Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අලවතුගොඩ නායයෑමේ පවුල් 800ක් අතුරුදන් බවට පැවසූ වාර්තා නොමග යවන සුළුයි!

    2025-12-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල නිසි තහවුරු කිරීමකින් තොරව පුවත් එසැනින් වාර්තා කිරීම තුළ නොමග යන සුළු තොරතුරු සමාජ ගත වනවා. විශේෂයෙන් ම ව්‍යසනකාරී තත්ත්වයක් රටක උද්ගත වී ඇති අවස්ථාවලදී නොමග යන සුළු ව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    බොහෝ අවස්ථාවන් වල නිසි තහවුරු කිරීමකින් තොරව පුවත් එසැනින් වාර්තා කිරීම තුළ නොමග යන සුළු තොරතුරු සමාජ ගත වනවා. විශේෂයෙන් ම ව්‍යසනකාරී තත්ත්වයක් රටක උද්ගත වී ඇති අවස්ථාවලදී නොමග යන සුළු වාර්තා කරණය තුළින් ජනතාව අනිසි බියක්, මහජන කැළබීමක් ඇති වේ. ඒ ආකාරයෙන් පළ වූ පුවතක Factcrescendo අප සිදු කරන නිවැරදි තොරතුරු වාර්තා කිරීමක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “අලවතුගොඩ, පවුල් 800ක් පමණ ජීවත්වුන ගම්මානයක් අතුරුදහන්!” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    එම තේමාවෙන් පළ වූ සටහන් බහුල වශයෙන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, මේ පිළිබඳ වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    Website Link

    මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මහනුවර-මාතලේ මාර්ගයේ, අලවතුගොඩ පොලිස් වසමට අයත් අංකුම්බර රඹුකේඇල ගම්මානය පසුගිය 29 වන දා  අලුයම නායයෑමකට ලක් වී තිබුණා.

    නමුත් පවුල් 800ක් පමණ ජීවත් වූ බවට කියන මෙම ගම්මානයම අතුරුදන් බවට සහ ගමම අතුරුදන් බවට ප්‍රකාශ කිරීමෙන් ඔවුන් සියල්ල මිය ගිය බවට හැඟවීමක් කර තිබුණා. මේ හේතුවෙන් අප මෙහි නිසි තොරතුරු තහවුරු කර ගැනීම සඳහා මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් තුමියගෙන් අප විමසීමක් කළා.

    මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් තුමිය

    ඒ මහත්මිය සඳහන් කළේ, එම ප්‍රදේශයේ පවුල් 800ක් පමණ අතුරුදන් ලෙස පවසන පුවත අසත්‍ය බවයි. පවුල් 15ක් පමණ එම ගම්මානයේ සිටි බව ත්, නායයෑමෙන් විනාශ වූ ගෙවල් ගණන 16ක් වන අතර අතුරුදන් වූ මුළු ගණන 56 දෙනෙකු බව ත්, නායයෑමෙන් ජීවිතක්ෂයට පත් වීමෙන් මෙතෙක් හමුවූ මළ සිරුරු ගණන 8ක් බව ත්, එක් අයෙකු දිවි ගලවා ගත් බව ත්, සඳහන් කළා.

    නායයෑම සිදුවූ ප්‍රදේශයේ වීඩියෝවක්.

    Facebook

    මහනුවර අලවතුගොඩ පොලිස් වසමේ රඹුකේවෙල සහ පේරාදෙණිය පොලිස් වසමේ සරසවිගම නාය යාම්වලින් මියගිය 24 දෙනකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බව ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    අතුරුදන් වූ බවට සැක කෙරෙන තවත් 45 දෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව ත්, රඹුකේඇල මුදුනේකඩේ ප්‍රදේශයේ සිදු වී අති නාය යෑමෙන් පවුල් 15කට අයත් පුද්ගලයින් 43 දෙනකු අතුරුදන්ව සිටි අතර ඊයේ (30) පෙරවරුව වනවිට මළ සිරුරු 10 ක් සොයා ගත් බව පොලීසිය පවසනවා.

    ශ්‍රී ලංකා යුද හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ආරමභ කර තිබෙනවා.

    මෙම ප්‍රදේශය නාය යෑමේ දැඩි අවදාවම් සහිත ප්‍රදේශයක් බවත් වරින් වර ඉවත් වීමේ නිවේදන නිකුත් කර ඇති බවත් මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. එමෙන් ම පස් කන්දට යටවූ පිරිස් අතර එකම පවුලේ 15 දෙනෙකු පමණ සිටින බව වාර්තාවේ.

    ඇතැම් පිරිස් තමා පදිංචි නිවස අවදානම් සහිත වීම හේතුවෙන් නායට හසුවූ ඥාති නිවෙස්වලට පැමිණි අවස්ථාවේ මෙම අපදාවට ලක්ව ඇති බවත් ප්‍රදේශවාසිහු පවසා ඇති බවයි මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් දැක්වෙන්නේ. එම මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අලවතුගොඩ, පවුල් 800ක් පමණ ජීවත්වුන ගම්මානයක් අතුරුදහන් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සමාජ මාධ්‍ය සටහන් නොමග යන සුළු බවයි. පසුගිය 29 වන දා සිදුවූ මෙම නායයෑමට මුහුණ පෑ රඹුකේඇල ගම්මානයේ පවුල් 15ක් පමණ එම ගම්මානයේ සිටි බව ත්, නායයෑමෙන් විනාශ වූ ගෙවල් ගණන 16ක් වන අතර අතුරුදන් වූ මුළු ගණන 56 දෙනෙකු බව ත්, නායයෑමෙන් ජීවිතක්ෂයට පත් වීමෙන් මෙතෙක් හමුවූ මළ සිරුරු ගණන 8ක් බව ත්, එක් අයෙකු දිවි ගලවා ගත් බව ත් මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් තුමිය අප කළ විමසීමේදී තහවුරු කළා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-12-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.