දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා ශ්රී ලංකාවේ මහජන මුදල් වැය කරමින් පෞද්ගලික ජෙට් යානා භාවිත කරන බවට සමාජ මාධ්ය ජාලාවල පළ වූ ඡායාරූප සටහනක නිරවද්යතාය සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්ය සටහන් :
“හොද වෙලාවට කට්ටිය බුදු ගෙවපු හින්දා මෙහෙම ගමන් යන්නේ ප්රයිවට් ජෙට් එකේ” යනුවෙන් සඳහන් කරමින් ශ්රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා සිය භාර්යාව සමග පෞද්ගලික ජෙට් යානාවකින් රටේ බදු මුදල් වලින් වියදම් කරමින් ගමන් කරන බවට දක්වා තිබුණා.

එය ඉංග්රීසි මාධ්යයෙන් ද, සඳහන් කළ සටහනක් ‘X’ ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.
Let’s keep on paying more taxes!
— Evil Savior (@EvilSavior7) December 13, 2023
The budget indeed allow more allocation for defense coz they chose to travel in private jets. 👌🏻 pic.twitter.com/HiABbkduIk
මෙහි නිරවද්යතාව පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
ආරක්ෂක අමාත්යංශ මුලාශ්ර
ශ්රී ලංකා ආරක්ෂක අමාත්යාංශයට සමීප මුලාශ්ර ඔස්සේ අපට දැනගන්නට ලැබුණේ , එම ඡායාරූපයේ දැක්වෙන්නේ ඉන්දීය ගුවන් හමුදාව විසින් සපයන ලද විශේෂ ජෙට් යානයක සිටින ජෙනරාල් ශවේන්ද්ර සිල්වා සහ ඔහුගේ බිරිඳ බවයි. එය ශ්රී ලංකා රජය විසින් කිසිදු අරමුදලක් මේ සඳහා සපයා නොමැති බව ද, ආරක්ෂක අමාත්යාංශය තහවුරු කර සිටිනවා.
ජෙනරාල් ශවේන්ද්ර සිල්වා ඉන්දීය හමුදා ඇකඩමියේ විසිර යාමේ උත්සවයේ (passing out ceremony) ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ බැවින් එහි පැමිණීමට ඉන්දියාවේ දිල්ලි සිට සහ ආපසු මෙම ජෙට් යානය ලබා දුන්නේ ඉන්දීය ගුවන් හමුදාව ද, බව ද, පැවසූවා.
ඉන්දියානු හමුදා ඇකඩමිය:
ජෙනරාල් ශවේන්ද්ර සිල්වා ඉන්දීය හමුදා ඇකඩමියේ විසිර යාමේ උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ බවට ඉන්දීය හමුදා ඇකඩමියේ සඳහන් කරනවා.

ඉන්දීය හමුදාවේ අතිරේක අධ්යක්ෂක කාර්යාලය
මහජන කටයුතු සම්බන්ධයෙන් ඉන්දීය යුද හමුදාවේ අතිරේක අධ්යක්ෂක කාර්යාලයේ ට්විටර් පණිවුඩයක් මගින් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා එම අවස්ථාවට සහභාගී වූ බව තහවුරු කරනු ලබන්නේ මෙලෙසින්.
“Autumn Term 2023 Passing Out Parade at Indian Military Academy #IMA”
— ADG PI – INDIAN ARMY (@adgpi) December 9, 2023
General Shavendra Silva, Chief of Defence Staff #CDS, #SriLanka reviewed the #POP at #IMA, #Dehradun for the Autumn Term 2023.
372 #OfficerCadets, including 29 #OfficerCadets from the Friendly Foreign… pic.twitter.com/xGPSPlbEtV
ශ්රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජෙනරාල් ශවේන්ද්ර සිල්වා
ශ්රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, ඉන්දියාවේ දෙහ්රාඩුන් හි පැවති ඉන්දීය හමුදා ඇකඩමියේ විසිර යාමේ පෙළපාලියේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස තමන්ට ආරධනා ලැබී ඊට සභාභාගී වූ බව ත්, ඉන්දීය රජය විසින් ඊට සියලු ප්රවාහන පහසුකම් සපයා තිබූ බවත්, මේ සඳහා ශ්රී ලංකා රජයේ අරමුදල් වැය නොවූ බවත් ය.
ශ්රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා දෙසැම්බර් 9 වන දින දෙහ්රාඩුන් හි පැවති ඉන්දීය හමුදා ඇකඩමියේ විසිර යාමේ පෙළපාලියේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සභාභාගී වී තිබීම ශ්රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් බවට පුවත් වාර්තා පෙන්වා දෙනවා. ඉන්දියානු හමුදා ඇකඩමියට දක්ෂ නිලධාරීන් වැඩිම සංඛ්යාවක් දායාද කරන හමුදා ආයතනය ලෙස IMA හඳුන්වනු ලබනවා.
ඉන්දියානු හමුදාවේ ලුතිනන් ජෙනරාල් මනෝජ් කුමාර් කටියාර් සහ ලුතිනන් ජෙනරාල් විජේ කුමාර් මිශ්රා විසින් ජෙනරාල් සිල්වා මහත් හරසරින් පිළිගෙන තිබෙනවා. ඔහු චාරිත්රානුකූලව ආචාර පෙළපාලිය වෙත කැඳවාගෙන ගිය අතර එහිදී ඔහු විසිර යන කැඩෙට් නිලධාරීන්ගෙන් ආචාරය ලබා ගත් බවට පුවත් වාර්තා පෙන්වා දෙන්නේ මෙලෙසින් සහ මෙලෙසින්.
Factcrescendo අප ඉන්දීය කණ්ඩායම:
Fact Crescendo අප ඉන්දීය කණ්ඩායම, ආරක්ෂක අමාත්යාංශයට සමීප මුලාශ්ර ඔස්සේ අපට ලැබුණු තොරතුරු සනාථ කරමින් , ඔවුන්ගේ උත්සවවලට පැමිණෙන අමුත්තන් සඳහා ප්රවාහන පහසුකම් සැපයීම ඉන්දීය හමුදාවේ සාමාන්ය සිරිත බව තහවුරු කරනු ලැබීය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
ජෙනරාල් ශවේන්ද්ර සිල්වා විශේෂ ජෙට් යානයකින් මෙරට ජනතාවගේ බදු මුදලින් පෞද්ගලික ගමන් සඳහා යොදා ගන්නා බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන නොමග යන සුළුයි.
එම අවස්ථාව ඉන්දීය හමුදා ඇකඩමියේ විසිර යාමේ උත්සවයට ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම සඳහා ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතාට මෙම සංචාරය සඳහා සියලු ප්රවාහන පහසුකම් මෙන් ම අනෙකුත් පහසුකම් ඉන්දීය ගුවන් හමුදාව විසින් සලසා දී ඇත. ශ්රී ලංකාවේ ආරක්ෂක අමාත්යාංශයට සමීප මුලාශ්ර ඔස්සේ ලැබුණු තොරතුරු සහ ඉන්දීය හමුදා ඇකඩමිය ද, මේ පිළිබඳව තහවුරු කරන ලබයි.



