Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    තායිලන්තය ලාංකිකයන්ට වීසා සහනය අහෝසි කළේ ශ්‍රී ලංකාවට විතරක්ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-09
    9 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පසුගිය දින කිහිපය තුළ ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වන පුවතක් වූයේ, ලාංකිකයන්ට තායිලන්තය විසින් ලබා දී තිබූ වීසා රහිතව ඇතුළු වීමේ සහනය (Visa Exemption) සැප

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    පසුගිය දින කිහිපය තුළ ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වන පුවතක් වූයේ, ලාංකිකයන්ට තායිලන්තය විසින් ලබා දී තිබූ වීසා රහිතව ඇතුළු වීමේ සහනය (Visa Exemption) සැප්තැම්බර් 15 සිට අහෝසි කර ඇති බවයි. මෙම තීරණය ශ්‍රී ලංකාවට පමණක් බලපාන්නක් බව ත්, එය වත්මන් රජයේ ක්‍රියාකලාපය නිසා සිදු වූවක් බව ත් හඟවමින් ඇතැම් සමාජ මාධ්‍ය සටහන් පළ වූ අතර අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Facebook | Archived Link  Facebook | Archived Link

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    තායිලන්තය සිදු කර ඇත්තේ සමස්ත වීසා ක්‍රමයක ප්‍රතිසංස්කරණයකි

    තායිලන්ත කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු, අදාළ රෙගුලාසිය 2026 අගෝස්තු 31 වන දින නිල ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර, එය 2026 සැප්තැම්බර් 15 වන දින සිට ක්‍රියාත්මක වේ. 

    තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ Thai MFA නිල නිවේදනයට  අනුව, මෙතෙක් පැවති දින 60 වීසා නිදහස් ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර, ඒ වෙනුවට නව ක්‍රම කිහිපයක් හඳුන්වා දී තිබේ.

    • සංචාරක අරමුණු සඳහා, රටවල් 60ක් සඳහා පමණක්, වීසා අවශ්‍ය නොවන අතර, ඔවුන් සඳහා ද පැවති කලින් දින 60ක් වූ පහසුකම දින 30ක් දක්වා අඩු කර තිබේ.
    • සීෂෙල්ස් සහ මුරුසිය (Seychelles & Mauritius) යන රටවල් දෙක සඳහා දින 15ක් සඳහා වීසා නිදහස් කර තිබේ.
    • අසර්බයිජාන්, බෙලරුස් සහ සර්බියාව (Azerbaijan, Belarus and Serbia) යන රටවල් තුන සඳහා පමණක් පැමිණීමේදී වීසා (Visa on Arrival) ලබා ගත හැක.

    තායිලන්ත සංචාරක අධිකාරියේ නිල මාධ්‍ය ද මෙම ප්‍රතිපත්ති රාමුව, තායිලන්තයේ සමස්ත සංචාරක වීසා පද්ධතියේම ප්‍රතිසැලසුම් කිරීමක් ලෙස වාර්තා කර තිබේ. එනම් ශ්‍රී ලංකාවට පමණක් ගත් තීරණයක් ලෙස වාර්තා කර නොමැත.

    වීසා නිදහස අහිමි වූයේ ශ්‍රී ලංකාවට පමණක් නොව, එය රටවල් 21කට බලපායි

    කලින් දින 60 වීසා නිදහස් ක්‍රමයට ඇතුළත්ව සිටි නමුත් නව නීතිය අනුව දින 30, දින 15 හෝ පැමිණීමේදී වීසා ලැයිස්තුවලට ඇතුළත් නොවූ රටවල් 21ක් තිබෙන අතර, ශ්‍රී ලංකාව ඒ අතර එක් රටකි. එම අනෙක් රටවල් වන්නේ, 

    ඇල්බේනියාව, ඇන්ඩෝරාව, කොලොම්බියාව, කියුබාව, ඩොමිනිකා, ඩොමිනිකන් ජනරජය, ඉක්වදෝරය, ගෝතමාලාව, ජැමෙයිකාව, කොසෝවෝ, මෙක්සිකෝව, මොනාකෝව, මොරොක්කෝව, පැනමාව, පැපුවා නිව්ගිනියාව, සැන් මරිනෝ, ශ්‍රී ලංකාව, ටොංගා, ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ, උරුගුවේ සහ උස්බෙකිස්තානය.

    VisasNews 

    එබැවින්, ශ්‍රී ලංකාවට පමණක් වීසා නිදහස අහෝසි වී ඇති බවට හැඟවෙන ලෙස වාර්තා කිරීම නොමග යවන සුළු වේ. 

    ශ්‍රී ලාංකික ගමන්කරුවන්ට ඇති වන ප්‍රායෝගික බලපෑම

    ඒ අනුව, 2026 සැප්තැම්බර් 15 සහ ඉන් පසු ගමන් කරන ශ්‍රී ලාංකිකයන් සාමාන්‍ය ගමන් බලපත්‍රධාරීන් තායිලන්ත වීසා කල්තියා ලබා ගත යුතු අතර, කොළඹ තායි තානාපති කාර්යාලයේ නව වීසා පියවර පිළිබඳ නිවේදනයට අනුව, සියලු අයදුම්පත් තායිලන්තයේ නිල e-Visa පද්ධතිය ඔස්සේ අන්තර්ජාලය හරහා පමණක් ඉදිරිපත් කළ යුතු අතර, තානාපති කාර්යාලයේදී ඉදිරිපත් කරන පුද්ගලික හෝ භෞතික අයදුම්පත් පිළිගනු නොලැබේ.

    සංචාරක වීසා සඳහා සම්පූර්ණ ලේඛන ඉදිරිපත් කළ දිනයේ සිට වැඩ කරන දින 3-7ක් පමණ ගත වන බව නිල නිවේදනයේ සඳහන් වේ. Non-Immigrant සහ DTV වැනි වර්ගවලට වැඩි කාලයක් ගත විය හැක. 

    සැප්තැම්බර් 15ට පෙර පැරණි වීසා නිදහස යටතේ තායිලන්තයට ඇතුළු වන්නන්ට, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රයේ සටහන් කර ඇති අවසර දුන් දිනය දක්වා එරට රැඳී සිටිය හැක.

    තායිලන්තය රටවල් සඳහා දක්වා ඇත්තේ පොදු නිර්ණායක පමණි

    මෙම නව ප්‍රතිපත්තිය සකස් කිරීමේදී තායිලන්තය සියලුම රටවල් කෙරෙහි පොදුවේ බලපෑ පහත සඳහන් පොදු නිර්ණායක 5ක් සැලකිල්ලට ගෙන තිබේ.

    ජාතික ආරක්ෂාව (National Security): විදේශිකයන් රට තුළට පැමිණීමේදී සිදුවන නීති විරෝධී ක්‍රියා, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වීසා නීති උල්ලංඝනය කිරීම් වැළැක්වීම. 

    සංචාරක සහ ආර්ථික අභිලාෂයන් (Tourism and Economic Interests): තායිලන්තයට සැබෑ ලෙසම පැමිණෙන සංචාරකයින් සහ ආර්ථිකමය වශයෙන් දායකත්වයක් දෙන පාර්ශවයන් පමණක් දිරිමත් කිරීම.

    ද්විපාර්ශ්වික අන්‍යෝන්‍යභාවය (Reciprocity): අදාළ රටවල් විසින් තායිලන්ත පුරවැසියන් සඳහා ලබා දෙන වීසා සහන මට්ටම (උදාහරණයක් ලෙස යම් රටක් තායිලන්ත වැසියන්ට වීසා සහන දෙන්නේ නැත්නම්, තායිලන්තයද එම රටට ලබා දෙන සහන සමාලෝචනය කිරීම).

    වීසා වරප්‍රසාද එකිනෙක සමඟ ගැලපීමේදී ඇතිවූ සංකුලතා අවම කිරීම (Reduction of Overlapping Visa Privileges): මීට පෙර පැවති සංකීර්ණ සහ පරස්පර වීසා ක්‍රමවේදයන් සරල කර, පොදු නීති පද්ධතියකට රටවල් කාණ්ඩ කිරීම. 

    ඩිජිටල් e-Visa පද්ධතියේ පවතින පහසුකම් (Availability of Thailand’s e-Visa System): අදාළ රටවල සංචාරකයින්ට තායිලන්ත තානාපති කාර්යාල වෙත නොගොස්, අන්තර්ජාලය හරහා (Official Thailand e-Visa Portal) පහසුවෙන් වීසා ලබා ගැනීමට ඇති තාක්ෂණික හැකියාව. 

    මෙම පොදු නිර්ණායක මත පදනම්ව ඔවුන් සිදුකළ සමීක්ෂණයෙන් පසුව, මීට පෙර වීසා සහන ලැබූ රටවල් 93න් රටවල් 21ක් (ලංකාව ද ඇතුළත්ව) වීසා සහන ලැයිස්තුවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    මෙම ප්‍රතිසංස්කරණය හදිසියේ ගනු ලැබූ තීරණයක් නොව, එය 2026 අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයකින් (iVisa වාර්තාව) ආරම්භ විය. එහිදී, 2024දී එක් කළ රටවල් 36ක් පමණ ඉවත් කරමින්, වීසා නිදහස් ලැයිස්තුව රටවල් 93 තිබීමට පෙර ක්‍රියාත්මක වූ, රටවල් 57ක වීසා නිදහස් ප්‍රතිපත්තියට සමාන පිළිවෙතක් වෙත නැවත ගමන් කිරීමට යෝජනා විය. 

    එහි ප්‍රධාන හේතු ලෙස තායි බලධාරීන් දැක්වූයේ ජාතික ආරක්ෂාව, සීමාව ඉක්මවා රැඳී සිටීම, සහ ජාත්‍යන්තර වංචා ජාල හා අපරාධකරුවන් විසින් වීසා පහසුකම් අනිසි ලෙස භාවිත කිරීම මැඩපැවැත්වීම සහ ප්‍රමාණයට වඩා ගුණාත්මකභාවයට මුල් තැන දෙන සංචාරක ප්‍රතිපත්ති මාරුවයි.

    එබැවින් මෙය, තායිලන්තයේ ජාතික ප්‍රතිපත්තියක් මත ගත් තීරණයක් බව පැහැදිලි වේ.

    ශ්‍රී ලංකාවට මෙම ලැයිස්තුවට ඇතුළු වීමට බලපෑ කරුණු ගැන විදෙස් ඇමතිගේ පැහැදිලි කිරීම 

    තායිලන්තය සිය සමස්ත වීසා ප්‍රතිපත්තිය සංශෝධනය කරමින් රටවල් 21ක් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පොදු නිර්ණායක භාවිත කළද, ශ්‍රී ලංකාව එම ඉවත් කළ රටවල් ලැයිස්තුවට ඇතුළත් වීමට ලාංකිකයන් විසින් සිදු කරන ලද නීති විරෝධී ක්‍රියා සෘජුවම බලපා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඊයේ (08) දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යවේදියෙකු නැගූ ගැටලුවකට පිළිතුරු දෙමින් සඳහන් කළා.

    වීසා සහනය අවභාවිත කරමින් තායිලන්තයට ඇතුළු වූ ඇතැම් ශ්‍රී ලාංකිකයන්, තායිලන්තය තුළ විවිධ නීති විරෝධී ක්‍රියාවල නිරත වීම, තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට සහ වෙනත් රටවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාවාරම්වලට ලාංකිකයන් සම්බන්ධ වීම, මෑතකදී තායිලන්තයේ බැංකොක් නුවර සංචාරයක නිරත වී මෙරටට පැමිණි, භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටි තරුණ පිරිසක් ගමන් මලු වල සකස් කර තිබූ රහස් කුටීර තුළ සඟවාගෙන මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන යාම වැනි සිදුවීම් බලපා ඇති බව ත්, අමාත්‍ය වරයා පෙන්වා දුන්නා.

    කෙසේ වෙතත්, මේ සඳහා විසඳුමක් ලෙස තායිලන්තය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බව ත්, ආගමන විගමන හා නීතිපති දෙපාර්තමේන්තු වල නිරවුල් කිරීම් සහිතව ඉදිරියේදී ද්විපාර්ශ්වික වීසා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී පැහැදිලි කළා.

    Facebook

    මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව සඳහා වන වීසා ප්‍රතිපත්තිය සිදු වූ ප්‍රධානතම වෙනස්කම් සහ ඒවායේ පසුබිම

    2024 ජූලි 15 : මීට පෙර ලාංකිකයන්ට තායිලන්තයට යාමට වීසා අනිවාර්ය වී තිබූ අතර, සංචාරක ව්‍යාපාරය දිරිමත් කිරීම සඳහා 2024 ජූලි 15 දින සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93කට දින 60ක කාලයක් සඳහා වීසා රහිතව ඇතුළු වීමේ පහසුකම තායිලන්ත රජය විසින් අලුතින්ම හඳුන්වා දෙන ලදී. 

    2026 සැප්තැම්බර් 15 (වත්මන් සංශෝධනය): 2024 ජූලි මාසයේදී ලබා දුන් දින 60ක වීසා සහනය අවභාවිත වීම සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලු හේතුවෙන්, වසර දෙකකට පමණ පසු නැවතත් පැරණි ක්‍රමයටම ලාංකිකයන් සඳහා තායිලන්තයට ඇතුළත් වීමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය කරමින් මෙම නවතම සංශෝධනය සිදු කර තිබේ. 

    දිනයසිදුවීමතීරණයේ ස්වභාවය
    2024 ජූලි 15රටවල් 93කට දින 60 වීසා නිදහස (ශ්‍රී ලංකාව ද ඇතුළත්ව), සංචාරක, ව්‍යාපාරික සම්බන්ධතා සහ කෙටිකාලීන/හදිසි/තාවකාලික වැඩ (වැඩ වර්ග 17ක්) සඳහා; දින 30ක් දක්වා දීර්ඝ කළ හැකි, උපරිම දින 90. VOA රටවල් 19→31; නව DTV (වසර 5) වීසාව හඳුන්වා දෙන ලදි.තායි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ නිවේදන / රාජකීය ගැසට් — රටවල් 93කට පොදුවේ අදාළ වූ තීරණයකි (ශ්‍රී ලංකාවට පමණක් නොවේ; පෙර පැවති පාලනය යටතේ).
    2024 ඔක්තෝ. 8කොළඹ තානාපති කාර්යාලයේ භෞතික වීසා නිකුතුව නවතා, නිල e-Visa පද්ධතිය හඳුන්වා දෙන ලදි.තානාපති කාර්යාල පරිපාලන පියවරකි.
    2026 අගෝ. 31දින 60 වීසා නිදහස් ක්‍රමය අහෝසි කරමින් අභ්‍යන්තර අමාත්‍යාංශ නිවේදනය රාජකීය ගැසට් පත්‍රයේ පළ විය.තායි කැබිනට් අනුමැතිය සහිත රාජ්‍ය තීරණයකි.
    2026 සැප්. 15නව රාමුව ක්‍රියාත්මක: රටවල් 60කට දින 30; රටවල් 2කට දින 15; රටවල් 3කට VOA; සරල ක්‍රමවලින් රටවල් 21ක් ඉවත් කෙරුණි (ශ්‍රී ලංකාව ද ඇතුළත්ව).රටවල් 21කට පොදු තීරණයකි, ශ්‍රී ලංකාව ඉවත් කළ රටවල් 21න් එකක් පමණි.

    වීසා සහන ලබා දීම සහ ඉවත් කිරීම යන දෙකම තායිලන්තයේ පුළුල් ප්‍රතිපත්ති තීරණ; ශ්‍රී ලංකාව ඒවායින් එක් රටක් පමණි

    ඒ අනුව පැහැදිලි වන්නේ ද, 2024 ජූලි 15 වන දින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93කට දින 60ක වීසා රහිත ප්‍රවේශය තායිලන්තය විසින් ලබා දෙනු ලැබුවේ, සංචාරක හා ආර්ථික අභිවෘද්ධිය ඉලක්ක කරගත් තායි රජයේ පුළුල් ප්‍රතිපත්තිමය තීරණයක් ලෙසිනි. එය කිසියම් රටක රජයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෙන ගිය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවක ප්‍රතිඵලයක් නොව, එකවර රටවල් රැසකට අදාළ වූ පොදු තීරණයක් විය. එබැවින් එම සහනය “යම් රජයක ජයග්‍රහණයක්” ලෙසත්, එය ඉවත් වීම “වෙනත් රජයක අසාර්ථකත්වයක්” ලෙසත් හැඳින්වීම නිවැරදි නොවේ.

    තායිලන්තය සිය වීසා ප්‍රතිපත්තිය කලින් කලට ජාතික ආරක්ෂාව, සංචාරක අවශ්‍යතා සහ ආර්ථික ප්‍රමුඛතා අනුව සංශෝධනය කරයි. 2026 සැප්තැම්බර් 15 වන දින සිදු වූ වෙනසින් ද දින 60 ක්‍රමය අහෝසි කරමින් සරල වීසා ක්‍රමවලින් රටවල් 21ක් ඉවත් කරන ලද අතර, ශ්‍රී ලංකාව ද ඒ අතර එක් රටක් පමණි. මෙය හදිසි තීරණයක් ද නොවේ; එය 2026 අප්‍රේල් මාසයේ ඉදිරිපත් වූ ප්‍රතිපත්ති සමාලෝචනයකින් ආරම්භ විය. එබැවින්, 2024 දී වීසා සහනය ලැබීමත්, 2026 දී අහිමි වීමත් යන දෙකම ශ්‍රී ලංකාවට එරෙහිව හෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන වෙනම ගත් තීරණ නොව, තායිලන්තයේ සමස්ත වීසා ප්‍රතිපත්තියේ කොටස් වේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, තායිලන්තය විසින් ශ්‍රී ලාංකිකයන් සඳහා ලබා දී තිබූ වීසා රහිතව ඇතුළු වීමේ සහනය අහෝසි කිරීම, තායිලන්ත රජය විසින් සිය රටේ ජාතික ආරක්ෂාව, මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සහ ආගමන විගමන නීති දැඩි කිරීම යනාදී කරුණු සලකා බලමින් සිදුකළ ප්‍රතිපත්තිමය සංශෝධනයක කොටසක් බවයි.

    ඒ යටතේ, කලින් වීසා ලබාගැනීම අවශ්‍ය නොවූ රටවල ගමන් බලපත්‍ර හිමියන් ද තායිලන්තයේ රැඳී සිටිය හැකි කාල සීමාවන් අඩු කිරීම ඇතුළු සංශෝධන සිදුකර ඇති අතර, ඒ යටතේ, ලංකාව ඇතුළු රටවල් 21ක් ගමන් බලපත්‍ර හිමියන්, තායිලන්තයට ඇතුළුවීමට පෙර වීසා අයදුම්කර ලබාගෙන තිබීම අනිවාර්ය කර තිබේ.

    වීසා සහනය ලැබී තිබු පසුගිය වසර දෙකක සමයේ, එය අවභාවිත කරමින් ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කරන ලද නීති විරෝධී ක්‍රියා ද, ලංකාවෙන් මෙම වීසා සහනය ඉවත්කිරීමට සෘජුවම හේතු වී තිබෙන බව විදෙස් කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙනවා. 

    එබැවින්, 2024 දී වීසා සහනය ලැබීමත්, 2026 දී අහිමි වීමත් යන දෙකම ශ්‍රී ලංකාවට එරෙහිව හෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන වෙනම ගත් තීරණ නොව, තායිලන්තයේ සමස්ත වීසා ප්‍රතිපත්තියේ කොටස් බව පැහැදිලිය.

    මෙය කාලීනව තායිලන්තය විසින් සිදුකරන පොදු රාජ්‍යතාන්ත්‍රික වෙනස්කමක් වන අතර, දෙරට අතර පවතින සබඳතා මත ඉදිරියේදී නව වීසා ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකා රජය මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇත.

    Result Stamp

    Title: තායිලන්තය ලාංකිකයන්ට වීසා සහනය අහෝසි කළේ ශ්‍රී ලංකාවට විතරක්ද?

    Fact Check By: Pavithra Sandamali

    Result: Missing Context

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-09-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.