Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: පොල් වතුර,ලුණු ,දෙහි මිශ්‍රණය කොවිඩ් සදහා ප්‍රතිකාරයක්ද?

    2021-08-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොවිඩ් වෛරසය මේ වනවිට රට පුරාම වේගයෙන් පැතිරෙමින් පවතිනවා. ඒත් සමගම විවිධ ක්‍රම අනුගමනය කරමින් රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීමට සහ රෝගය සුවකර ගැනීම සඳහා රටේ ජනතාව උත්සහ කරනු ලබනවා. එවන් තත්ත්වයක් තුළ නොමග යවන සුළු විවිධ ඖෂධ පිළිබඳ  ප්‍රචාරයන්,  සමාජ ජාලා ව

    කොවිඩ් වෛරසය මේ වනවිට රට පුරාම වේගයෙන් පැතිරෙමින් පවතිනවා. ඒත් සමගම විවිධ ක්‍රම අනුගමනය කරමින් රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීමට සහ රෝගය සුවකර ගැනීම සඳහා රටේ ජනතාව උත්සහ කරනු ලබනවා.

    එවන් තත්ත්වයක් තුළ නොමග යවන සුළු විවිධ ඖෂධ පිළිබඳ  ප්‍රචාරයන්,  සමාජ ජාලා වල සීඝ්‍රයෙන් පැතිරෙනු ද අපට දැක ගන්නට පුළුවන්. එලෙස ජනතාව නොමග යවමින් සමාජ ජාලා වල පැතිරෙන සටහනක් පිළිබදව අප කල විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    Rohan Wijethunga නම් පුද්ගලයෙකු සිය ෆේස්බුක් ගිණුමේ කොරෝනා සුවකරන ඖෂධයක් පිළිබදව සටහනක් පළ කර තිබුණු අතර WhatsApp ඔස්සේ හුවමාරු කර ගත් පණිවිඩයක ඡායාරූපයක් මෙම සටහනට එක් කර තිබුණා. එම පණිවිඩයේ සඳහන් වී තිබුණේ මෙලෙසින්.

    “දැන් පැය 2ක් තුළ කොවිඩ් සුව කරයි. පොල් වතුර ස්වල්පයක් ගෙන එයට ලුණු තේ හැන්දක් සහ දෙහි ගෙඩියක් එකතු කර පානය කරන්න. පැය 2 ක් ඇතුලත ඔබට ප්‍රතිඵලය දැක ගත හැකි අතර සුවය ලබයි. මිතුරා එක් වරක් පමණක් ගෙන හොඳින් සිටි අතර දින 3කට පසු පරීක්ෂණයට ගිය අතර ප්‍රතිඵල ඝෘණාත්මක විය. සෑම කෙනෙකුටම සතියකට වරක් හෝ දෙවරක් උත්සහ කළ හැකිය. දැන් ඉන්දුනීසියාවේ ඉතා ජනප්‍රිය අතර මැලේසියාව දක්වා ව්‍යාප්ත වී ඇත.”

    Facebook | Archived 

    විසි එක් දහසකටත් වැඩි පිරිසක් මෙම සටහන හුවමාරු කරගෙන තිබු අතර මායාවී – mayavi නම් ෆේස්බුක් පිටුවේද මේ සම්බන්ධයෙන් සටහනක් දක්වා තිබුණේ මෙලෙසිනි.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් මෙම සටහන සංසරණය කරගෙන තිබුණේ මෙලෙසින්.

    දමිළ ෆේස්බුක් පරිශීලකයින් අතරේ ද මෙම සටහන් හුවමාරු වී තිබු අතර තිබුනේ මෙලෙසින් වීඩියෝ දර්ශන පෙළක් ද සමඟින් 

    ඉහත සටහන් මඟින් දැක්වෙන කරුණු නිවැරදිදැයි සොයා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් අපි ඒ පිළිබඳ කරුණු විමසීමක් සිදු කළා .

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප කළ කරුණු විමසීම් වලදී අනාවරණය වූයේ පොල් වතුර, ලුණු සහ දෙහි මිශ්‍ර මෙම කොවිඩ් ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ සමාජ ජාලා සටහන් මුලින්ම පැතිරීම සිදුව ඇත්තේ ඉන්දුනීසියාව ආශ්‍රිතව බවයි. ඒ මීට මාස කිහිපයකට ඉහතදීයි. ඉන්දුනීසියානූ භාෂාවෙන් පළ වුණු එම සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. එම සටහන් වල පරිවර්ථනය වන්නේද මෙරට සංසරණය වූ සටහන් වල දැක්වෙන කරුණුයි.

    නමුත් ඉන්දුනීසියාවේ අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාව (Internal Medicine) පිළිබඳ මහාචාර්ය සහ ඉන්දුනීසියාවේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපති වන Ari Fahrial Syam පවසා ඇත්තේ, මෙම පානය කොවිඩ් -19 රෝගයට ප්‍රකාශිත පිළියම ලෙස විද්‍යාත්මකව ඔප්පු කර නැති බවයි. එසේම ඉන්දුනීසියාවේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්යෙකු ද මෙම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බවට කරුණු දක්වා තිබෙනවා. මේ පිලිබඳ ඉන්දුනීසියානු AFP කරුණු විමර්ශන කණ්ඩායම විසින් පෙන්වා දෙන්නේ මෙලෙසින්.

    එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාවේ කාර්‍යාලයෙන් අප මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී, වෛද්‍ය නාලිකා ගුණවර්ධන මහත්මිය අප සමග පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම පොල්  වතුර ,ලුණු සහ දෙහි මිශ්‍රණය කිසිසේත්ම කොවිඩ් ප්‍රතිකාරයක් ලෙස අනුමත නොකරන බවයි. කොවිඩ් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ කොවිඩ් එන්නත් හැරුණු කොට කොවිඩ් සඳහා මෙතෙක් කිසිදු ඖෂධයක් ලොක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර නැති බවත් අවධාරණය කර සිටියා.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් සඳහා වන මිත්‍යාමත සම්බන්ධයෙන් ජනතාව නොමග යැවීම වළක්වාලීම උදෙසා පළ කළ සටහනක් මෙතනින්.

    කෙසේ වෙතත් ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් අප මේ පිළිබඳව කරුණු විමසා බැලීමටද කටයුතු කළා.

    අප සමග මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්‍ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා පවසා සිටියේ මෙය කොවිඩ් සඳහා ම වූ නිසි ප්‍රතිකාරයක් ලෙස සැලකිය නොහැකි බවයි. නමුත් පොල් වතුර පානය නිසා විඩාවට පත් ශරීරයට යම් ශක්තියක් ලැබෙන බවත්, එය “සේලයින්” මගින් සිදු කරනු ලබන ක්‍රියාවට බොහෝ සෙයින් සමාන බවත්, එමෙන්ම ශරීරයට අවැසි ලවණද ලුණු මගින් ලැබෙන බව සහ ශරීරය විජලනයෙන් ආරක්ෂා වන බවත් ඒ මහතා සඳහන් කළා.

    කරුණාතිලක මහතා වැඩි දුරටත් පවසා සිටියේ ශරීරයට යම් සහනයක් පොල් වතුර පානය මගින් ලැබෙන නමුත් එය වෛරස් රෝග මැඩපැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය සඳහා එතරම් වැදගත් කාර්‍යක් ඉටු නොකරන බවයි.

    වැඩිදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ කතිකාචර්‍යවරියක් වන ලක්ෂිකා චන්ද්‍රසිරි මහත්මියගෙන් අප කළ විමසීමකදී ඇයද පවසා සිටියේ පොල් වතුර පානය ශරීරයට ගුණදායක වන නමුත් එය කොවිඩ් මැඩලන ඖෂධයක් ලෙස නිර්දේශ කළ නොහැකි බවයි.

    Also Read: FACT CHECK: උණු වතුර සමඟ ලුණු හෝ විනාකිරි එකතු කර උගුර සේදීම මඟින් කොරෝනා ආසදනයනේ මිදිය නොහැක!

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අප විසින් සිදුකල විමර්ශනයේදී පැහැදිලි වන්නේ පොල් වතුර, ලුණු සහ දෙහි මිශ්‍ර කර පානය කිරීමෙන් ශරීරයට ගුණදායක බවක් තිබුනත් එය කොවිඩ් මැඩලන ඖෂධයක් ලෙස සැලකිය නොහැකි බවයි. 

    බටහිර වෛද්‍යවරුන් මෙන්ම, මෙරට ආයුර්වේද වෙවද්‍යවරුන්ද සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද එය තහවුරු කරන ලබයි. ඒ අනුව සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන සටහන් වල සදහන්වන කරුණු අසත්‍ය සහ නොමග යවන සුළු වේ.

    Also Read: Fact Check: කොරෝනා මර්දනය කිරීමට සමත් ඖෂධයක් ඉන්දියානු සිසුවෙකු සොයා ගත්තේ තැන!

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.