Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රජය විසින් නියම කරන ලද උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමට Sinopec හට බාධාවක් නැහැ!

    2023-08-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රටේ ඉන්ධන ගැටළුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකා රජය විදේශීය සමාගම්වලට දේශීය වෙළඳපොළට ඇතුළු වීමට අවස්ථා පුළුල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ ඉන්ධන අලෙවිය සඳහා ප්‍රධාන ජාත්‍යන්තර සමාගම් තු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    රටේ ඉන්ධන ගැටළුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකා රජය විදේශීය සමාගම්වලට දේශීය වෙළඳපොළට ඇතුළු වීමට අවස්ථා පුළුල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ ඉන්ධන අලෙවිය සඳහා ප්‍රධාන ජාත්‍යන්තර සමාගම් තුනක් තෝරා ගැනුණා. ඒ අතරින් චීනය මූලස්ථානය කරගත් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන Sinopec, ශ්‍රී ලංකා රජය සමඟ ප්‍රථමයෙන්ම ගිවිසුම් අත්සන් කළා. එමෙන්ම BOI සහ Sinopec අතර ඉන්ධන අලෙවිසැල් පිළිබඳව ද ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟ ලබන මාසයේ සිට Sinopec සමාගමය විසින් ලංකාවේ ඉන්ධන අලෙවි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

    මෙසේ නව සමාගමක් ලංකාවේ ඉන්ධන අලෙවි කටයුතුවලට ඇතුළුවීම, ශ්‍රී ඛණිජ තෙල් සංස්ථාව (Ceylon Petroleum Corporation) සහ ලංකා ඉන්දියන් තෙල් සමාගම (Lanka Indian Oil Company) යටතේ පැවති ශ්‍රී ලංකාවේ ඉන්ධන ඒකාධිකාරය, තර්ජනයට ලක්වනු ඇති බවට අනාවැකි පළවෙනවා. එවැනි පසුබිමක, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ඇතැම් පුවත්පත් වාර්තාවලට අනුව, CEYPETCO සහ LIOC සමාගම් වලට වඩා අඩු  මුදලකට ඉන්ධන රට පුරා විකිණීම සඳහා Sinopec ආයතනය  CEYPETCO සමඟ එකඟතාවයකට එළඹීමට උත්සාහ කරන බව පැවසෙනවා . කෙසේ නමුත්, ඔවුන්ගේ මේ ඉල්ලීම හමුවේ CEYPETCO ආයතනය  නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවත්ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා . අපගේ විමර්ෂණයේදී මෙම ප්‍රකාශයන් පිළිබඳව විමසා බැලීම සිදුවන අතර, මෙහි තත්ත්වය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමට කටයුතු කෙරෙනවා.

    මාධ්‍ය/ සමාජ මාධ්‍ය පළ කිරීම්

    ශ්‍රී ලංකාවේ ඇතැම් සිංහල මාධ්‍ය පුවත්පත් ඔස්සේ මෙම සිදුවීම වාර්තා කෙරුනේ Sinopec විසින් දේශීය වෙළඳපොළේ අඩු මිලට ඉන්ධන අලෙවි කිරීම සඳහා CEYPETCO වෙතින් අවසර ඉල්ලා ඇති බවයි. එවැනි පුවත් වාර්තාවක් පහතින්.

    https://www.facebook.com/supremeTVLK/videos/279185658074028/

    එවැනි වාර්තාවලින් පසුව, අඩු මිලට ඉන්ධන මහජනතාවට ඉන්ධන ලබාදීමට Sinopec සමගම සිදුකළ ඉල්ලීම Ceypetco විසින් නොසලකා ඇති බවට සමාජ මාධ්‍ය සටහන් ද මෙසේ පළවී තිබුණා.

    එසේම ඉන්ධන අලෙවි කිරීම සඳහා Sinopec වෙත ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ CEYPETCO පහත පරිදි විවේචනයට ලක් වුණා.

    Facebook | Archived   

    මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප කණ්ඩායම තීරණය කළා.

    Fact Check (කරුණු විමර්ෂණය)

    අප ප්‍රථමයෙන්, මෙම ආන්දෝලනාත්මක සටහන් හමුවේ CEYPETCOහි ප්‍රතිචාරය විමසා බැලුවා. නිල ප්‍රකාශයක් සිදු කරමින් ඔවුන් සඳහන් කර තිබුණේ Sinopec සමාගම විසින් අඩු මිලට ඉන්ධන අලෙවි කිරීම සඳහා තම සමාගමෙන් කිසිඳු අවසරයක් මේ වන තෙක් ඉල්ලා නොසිටි බවයි. තවද, වෙළඳපොළ තුළ ඉන්ධන මිල නියාමනය කිරීමට තම ආයතනයට බලයක් නොමැති බවත්, එහි වගකීම මුදල් අමාත්‍යංශය සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර සහයෝගීව පවතින බවත් ඔවුන් පැහැදිළි කර තිබුනේ මෙලෙසින්.

    එසේම අපගේ විමසීම්වලට පිළිතුරු දෙමින් Sinopec Oil Lanka (Pvt) Ltd. හි හම්බන්තොට කාර්‍යාලයේ නියෝජිතයෙක් පැවසුවේ Sinopec ආයතනය අඩු මිලට ඉන්ධන විකිණීම කෙරෙහි අවදානය යොමු කර ඇති බව සත්‍ය කරුණක් බවයි. එමෙන්ම මෙම ඉල්ලීම , රජයේ අදාල අමාත්‍යංශ වෙතට ඉදිරිපත් කර ඇති බවත් ඔවුන් වැඩි දුරටත් කියා සිටියා. එමෙන්ම Sinopec නියෝජිතයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ඉන්ධන අඩු මිලට විකිණීම සඳහා කිසිදු ලෙසකිනුත් CEYPETCO වෙතින් විශේෂ  අවසරයක් ඉල්ලා සිටියේ නැති බවයි.

    මේ සම්බන්ධයෙන් කරුණු වඩාත් පැහැදිළි කරගැනීම සඳහා අප විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරව  සම්බන්ධ කරගත්තා. එතුමා පැහැදිළි කළේ Sinopec වැනි ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු සඳහා අලුතින් එකතුවන සමාගම් පමණක් නොව, LIOC සහ CEYPETCO වැනි දැනට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අලෙවි කිරීමේ නියුතු සමාගම්වලට පවා, සෑම මසකම අමාත්‍යංශය විසින් පනවනු ලබන උපරිම මිලට වඩා අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමට හැකියාව පවතින බවත්, ඒ සඳහා විශේෂ අවසරයක් අවශ්‍ය වන්නේ නොමැති බවයි. කෙසේ වෙතත්, අමාත්‍යංශය විසින් ඉන්ධන අලෙවිය සඳහා මාසිකව නියම කරන උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු ආයතනයකට අවසරයක් හිමිවන්නේ නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ, අඩු මිලට පෙට්‍රෝලියම් තෙල් අලෙවි කිරීම සඳහා Sinopec සමාගම විසින් CEYPETCO සමාගමෙන් විශේෂයෙන් අවසරයක් ඉල්ලා නොසිටි බවට අදාළ සමාගම් දෙකම පිළිගන්නා බවයි. කෙසේනමුත් දැනට වෙළඳපොලේ සිටින අනෙකුත් තරඟකරුවන්ට වඩා අඩු මිලට දේශීය පාරිභෝගිකයින්වෙත ඉන්ධන නිකුත් කිරීම සඳහා බලාපොරොත්තු වන බව Sinopec ලංකා සමාගම තහවුරු කරන අතර ඒ පිලිබඳ අදාල මුදල් සහ බලශක්ති අමාත්‍යංශ වෙත දැනුම් දී තිබෙනවා.

    කෙසේනමුත් දුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා තහවුරු කරන්නේ, සෑම මසකම අමාත්‍යංශය විසින් නිර්දේශ කරන උපරිම සිල්ලර මිලේ අගයට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීම සඳහා කිසිඳු ඉන්ධන අලෙවි කරන සමාගමක නිශ්චිත අවසරයක් අවශ්‍ය නොවන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-08-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.