු පොකුණට පෙරලීම සම්බන්ධයෙන් සටහන් ද

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නොයෙකුත් කතා සමාජ මාධ්‍ය ඔස්සේ අවධානය යොමු වෙද්දී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ මෝටර් රථයක් පාර්ලිමේන්තු පොකුණට පෙරලීම සම්බන්ධයෙන් සටහන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණා. මේ සම්බන්ධයෙන් පළ වූ නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “මතින් ගිය මාලිමාවෙ මන්ත්‍රී සුපිරි රිය පාර්ලිමේන්තු ඇලට පෙරලෙයි” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එම වීඩියෝවේ දැක්වෙන්නේ ඇළකට වැටුණු වාහනයක් ගොඩ බිමට ගන්නා අවස්ථාවකි. මෙහිදී අඟවා තිබුණේ, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු විසින් බීමතින් රිය පදවා ගොස් පාර්ලිමේන්තුවේ ඇළට වාහනය පෙරලුනු බවයි.

    Facebook

    WhatsApp ඔස්සේ ද. මෙම වීඩියෝව ඉහත තේමාවෙන් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ඉහත සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ ද, යන්න පරීක්ෂා කළා. එහිදී දැක ගන්නට ලැබුණේ, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහගේ මෝටර් රථය ඊයේ (26) සවස පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටී අනතුරට ලක්වූ බව ත්, ඒ මහතා රැගෙන ඒමට ඔහුගේ රියදුරා මෝටර් රථය පාර්ලිමේන්තුවට රැගෙන එමින් තිබියදී මෙසේ අනතුරට ලක්ව ඇති බවයි.

    නමුත් එම අවස්ථාවේදී එම මන්ත්‍රීවරයා මෝටර් රථයේ සිටි බව ට හෝ මන්ත්‍රීවරයා හෝ රියැදුරු හෝ මත්පැන් පානය කර ඇති බව ට දක්වා නොතිබුණි. මේ සම්බන්ධයෙන් පළ වූ තිබූ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාවක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අප මේ පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා පාර්ලිමේන්තු පොලීසියෙන් විමසීමක් කළා.  ඔවුන් තහවුරු කළේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ නවක මන්ත්‍රීවරුන් සඳහා මේ දිනවල වැඩ මුළු පැවැත්වෙන බැවින් ඊට සහභාගි වූ මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා රැගෙන යාමට ඔහුගේ රියදුරා පාර්ලිමේන්තුවට පැමිණෙමින් තිබූ අවස්ථාව් අයහපත් කාලගුණික තත්ත්වය සමග හේතුවෙන් පාර නොපෙනී යාම නිසා මෝටර් රිය මෙසේ ජල පොකුණට වැටී ඇති බවයි. එම අවස්ථාවේ මන්ත්‍රීවරයා වාහනයේ සිටි බව ට, පළ වූ තොරතුර අසත්‍ය බව ත් අනතුරින් රියදුරාට කිසිදු හානියක් වී නොමැති අතර පාර්ලිමේන්තු සේවකයන්, පොලිසිය එක්ව ඔහු ආරක්ෂිතව ගොඩට ගත් බව ද, ඔවුන් පෙන්වා දුන්නා.

    එමෙන් ම මෝටර් රථ රියැදුරු එම අවස්ථාවේ මත්පැන් පානය කර තිබුණා ද, යන්න පිළිබඳව ද, අප පාර්ලිමේන්තු පොලීසියෙන් විමසූ අතර ඔවුන් සඳහන් කරේ. එය අසත්‍ය බව ත්, ඔහු එම අවස්ථාවේ මත්පැන් පානය කර නොතිබුණු බවයි.

    එමෙන් ම මෙම සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

    Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත වීඩියෝව ‘අද දෙරණ’ පුවත් විකාශයේ වීඩියෝවක් බවට දක්වා තිබූ බැවින් එලෙසින් එම මාධ්‍ය ආයතනය විසින් පුවත වාර්තා කර තිබුණේ ද, යන්න පරීක්ෂා කළා.

    නමුත් ඔවුන් විසින් ද, එම මන්ත්‍රීවරයා බීමත් ව සිටි බවට හෝ එම අවස්ථාවේ මෝටර් රථය ධාවනය කළේ, මන්ත්‍රීවරයා බවට දක්වා නොතිබුණි. ඔවුන් එම අවස්ථාවේ වීඩියෝව පමණක් “පාර්ලිමේන්තු පොකුණට වැටුණු මාලිමාවේ මන්ත්‍රීගේ රථය..” යන තේමාවෙන් පළ කර තිබුණේ මෙලෙසින්. එමෙන් ම එම මාධ්‍ය ආයතනයේ වෙබ් පුවත් වාර්තාවේ ද, ඉහත ආකාරයෙන් මන්ත්‍රී බීමත් ව රිය පදවා ඇති බවට දක්වා නොතිබුණි. එම වාර්තාව මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් බීමතින් රිය පදවා පාර්ලිමේන්තු පොකුණට වැටී ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය වේ. එම අවස්ථාවේ මන්ත්‍රීවරයා නොසිටි අතර පාර්ලිමේන්තුවේ වැඩමුළුවකට සහභාගී වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා රැගෙන යාමට ඔහුගේ රියැදුරු පාර්ලිමේන්තු පරිශ්‍රයට මෝටර් රථය රැගෙන එමින් තිබියදී පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෝටර් රථය පාර්ලිමේන්තු පොකුණට වැටී තිබේ. එම අවස්ථාවේ රියැදුරු බීමතින් නොසිටි බව පාර්ලිමේන්තු පොලීසිය තහවුරු කරන අතර මන්ත්‍රීවරයා ද, වාහනයේ නොසිටි බව තහවුරු කරනු ලැබුවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-11-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.