Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    උණු පොල් වතුර, පිළිකා සෛල විනාශ කරනවාද?

    2022-06-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උණු පොල් වතුර පානය කිරීම මගින් පිළිකා සෛල විනාශ වන බවට TATA අනුස්මරණ රෝහලේ වෛද්‍ය රාජේන්ද්‍ර පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් වුණා. මෙම සටහනේ දැක්වෙන කරුණු සත්‍යක්ද යන්න පි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    උණු පොල් වතුර පානය කිරීම මගින් පිළිකා සෛල විනාශ වන බවට TATA අනුස්මරණ රෝහලේ වෛද්‍ය රාජේන්ද්‍ර පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් වුණා. මෙම සටහනේ දැක්වෙන කරුණු සත්‍යක්ද යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “උණු පොල් වතුර කරුණාකර ඉදිරියට යොමු කරන්න:

    TATA අනුස්මරණ රෝහලේ වෛද්‍ය රාජේන්ද්‍ර A. Badwe අවධාරණය කළේ මෙම පුවත් පත්‍රිකාව ලැබෙන සෑම කෙනෙකුටම පිටපත් දහයක් අන් අයට යොමු කළ හැකි නම්, අවම වශයෙන් එක් ජීවිතයක්වත් නැවත බේරා ගැනීමට හැකි වනු ඇති බවයි… මම දැනටමත් මගේ කොටස කර අවසන්, ඔබටත් උදව් කළ හැකි යැයි බලාපොරොත්තු වෙනවා.  ඔබේ කොටස.  ස්තුතියි!

    උණු පොල් වතුර ඔබේ ජීවිත කාලයම ඉතිරි කර ගත හැක

    එය නැවත බලන්න, පසුව අන් අයට කියන්න,

    ආදරය විහිදුවන්න!

    උණු පොල් ~ පිළිකා සෛල පමණක් විනාශ කරයි!

    කෝප්පයකට තුනී පොල් පෙති 2ක් 3ක් කපා, උණුවතුර එක් කරන්න, එය “ක්ෂාරීය ජලය” බවට පත් වේ, දිනපතා බොන්න, එය ඕනෑම කෙනෙකුට හොඳයි.

    උණු පොල් වතුර මගින් පිළිකා නාශක ද්‍රව්‍යයක් නිකුත් කරන අතර එය වෛද්‍ය ක්ෂේත්‍රයේ පිළිකා සඳහා ඵලදායී ප්‍රතිකාරයේ නවතම ප්‍රගතියයි.

    උණු පොල් යුෂ ගෙඩි සහ ගෙඩි වලට බලපෑමක් ඇති කරයි.  සියලුම වර්ගයේ පිළිකා සඳහා පිළියමක් ලෙස ඔප්පු කර ඇත.

    පොල් සාරය සමඟ මෙම ආකාරයේ ප්‍රතිකාර මගින් මාරාන්තික සෛල විනාශ කරයි, එය සෞඛ්‍ය සම්පන්න සෛල වලට බලපාන්නේ නැත.

    මීට අමතරව, පොල් යුෂ වල ඇති ඇමයිනෝ අම්ලය සහ පොල් පොලිෆෙනෝල් මගින් අධි රුධිර පීඩනය නියාමනය කිරීමටත්, ගැඹුරු නහර thrombosis ඵලදායී ලෙස වළක්වා ගැනීමටත්, රුධිර සංසරණය සකස් කිරීමට සහ රුධිර කැටි ගැසීම් අඩු කිරීමටත් හැකිය.

    කියවීමෙන් පසු, අන් අයට, පවුලේ අයට, මිතුරන්ට කියන්න, ආදරය පතුරුවන්න!  ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.”

    Facebook | Archived Link

    ෆේස්බුක් ඔස්සේ මෙම සටහන සංසරණය වී තිබූ අයුරු

    මෙහි දැක්වෙන කරුණු වල නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම ඉහත සඳහන් සටහනේ දැක්වෙන රටේ ප්‍රමුඛතම පිළිකා ආයතනය වන මුම්බායි හි ටාටා අනුස්මරණ මධ්‍යස්ථානයේ (TMC) අධ්‍යක්ෂ වෛද්‍ය රාජේන්ද්‍ර විසින් මෙවන් පිළිකා ප්‍රතිකාරයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණාද යන්න පරීක්ෂාවක් සිදු කළා.

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ, ඉන්දියාවේ TATA අනුස්මරණ රෝහල විසින් ඉහත සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බවයි. මේ පිළිබඳ පළ වූ ඉන්දී මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    එහි සඳහන් කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින් එහි අධ්‍යක්ෂ වෛද්‍ය රාජේන්ද්‍ර බද්වේ සඳහන් කර තිබුණේ, එම සටහනේ සඳහන් කරුණු විද්‍යාත්මක නොවන බවත්, එය කිසි විටෙකත් එහි අධ්‍යක්ෂ වෛද්‍ය රාජේන්ද්‍ර බද්වේ විසින් සිදු නොකළ බවත් ය. 

    උණු පොල් වතුරෙන් පිළිකා සුව කළ හැකි බවට විද්‍යාත්මක දත්ත නොමැති බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණා. එම නිවේදනය පහතින්.

    Facebook |Twitter 

    සමාජ මාධ්‍ය තුළ පිළිකා සඳහා විද්‍යාත්මක නොවන ප්‍රතිකාර බහුලව සංසරණය වීම හේතුවෙන්, ඉන්දියානු පිළිකා රෝග විශේෂඥයින් ඒ පිළිබඳ අනතුරු අඟවා තිබෙනවා.

    එමෙන්ම ඔවුන් වැඩි දුරටත් සඳහන් කරනු ලබන්නේ, සමාජ මාධ්‍ය යනු වෛද්‍ය ප්‍රතිකාර සහ විසඳුම් සාකච්ඡා කළ යුතු ස්ථානයක් නොවන බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ THE HINDU පුවත් වාර්තාවක් මෙතනින්.

    කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක

    පොල් වතුර හෝ පොල් ශරීරයට අහිතකර නොවන බවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඒ බව සඳහන් වන නමුත් පොල් වතුර මඟින් ශරීරයට අහිතකර වන අවස්ථාවන් ද ඇති බවයි වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා සඳහන් කළේ.

    ඇතැම් පොල් වතුර ඇඹුල් තතත්ත්වයෙන් පවතින අතර එය පානය කිරීමෙන් ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වන බවත්, පොල් වතුර තුළ සාමාන්‍යයෙන් විෂ නසන ගුණ ඇති වූවත් පිළිකා වලට ප්‍රතිකාරයක් ලෙස ඊට උණු වතුර යොදමින් ඉහත ක්‍රමය අනුගමනය කිරීම අසත්‍ය බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පවසා සිටියේ. 

    උණුවතුර මෙන්ම පොල් වතුරද ශරීරයට අහිතකර නොවූවත් පිළිකා නසන බවට මෙතෙක් ආයුර්වේදී වෛද්‍ය විද්‍යාවෙන් හෝ හෙළි වී නොමැති බවත් වෛද්‍යවරයා තහවුරු කළා.

    මෙමගින් අර්බුද වලට(පිළිකා) ලක් වූවන් ද, අවශ්‍ය ප්‍රතිකාර නොගෙන මෙවැනි අසත්‍ය තොරතුරු අනුගමනය කිරීම තුළින් ඔවුන්ද නොමග යා හැකි බැවින්, මෙවැනි අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා සඳහන් වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

    මේ පිළිබඳ වෙනත් කරුණු පරීක්ෂක කණ්ඩායම් ඉංග්‍රීසි බසින් සිදු කළ විමර්ශන මෙතනින් සහ මෙතනින්. 

    Also Read : FACT CHECK: පොල් වතුර,ලුණු ,දෙහි මිශ්‍රණය කොවිඩ් සදහා ප්‍රතිකාරයක්ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශන වලින් පෙන්වා දෙනු ලබන්නේ, උණු පොල් වතුර පානය කිරීම පිළිකා නැසීමට ප්‍රමාණවත් බවට පවසමින් TATA අනුස්මරණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රාජේන්ද්‍ර පැවසූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බව වෛද්‍ය රාජේන්ද්‍ර මහතා සඳහන් කරනු ලබයි. 

    තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත්, එලෙස උණු පොල් වතුර පානය කිරීමෙන් පිළිකා සුව වන බවට සායනික පරීක්ෂණ වලින් තහවුරු වී නොමැති බවත් වෛද්‍ය රාජේන්ද්‍ර මහතා වැඩි දුරටත් සඳහන් කරනු ලබනවා. 

    කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා ද තහවුරු කරනු ලබන්නේ, සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-06-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.