Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    යුක්රේන සොල්දාදුවන් විසින් යුද බිමට යෑමට පෙර සිය ආදරණීයන්ට සමුදෙන අයුරු? (Video)

    2022-03-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රුසියාව-යුක්රේනය අතර උග්‍රවන ගැටුම මධ්‍යයේ, යුද බිමට යන යුක්රේන සොල්දාදුවන් සිය ආදරණීන්ට සමුදෙන අයුරු බවට දක්වමින් විනාඩි 15 ක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. සත්‍ය වශයෙන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    රුසියාව-යුක්රේනය අතර උග්‍රවන ගැටුම මධ්‍යයේ, යුද බිමට යන යුක්රේන සොල්දාදුවන් සිය ආදරණීන්ට සමුදෙන අයුරු බවට දක්වමින් විනාඩි 15 ක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. සත්‍ය වශයෙන්ම මෙහි දැක්වෙන්නේ මේ දිනවල යුක්රේනයේ සටන් බිමට යන සොල්දාදුවන් ඔවුන්ගේ ආදරණීයන්ගෙන් වෙන්වෙන ආකාරයේ වීඩියෝවක් ද යන්න අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    යුක්රේන සොල්දාදුවන් විසින් යුද බිමට යෑමට පෙර සිය පවුල්වලට සමුදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    “තම ආදරණීය පෙම්වතිය, බිරිඳ හැරදා යුධබිමට යන යුක්‍රේන සොල්දාදුවන්” යන තේමාව යටතේ මෙම වීඩියෝව පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook

    මෙම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    Also Read: NATO හමුදා රුසියාව වැටලුවාද?

    Also Read: යුක්රේනයේ ජනාධිපතිවරයා තම රටේ සොල්දාදුවන් සමග රුසියානු ආක්‍රමණයෙන් පසුව සටන් බිමට පැමිණි අවස්ථාවක්ද?

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙහි නිරවද්‍යතාවය සෙවීම සඳහා වීඩියෝවේ දැක්වෙන රූප රාමූ Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ ඔස්සේ අපට දැක ගන්නට ලැබුණේ, Anastasia Starozhytska සහ ඇයගේ මාධ්‍යවේදිනියකු වූ මව වන Maria Starozhytska විසින් අධ්‍යක්ෂණය කරන ලද The War of Chimeras නම් වාර්තා චිත්‍රපටියකින්(Documentary) ලබා ගත් තත්පර 15 ක වීඩියෝ කොටසක් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ බවයි.

    එම වාර්තා චිත්‍රපටය සම අධ්‍යක්ෂක Anastasia Starozhytska සහ ඇගේ සහකරුගේ සැබෑ ජීවිත කතාව මෙම චිත්‍රපටය සඳහා පාදක වී ඇති අතර ඇගේ සහකරු 2014 දී යුක්රේන ඉලෝවයිස්ක් සටනේදී සටන් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තිබෙනවා.

    මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීමේදී Youtube හි පළ වී තිබූ ඇනස්ටේෂියා ස්ටාරොජිට්ස්කාගේ සම්මුඛ සාකච්ඡාවක් වෙත අපගේ අවධානය යොමු විය.

    UATV ජාත්‍යන්තර විකාශය සමග ඇය එම වාර්තා චිත්‍රපටය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලබයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එම වීඩියෝව දැක්වෙන කොටස එම වාර්තා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ ද, දක්නට ලැබෙනවා.

    එම වීඩියෝව පහතින්.

    වෙනත් කරුණු පරීක්ෂණ කණ්ඩායම් විසින් මේ පිළිබඳව කළ විමර්ශනයක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Also Read: යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට රුසියන් හමුදාව පැරෂුට් මගින් ගොඩබසින වීඩියෝ දර්ශන පෙළක්?

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණ යුක්රේන සොල්දාදුවන් විසින් යුද බිමට යෑමට පෙර සිය ආදරණීයන්ට සමුදෙන අයුරු දැක්වෙන තත්පර 15 ක වීඩියෝ පටය ‘The War of Chimeras’ වාර්තා චිත්‍රපටියකින්(Documentary) ලබා ගත් තත්පර 15 ක වීඩියෝ කොටසක් බවයි.

    Also Read: Old Video of V-day Parade Rehearsal Viral as Russia’s Fighter Jets Flying over Kyiv 

    Video Game Clip Shared As Real Missile Attack in Russia-Ukraine War

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.