Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සයිෆ් අලී ඛාන් රෝහල්ගතව සිටින ආකාරය දැක්වෙන පළ කිරීම්වල ඇත්ත මෙන්න !

    2025-01-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය 16 වන දා සුපිරි ඉන්දීය නලු සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් පහර කෑම හේතුවෙන් රෝහල්ගත කෙරුණු බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහුගේ නිවසට අනවසරයෙන් ඇතුළු වුණු පුද්ගලයෙක් විස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    පසුගිය 16 වන දා සුපිරි ඉන්දීය නලු සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් පහර කෑම හේතුවෙන් රෝහල්ගත කෙරුණු බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහුගේ නිවසට අනවසරයෙන් ඇතුළු වුණු පුද්ගලයෙක් විසිනුයි මෙම පහර දීම සිදුකර තිබුණේ. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව සයිෆ් අලී ඛාන් බරපතල තුවාල ලබමින් රෝහල් ගත කර ඇති අයුරු දැක්වෙන විවිධ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. එබැවින් අප එම සමාජ මාධ්‍ය ඡායාරූපවල ඇත්ත නැත්ත අප සොයා බැලීමක් කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media)

    “පිහිපාර කෑ සයිෆ් ඛාන් බලන්න බොලිවුඩ් තරු රෝහලට, සයිෆ් දැන් සුවය ලබමින් සිටින බව අද උදෑසන ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණා”. යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරින්

    Archived

    තවත් එවැනි සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරින්,

    Fb|IG

    ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන්නේ සත්‍ය වශයෙන් ම සයිෆ් අලී ඛාන් රෝහල් ගත වීසිටි ආකාරයේ ඡායාරූප ද යන්න අප පරීක්ෂා කර බැලුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මුලින් ම ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීම් පරීක්ෂා කළ බැලූ අතර එම මාධ්‍ය වාර්තා කිරීම්වලට අනුව නළු සයිෆ් අලි ඛාන්ගේ නිවසට ඇතුළු වූ පුද්ගලයා සයිෆ් අලී ඛාන්ගේ පිටුපස, මැණික් කටුව, බෙල්ල, උරහිස සහ වැලමිට යන ස්ථාන පහකට පිහි ඇනුම් එල්ල කර ඇති අතර තුවාල ලැබූ සයිෆ් රෝහල්ගත කර ඇති බවට‍යි වාර්තා කර තිබුණේ. 

    නමුත් සිදුවීම සිදු වූ දිනයේ හෝ ඉන්පසු වාර්තා කළ කිසිඳු පුවතක සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස සයිෆ් අලී ඛාන් රෝහල් ගත කර ඇති ආකාරයේ ඡායාරූප පළ කර තිබුණේ නෑ.

    එබැවින් අප එම ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප ද යන්න සොයා බැලීමක් කළා. ඒ අනුව සයිෆ් අලී ඛාන් දරුණු ලෙස තුවාල ලබා සිටින ආකාරයේ දැක්වෙන ඡයාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මානය කරන ලද එකක් බව අපට තහවුරු වුණා. එනම් මෙය කෘතිම බුද්ධිය භාවිතයෙන් සහ වවිවිධ සංස්කරණයන් ඔස්සේ සකස් කර ඇති බව පැහැදිලි ය.

    එමෙන් ම සයිෆ් අලී ඛාන්ගේ සුව දුක් බැලීමට බොලිවුඩ් තරු රෝහලට පැමිණි ආකාරය දැක්වෙන ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණු බැවින් අප එම ඡායාරූප ද පරීක්ෂා කර බැලුවා. ඒ අනුව සල්මන් ඛාන් සහ ශාරුක් ඛාන් යන සුපිරි තරු සයිෆ් අලී ඛාන්ව බැලීම සඳහා රෝහලට පැමිණි බව දැක්වෙන ඡායාරූප ද කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා බව තහවුරු වනවා.

    මෙම ඡායාරූපයන්ට අමතරව තවත් බොහෝ විවිධ ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද සහ සහිෆ් අලී ඛාන්ගේ චිත්‍රපටවල ඡායාරූප ද සම්බන්ධ කරමින් ඔහු රෝහල් ගත කර ඇති බවට සටහන් සමාජ මාධ්‍යයේ පළ වී ඇති බැවින් ඉන්දියානු මාධ්‍ය එම ඡායාරූපවල සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කර තිබුණේ මේ අයුරින් සහ මේ අයිරින්.

    එසේම පසුගිය (22) දිනයේදී ඉන්දියානු ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් සයිෆ් අලි ඛාන් සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවට තොරතුරු වාර්තා කර තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.

    සුපිරි නළු සයිෆ් අලී ඛාන්ට පිහි ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීම

    බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා..

    පසුගිය 16 වන දින අලුයම 2.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර සයිෆ් අලී ඛාන්ව මුම්බායි හිලීලාවතී රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවා.

    සයිෆ් අලි ඛාන්ගේ බිරිඳ කරීනා කපූර් සහ පුතුන් වන තායිමූර් සහ ජේ සමඟ නිදා සිටියදී සැකකරු අනවසරයෙන් නිවසට ඇතුළු වී තිබෙනවා.

    පසුව නළුවා සහ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා අතර ගැටුමක් ඇති ව ඇති අතර, අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා සයිෆ් අලි ඛාන්ට කිහිප වතාවක් පිහියෙන් ඇන අපරාධ ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි පරීක්ෂණ මෙහෙයවන පොලීසිය පවසන්නේ. එම පිහි ඇනුම්වලින් සයිෆ් අලී ඛාන්ගේ පිට, වැලමිට, උරහිස, බෙල්ල සහ මැණික් කටුව යන ස්ථාන පහකට තුවලා සිදුවී තිබුණා.

    සයිෆ් අලී ඛාන්ගේ නිවසට ඇතුළු වී ප්‍රහාර එල්ල කළ පුද්ගලයා පසුගිය වසරේ බංග්ලාදේශයේ සිට නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පැමිණ බිජෝයි දාස් යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි අයෙකි. ඔහුව ඉන්දීය පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    නිගමනය (Conclusion)පසුගිය 16 වන දා සුපිරි ඉන්දීය නලු සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් පහර කෑම හේතුවෙන් රෝහල්ගත කෙරුණු බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කිරීමෙන් පසු සයිෆ් අලී ඛාන් බරපතල තුවාල ලබමින් රෝහල් ගත කර ඇති අයුරු දැක්වෙන සමාජ මාධ්‍යයේ පළවන විවිධ ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා බව පැහැදිලි වේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-01-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.