Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කොරොනා ආසාදනය වෛරසය පැතිර යාමත් සමග සමාජ මාධ්‍යන්හි ඉදිරිපත්වු මෙම වීඩියෝ පට සත්‍යය ප්‍රවෘත්තිද?

    2020-01-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    නව කොරොනා වෛරස රෝගය සීග්‍ර ලෙස ව්‍යාප්ත වීමත් සමගම විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මාධ්‍යයන්හි මෙම රෝගය පිළිබඳ ප්‍රවෘත්ති විශාල ලෙස පළ වන්නට පටන් ගත්තේය. සමාජ මාධ්‍ය ඉදිරිපත්වූ ප්‍රවෘත්ති සහ සටහන් පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වුයේ එම ප්‍රවෘත්ති

    නව කොරොනා වෛරස රෝගය සීග්‍ර ලෙස ව්‍යාප්ත වීමත් සමගම විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මාධ්‍යයන්හි මෙම රෝගය පිළිබඳ ප්‍රවෘත්ති විශාල ලෙස පළ වන්නට පටන් ගත්තේය. සමාජ මාධ්‍ය ඉදිරිපත්වූ ප්‍රවෘත්ති සහ සටහන් පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වුයේ එම ප්‍රවෘත්ති අතර අසත්‍ය හෝ නොමඟ යවන සුළු සටහන්ද රැසක්ම පැවති බවයි.

    Arm Rayiz නමැති ෆේස්බුක් පිටුවක Corona virus update…OMG (සිංහල අරුත කොරෝනා වෛරසයේ නවතම තත්වය මෙසේය…) තේමාව යටතේ වීඩියෝ පටියක් සහිත සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය

    LinkArchived Link

    ඉතා සුළු කාලයකදී ෆේස්බුක් පරිශීලනය කරන්නන් 4200 අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබුණු මෙම සටහනට ප්‍රතිචාර රැසක් හිමිව තිබුණේය. මෙයට හිමිවූ ප්‍රතිචාර අතරින් කීපයක් මෙම සටහන අසත්‍ය සටහනක් බවට යෝජනා කර තිබූ නිසා මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

    එම වීඩියෝ පටය නිරීක්ෂණය කිරීමේදී අපට පෙනී ගියේ විවිධ අවස්ථාවන්හි ලබාගන්නා ලද රූප රාමු පෙළක් යොදාගනිමින් සකසන ලද වීඩියෝවක් බවයි. එම රූපරාමු වෙනම google reverse image සෙවුමක් ඔස්සේ පරීක්ෂා කිරීමේදී පහත පරිදි අපට පෙනී ගියේ මීට පෙර අවස්ථාවන් සිදුවූ සිද්ධි ගණනාවක් යොදාගනිමින් සකස්කරන ලද වීඩියෝවක් බවයි.

    ගූගල් භාෂා පරිවර්තකය මගින් බොහෝ අවස්ථාවන්හිදී චීන බසින් පලවී තිබූ එම මුල් වීඩියෝ ඇතුළත් ප්‍රවෘත්ති සටහන් කිහිපයක විස්තර පහත සඳහන් පරිදිය

    Reverse Image Search 1

    Translated Article Link

    ඉහත පරිදී මුල් වීඩියෝ දර්ශන කිහිපයෙන් පෙන්නුම් වන්නේ ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් රෝගීන් හැසිරුණු අයුරු යන යනු වැරදි අර්ථ කථනයන් සහිතව පළකර තිබූ දර්ශන පෙළකි. අනෙකුත් දර්ශන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී පහත පරිදි අපට පෙනී ගියේ කොරෝනා වෛරසයට කිසි සෙත් සම්බන්ධ දර්ශන නොවන බවයි.

    Reverse Image Search 2

    Reverse Image Search 3

    අවසාන නිගමනය

    ඉහත සඳහන් සියල්ලම පරීක්ෂා කිරීමේදී කිසිවක් දැනට පවතින නව කොරෝනා වෛරස් ආසාදන තත්ත්වය පිළිබිඹු නොකරන අතර ප්‍රධාන වශයෙන් චීනය ආශ්‍රිතව සිදුවූ සිද්ධීන් යොදාගනිමින් සංස්කරණය කොට ඇති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-01-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.