Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අවසන් මැතිවරණ ප්‍රතිඵලයේ පක්වලට හිමිවූ ආසන ගණන ගැන හුවමාරු වැරදි සටහන් පෙළක්!

    2024-11-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

      දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භයේ දී ම ජාතික ජන බලවේගය පැහැදිලි බහුතරයක් ලබගන්නා බව දැක ගැනීමට හැකි විය. ඒ සමගම ඔවුන්ගේ අවසන් ප්‍රතිඵලය ඉහළට ඔසවමින් ප්‍රක්ෂේපිත ප්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භයේ දී ම ජාතික ජන බලවේගය පැහැදිලි බහුතරයක් ලබගන්නා බව දැක ගැනීමට හැකි විය. ඒ සමගම ඔවුන්ගේ අවසන් ප්‍රතිඵලය ඉහළට ඔසවමින් ප්‍රක්ෂේපිත ප්‍රතිඵල ස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට පටන් ගෙන තිබුණා. 

    මෙලෙසින් අවසන් නිල ප්‍රතිඵලනිකුත් වීමට පෙර, එක් එක් පක්ෂ හිමි කර ගත් ආසන සංඛ්‍යාව ඇතුළත් කරමින් බොහෝ දෙනා අතර දැනටත් හුවමාරු වන නොමග යවන සුළු සටහන් පෙළක් ගැන අප විමසා බැලුවේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහනට අනුව ජාතික ජන බලවේගය විසින් ආසන 173ක්, සමගි ජන බලවේගය විසින් ආසන 29ක් යනාදී වශයෙන් ලබාගෙන තිබු බවකුයි දක්වා තිබුනේ. 

    වට්සැප් ඔස්සේ ද මෙම සටහන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    A screenshot of a phone

Description automatically generated

    මෙහි නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති නිල ප්‍රතිඵල හා සැසඳීමේදී ඇතැම් මැතිවරණ දිස්ත්‍රික්කයන්හි පක්ෂ හිමි කර ගෙන තිබූ ආසන සංඛ්‍යාව නිවැරදි නොවන බව ට දැක ගන්නට ලැබෙනවා.

    ඒ අනුව සත්‍ය වශෙයන් ම අවසන් සමස්ත ලංකා ප්‍රතිඵලය අනුව NPP ලබාගෙන ඇත්තේ ආසන 173ක් නොව 159කි. එසේම SJB ලබාගෙන තිබෙන්නේ ආසන 29ක් නොව 40 කි. ITAK විසින් ඉහත සටහනේ පෙන්වා දුන්නේ ආසන 3ක් හිමි කර ගෙන ඇති වූවත් එම පක්ෂයේ සමස්ථ ආසන සංඛ්‍යාව ආසන 8කි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් ආසන 11ක් ලබා ගත් බවට දක්වා තිබුණ ද, සත්‍ය වශයෙන් ම ඔවුන් විසින් හිමි කර ගෙන තිබූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 5කි.

    මේ ඇතුළු ලංකාවේ සමස්ත ප්‍රතිඵල සහ ආසන සහ ජාතික ලැයිස්තු ආසන බෙදී ගොස් ඇති ආකරය මැතිවරණ කොමිසන් සභාවේ නිල ප්‍රතිඵලයේ දැක්වෙන්නේ මෙලෙසින්.

    එමෙන් ම ඉහත සමාජ මාධ්‍ය සටහනට පාදක වී තිබුණේ, LAcNet Election Projection විසින් පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන්, අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමෙට පෙර සිදුකර තිබු ප්‍රක්ෂේපිත උපකල්පනයක් බව අපට දැක ගන්නට ලැබුණා.

    මේ ගැන පැහැදිලි කරමින් ඔවුන් පැහැදිලි කර තිබුනේ එක් එක් දිස්ත්‍රිකයේ අවසන් (Final)  යනුවෙන් නම් කර තිබු දිස්ත්‍රික්ක වල පමණක් අවසන් තහවුරු කරගත් තොරතුරු ඇතුලත් කර තිබු බවයි. කෙසේවෙතත් ඔවුන් විසින් ද , මැතිවරණ කොමිසන් සභාව පළකර තිබු අවසන් ප්‍රතිඵලම පසුව යාවත්කාලින කර තිබුනේ මෙලෙසින්.

    slelection.info

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Avatar

    Title:පක්ෂ වලට හිමි වූ ආසන ගණන සම්බන්දයෙන් නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහනක්!

    Fact Check By: Pavithra Sandamali 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-11-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.