Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Explainer: එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයට නව ප්‍රධානියෙක්?

    2021-08-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ දේශපාලනයේ දිගු ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය කටයුතු දමිළ ජාතිකයෙකු වෙත ලබා දී ඇති බව දක්වන පුවතක් ලංකාවේ දමිළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර බොහෝ ලෙස හුවමාරු වී තිබුණා. මෙයට හේතුව වී තිබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳ කරුණු ඇතුළ

    ලංකාවේ දේශපාලනයේ දිගු ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය කටයුතු දමිළ ජාතිකයෙකු වෙත ලබා දී ඇති බව දක්වන පුවතක් ලංකාවේ දමිළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර බොහෝ ලෙස හුවමාරු වී තිබුණා. මෙයට හේතුව වී තිබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳ කරුණු ඇතුළත් පුවත් වාර්තා වීමයි. 

    මේ ආකාරයෙන් ඇත්ත වශයෙන්ම නව මාධ්‍ය ප්‍රධානියෙකු එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පත්කර තිබුණේ දැයි සොයා අප සිදුකළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක සුප්පයියා ආනන්ද කුමාර් මහතා පත් කර ඇති බවට දමිළ භාෂාවෙන් පළ වූ පුවතක් එම මහතාගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙහි දක්වා තිබුණේ, වීරකේසරි දමිළ පුවත් පතේ පළ වූ පුවතක් වන අතර එහි සිංහල භාෂා පරිවර්ථනය මෙසේය.

    එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස රත්නපුර දිස්ත්‍රික් සංවිධායක එස්. අනන්තකුමාර් මහතා පත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් අද (04) මෙම පත් කිරීම සිදු කර ඇත.

    මෙම පත්වීම සිදු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ය.

    එක්සත් ජාතික පක්ෂය පැවසුවේ මෙම පත් කිරීම අගෝස්තු 1 දා සිට බලපැවැත්වෙන බවයි.

    එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශය භාරව සිටිනවාට අමතරව රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස ද එස්. අනන්තකුමාර් කටයුතු කරයි.

    virakesari | Archived Link

    malainaadu දමිළ පුවත්පතේ ද මෙම පත්කිරීම සම්බන්ධයෙන් දක්වා තිබූ අතර එම පත් කිරීම පසුගිය 3 වන දා සිදු කර ඇති බවට එම වාර්තාව පෙන්වා දෙන්නේ මෙලෙසිනි.

    Archived Link

    එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස ආනන්ද කුමාර් මහතා පත් කර ඇත්දැයි යන්න අප විමසීමක් කරනු ලැබුවා.

    Explained (කරුණු පැහැදිලි කිරීම)

    අප මෙම පත් කිරීම සම්බන්ධයෙන් සිංහල ප්‍රධාන මාධ්‍ය ධාරාවල පුවත් පළ වූවාද යන්න නිරීක්ෂණයට ලක් කළ අතර එවන් පුවතක් සම්බන්ධයෙන් වාර්තා වී නොතිබුණි. 

    අප මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගෙන් විමසීමක් කළා. ඒ මහතා පැවසුවේ, රත්නපුර දිස්ත්‍රික් සංවිධායක ආනන්ද කුමාර් මහතා, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස පත් කර ඇති බවට පළ වන පුවත් අසත්‍ය බවත්, අගෝස්තු මස සිට බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ  රත්නපුර දිස්ත්‍රික්කයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙක් ලෙස පත් කිරීම පමණක් සිදු කළ බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

    කෙසේ වෙතත් අප වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය සම්බන්ධ කරගත් අතර ඔවුන් සඳහන් කළේද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම පුවත අසත්‍ය බවයි. රත්නපුර දිස්ත්‍රික්කයේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ආනන්ද කුමාර් මහතා පත් කර ඇති බවයි.

    එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය ප්‍රධානී තනතුරට කිසිදු පුද්ගලයෙකු පත් කර නොමැති අතර එ.ජා.ප.යේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ අධික්ෂණය යටතේ මාධ්‍ය සම්බන්ධීකරණය කටයුතු මධ්‍යම මාධ්‍ය ඒකකයක් ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ අනුව මාධ්‍ය මගින් විමසීම් කළ යුතු වන්නේ Dinouk Colombage සහ Shanuka Karunaratne යන අයගෙන් බවත් සඳහන් කරමින් එ.ජා.ප.ය ඊයේ (අගෝස්තු 04) දිනයේදී නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

    Media-clarification

    කෙසේ වෙතත් මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ පුවත් සඳහා මුල් වූ ඡායරුපයේ එ.ජා.ප නායක රුවන් විජේවර්ධන මහතා විසින් ආනන්ද කුමාර් මහතා ලිපියක් ලබාදෙන ඡායාරුපයක් පෙන්නුම් කර තිබු බැවින් එම ලිපියේ අන්තර්ගත සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔවුන් අප වෙත ලබා දුන් එම ලිපියේ පිටපතක් පහතින්.

    අගෝස්තු මස 03 වන දා නිකුත් කර තිබූ එම ලිපිය පරීක්ෂා කිරීමේ දී එහි දක්වා ඇති කරුණු ඔස්සේ මෙම අනවබෝධය පැන නැගී ඇති බව පැහැදිලි වෙනවා. එම ලිපියේ කරුණු මත පදනම්ව මෙසේ  එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රධානී ලෙස ආනන්ද කුමාර මහතා පත් කළ බවට පුවත් පළවී තිබූ බව අනුමාන කළ හැක.

    එයට හේතුව මෙම ලිපියට අනුව “ආනන්දකුමාර් යන අය අප පක්ෂයේ මාධ්‍ය අංශය භාරව කටයුතු කරන අතර, පක්ෂයේ අත්‍යාවශ්‍ය සංවිධාන කටයුතු සඳහා 2021 අගෝස්තු මස 01 වැනිදා සිට දිවයින පුරා ආසනයන්හි මාධ්‍ය මෙහෙයවීමේ කටයුතු භාරව කටයුතු කිරීමට”  එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් පත්වීමක් ලබා දී තිබු බව සඳහන් වීමයි.

    එබැවින් මේ කරුණු පිළිබඳව නැවත වරක් අප එජාපයේ මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදුකළ අතර ඔවුන් නැවත වරක් තහවුරු කර සිටියේ මාධ්‍ය ප්‍රධානී තනතුරක් පක්ෂයේ නොමැති බවයි.  

    එසේම අප ඉහත පළකර තිබූ නිවේදනයේ පරිදි එජාපය සම්බන්ධයෙන් මාධ්‍ය විමසීම් සිදු කළ යුතු වන්නේ Dinouk Colombage සහ Shanuka Karunaratne යන අයගෙන් බව ද අවධාරණය කර සිටියා.

    කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකර තිබූ නිවේදනය හමුවේ වුව ද ආනන්ද කුමාර් මහතාගේ ෆේස්බුක් ගිණුමේ කිසිදු කරණු පැහැදිලි කිරීමක් හෝ ප්‍රකාශයක් දැක ගන්නට ලැබුනේ නැති බැවින් අප මේ සම්බන්ධයෙන් අදහස් ලබාගැනීමට ඔහුව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද මෙතෙක් අවකාශයක් නොලැබුණු අතර එසේ සම්බන්ධ කර ගැනීමෙන් පසුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.