Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මොරගහකන්ද දැවැන්ත පාලමක් කඩා ගිය බව පෙන්වූ දර්ශන වල ඇත්ත කතාව!

    2025-12-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටු තත්ත්වය හමුවේ ඇද හැළුණු වර්ෂාපතනය සමගින්, මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සිදු කළා. ඇති වූ ජල ගැල්මත් සමගින් මොරගහකන්ද වේල්ල ට ඉදිරියෙන් පිහිටි (මොරගහකන්ද – කළ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    දිට්වා සුළි කුණාටු තත්ත්වය හමුවේ ඇද හැළුණු වර්ෂාපතනය සමගින්, මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සිදු කළා. ඇති වූ ජල ගැල්මත් සමගින් මොරගහකන්ද වේල්ල ට ඉදිරියෙන් පිහිටි (මොරගහකන්ද – කළුගඟ මාර්ගයේ අඹන් ගඟට ඉහළින් ඇති)  පාලම කැඩී ඇති බවට පුවත් වාර්තා කරනු ලැබුවා. සත්‍ය වශයෙන් ම මෙහි සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ අප විමසා බැලීමක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    මොරගහකන්ද-ලග්ගල යාකෙරුණු දැවැන්ත පාලම කැඩී ගොස් ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා සියල්ලක්ම පාහේ මෙම පුවත වාර්තා කර තිබුණා.

    Facebook

    Facebook

    ‍

    සත්‍ය වශයෙන් ම මෙම පාලම කැඩී ගොස් ඇත් ද යන්න පිළිබඳ අප විමසා බැලීමක් කිරීමට පියවර ගනු ලැබුවා.

    Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

    කෙසේවෙතත් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ක්‍රමයෙන් නවතා දමා ජලය අඩු වීමත් සමඟ, එහි ලබාගත් දර්ශන සමඟ සමාජ මාධ්‍ය පරිශීලකයින් පෙන්වා දෙන්නේ, මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කඩා වැටුණේ, මොරගහකන්ද- ලග්ගල යා කෙරුණු පාලම නොව, පාලමේ දකුණු ඉවුරේ මාර්ගයේ විශාල ප්‍රමාණයක් බවයි.

    Facebook | Archived Link

    මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ

    කෙසේ වෙතත් මේ ගැන පැහැදිලි කර ගැනීම සඳහා අප මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ඉංජි. ඩි.එම්. ධර්මදාස මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කරනු ලැබුවා.

    ඒ මහතා සඳහන් කළේ, මොරගහකන්ද පාලම කැඩී නොමැති බව ත්, ජලය ගලා යන දිශාවේ සිට බැලුවොතින් පාලමට දකුණු පසින් පාලමට යාකෙරෙන මාර්ගය කොටස කැඩී ඇති බවයි.

    ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන්

    අප මේ පිළිබඳව මාතලේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ, මොරගහකන්ද පාලම නොවෙ ඊට යා කර ඇති මාර්ගයේ කොටසක් මෙලෙසින් කැඩී ඇති බවයි.

    මාධ්‍යවේදී රුමේෂ් වීරසේකර සඳහන් කළේ, අඹන් ගගේ ඇලහැර අමුණට උඩින් මොරගහකන්ද, කලු ගග හෙට්ටිපොළ මාර්ගයේ ඇති පාලම කැඩී ගිය බවට පැවසුවද, එහි කැඩී ඇත්තේ, පාලම නොව පස් බැම්මේ කොටසක් බවයි. ඒ බව පෙන්වීමට ඔහු ඡායාරූප සටහනක් ද පළකර තිබුුුණේ මෙලෙසින්. එහි ඡායාරූප පරික්ෂා කිරීමේ දී පාලමේ කෙළවර ගොඩබිම සමඟ සම්බන්ධ වන කොටස කැඩී ගොස් ඇති කොටස දැක ගන්නට හැකි වේ. සමාජ මාධ්‍ය ඔස්සේ පාලමේ වත්මන් තත්වය දක්වෙමින් පළවූ තවත් වීඩියෝවකින් ලබාගත් දර්ශනයක් ද පහතින්.


    එහි සමීප දසුනක් පහතින්. අදාළ වීඩියෝව මෙතනින්.

    තවද පාලමේ ගොඩ බිමට යාවන මාර්ගය මෙම ජල පහරින් කැඩී ගොස් ඇති අතර පාලමට කිසිදු බලපෑමක් නොවී ඇති බවයි මාධ්‍යවේදී රුමේෂ් වීරසේකර පැවසුවේ. එමෙන් ම ඉංජිනේරුවන්, මහවැලි අධිකාරියේ නිලධාරීන් පැමිණ පාලමේ නැවත මිනුම් සටහන් කර ඇති අතර පාලමට අනතුරක් මෙම ජල ගැලීමෙන් සිදුව නොමැති බවට ප්‍රකාශ කළ බව ත්, ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. මේ පිළිබඳව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් ද, පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook

    2024 වසරේ මොරගහකන්ද පාලමේදී ලබා ගත් වීඩියෝවක් පහතින්.

    Facebook

    ඉහත වීඩියෝවෙන් ලබාගත් දර්ශන පරික්ෂා කිරීමේ දී පාලමේ කුළුණු දෙකක් පාලමේ මධ්‍යස්ථව ඇති බව දැක ගන්නට ලැබේ.

    මොරගහකන්ද පාලමේ මාර්ගය කැඩීයාමෙන් පසු පටිගත කරන ලද වීඩියෝවකින් අප ලබා ගත් තිරපතක් (Flip කර ඇත) පරීක්ෂා කිරීමේදීද, ඉහත පාලම මැදින් පෙනෙන පාලම් කණු දෙක දැක ගන්නට ලැබෙන අතර 1 ලෙස සඳහන් කර ඇති පාලම් කණුවේ ඉදිරියට ඇති කොටසින් පසු මාර්ගයට සම්බන්ධ වී ඇති බස් බැම්ම කැඩී ඇති බවට දැක ගන්නට ලැබුණා.

    Facebook

    Google Maps හරහා පරික්ෂා කිරීමේ දී ද පාලමට සම්බන්ධ වන කොටස, පාලමෙන් පසුව තිබෙන වංගුව සහ ඉන් පසුව ඇති ප්‍රදේශය ද ඇතුළුව ඇතුළු විශාල පස් කණ්ඩියක් කඩාගෙන ගොස් ඇති ආකාරය මෙලෙසින් දැක්විය හැක. (රතු පැහැයෙන් දැක්වෙන්නේ එසේ කඩාගෙන ගොස් ඇති පස් කණ්ඩිය සහ පාලම ගොඩබිමට සම්බන්ධ වූ ප්‍රදේශයයි)

    Google Mapsමාධ්‍යවේදී රුමේෂ් වීරසේකර ලබාගත් Drone ඡායාරූප

    මේ පිළිබඳව වැඩිදුරටත් ලැබෙන තොරතුරු මත මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-12-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.