Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: BOSKO ටයිප් කර තරුවක් පැමිණියහොත් ජංගම දුරකථනය ඔර්ජිනල්ද?

    2021-06-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ෆේස්බුක් සමාජ ජාලාවේ පරිශීලකයින්ට නැවුම් අත්දැකීමක් ලබා දීමට හා ෆේස්බුක් විචිත්‍රවත් කිරීමට ෆේස්බුක් ආයතනය මගින් එක් කරන මූලපදයන් (Keywords)  සජීවිකරණය (Text Delight Animations) කරමින් පරිශීලකියන්ට කලින් කලට හඳුන්වා දීම සිදු කරනවා අපට දැකගන්නට ලැබෙනවා.  න

    ෆේස්බුක් සමාජ ජාලාවේ පරිශීලකයින්ට නැවුම් අත්දැකීමක් ලබා දීමට හා ෆේස්බුක් විචිත්‍රවත් කිරීමට ෆේස්බුක් ආයතනය මගින් එක් කරන මූලපදයන් (Keywords)  සජීවිකරණය (Text Delight Animations) කරමින් පරිශීලකියන්ට කලින් කලට හඳුන්වා දීම සිදු කරනවා අපට දැකගන්නට ලැබෙනවා. 

    නමුත් මෙම මූල පදයන් ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කොට ෆේස්බුක්හි යම් තැනක සඳහන් කිරීමේන් හෝ එම මූල පද මත ක්ලික් කිරීමෙන් එහි සිදුවන සජීවීකරණය තිරයේ ක්‍රියාත්මක වීම මත තමන් භාවිතා කරන ස්මාර්ට් ජංගම දුරකථනය ව්‍යාජව නිපදවූ දුරකථන අනුකරණයක් ද නැද්ද යන්න පැවසිය හැකිද? 

    මේ පිළිබඳව ජනතාව නොමග යෑමක් සිදුවන බැවින් අප මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළා. 

    සමාජ මාධ්‍ය සටහන් :

    මාර්ක් ලොක්කගේ අලුත්ම වැඩ කෑල්ල BOSKO තරුවක් ආවනම් ෆෝන් එක සුපිරි යනුවෙන් Centigradz ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණා.

    Facebook | Archived Link

    එමෙන්ම ෆේස්බුක් ඔස්සේ පරිශීලකයින් බොහෝ දෙනෙක් මෙම සටහන් හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසින්.

    සැබවින්ම ජංගම දුරකථනයේ ගුණාත්මකතාවය හෝ ජංගම දුරකථනය අනුකරණයක් ද නැද්ද යන්න BOSKO යන වචනය සටහන් කිරීමෙන් සොයා ගත හැකිද? මේ පිළිබඳ සවිස්තාරත්මක විමසුමක් පහතින්.

    Also Read: 

    Tillykke ලෙස කමෙන්ට් කර ජංගම දුරකථනය Original එකක්දැයි බැලීමට ක්‍රමයක් නොමැත

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ෆේස්බුක් සමාගම විසින් සමාජ මාධ්‍ය වෙත විටින් විට එකතු කෙරෙන මෙවැනි වචන හෙවත් ෆේස්බුක් ටෙක්ස්ට් ඩිලයිට්ස් යනු විශේෂ වචන සහ වාක්‍ය ඛණ්ඩ එකතුවකි. ෆේස්බුක් පරිශීලකයන් ඔවුන්ගේ අදහස් දැක්වීමේදී එම විශේෂ වචන හෝ වාක්‍ය ඛණ්ඩයක් සටහන් කරන විට එම වචනයේ වර්ණය වෙනස් වේ. මෙම වර්ණවත් වචන මත ක්ලික් කළ විට, සජීවිකරණ තිරය මත ක්‍රියාත්මක වේ. බැලූන්, හදවත්, තරු, අත්පුඩි, ඉමෝජි යනාදිය උදාහරණ කිහිපයකි.

    මූලික වශයෙන්, ෆේස්බුක් ටෙක්ස්ට් ඩිලයිට්ස් ෆේස්බුක් පරිශීලකයින්ට සැමරීමක හැඟීමක් (celebration) ලබා දෙයි.

    සමාජ මාධ්‍ය ජනප්‍රියම Facebook Text Delight Animation ලැයිස්තුවක්

    Congratulations

    Congrats

    xoxo

    Bff

    Best Wishes

    You Got This

    Lovely Time

    Wonderful Time

    You’re the Best

    Gooaal

    Facebook Text Delight Animations සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. 

    මේ වාර්තාවල දැක්වෙන පරිදි You’re the Best ඇතුළු විවිධ භාෂාවලින් සමන්විත වචන සඳහා BOSKO යන මූල පදය යෙදූ විට හෝ ඒ මත ක්ලික් කළ විට දක්නට ලැබෙන සජීවිකරණය වන තරුව දැකගනන්ට ලැබෙනවා. ඒ පිළිබඳ වීඩියෝවක් මෙතනින්. 

    එසේම මුරපද සම්බන්ධයෙන් කළ මෙම සටහන්වලින්ද දක්නට ලැබෙන්නේ  BOSKO යනු මෑතකදී ෆේස්බුක් ආයතනය විසින් හඳුන්වා දුන් සජීවිකරණ වචනයක් නොවන බවයි. එය මීට 2017 වසරේ පමණ හඳුන්වා දුන් මූල පදයකි.

    එමෙන්ම ඉහත සටහනේ පවසන පරිදි තම ජංගම දුරකථනය අනුකරණයක් බව පරීක්ෂා කිරීමට සහ මෙයින් සත්‍ය වශයෙන් ම සිදුවන සජීවීකරණය පරීක්ෂා කිරීමට බොහෝ දෙනා මෙය අත්හදා බැලු බව අපට දැක ගන්නට ලැබුනේ මෙම සටහන් සඳහා ලැබී තිබූ විශාල ප්‍රතිචාර සමඟින්.

    එමෙන්ම එම සටහනේ සඳහන් වන්නේ අසත්‍ය බවට දන්නා පිරිසක් සටහනට පළ කළ ප්‍රතිචාර ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

    කෙසේ නමුත් මෙලසෙ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ කමෙන්ටුවක් මත හෝ ෆේසුබක් පෝස්ටුවක් මත හෝ එම මුර පද නොහොත් සජීවිකරණ විශේෂ වචන සඳහන් කළ පමණින් ජංගම දුරකතනයක ගුණාත්මක බව තහවුරු කල හැකිද යන්න අප මෙරට පරිඝනක ක්ෂේතයේ ප්‍රවීනයන් ප්‍රවීනයන් කිහිප දෙනෙකුගෙන්ම මීට පෙර විමර්ශනයකදී විමසා බැලුවා. 

    එහිදීද ඔවුන් තහවුරු කළේ, ෆේස්බුක් හරහා ජංගම දුරකතනයක ව්‍යාජ බව සෙවීමට ක්‍රමයක් නොමැති බවයි. ජංගම දුරකතනයක් අනුකරණය කර ඇත්ද නැත්ද යන්න සොයා බැලීමට විවිධ ක්‍රම ඇති අතර ජංගම දුරකතන වල IMEI අංකය භාවිතයෙන්, වෙබ් අඩවි හරහා, වෙනත් තුන්වන පාර්ශවයක මෙවලම් හරහා ක්‍රම බොහොමයක් යොදා ගත හැකි අතර ජංගම දුරකතන නිෂ්පාදන ආයතනයන්ට අනුව එම දුරකතන අනුකරණය නොකරන ලද මුල් නිෂ්පාදන බවට සොයා බැලීමට විවිධ වූ අනන්‍ය ක්‍රම පවතින අතර ඒවා ජංගම දුරකතන නිෂ්පාදන සමාගමට අනුව එකිනෙකට වෙනස් වන අවස්ථා දක්නට ලැබෙනවා.

    Also Read:

    BBF / BFF ලෙසින් කමෙන්ට් කිරීමෙන් ඔබේ ෆේස්බුක් ගිනුම ආරක්ශිත බව තහවුරු කල නොහැක!

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනය අනුව සඳහන් කළ හැක්කේ ෆේස්බුක් සමාජ ජාලාවේ පරිශීලකයින්ට ලබා දෙන සැමරීමේ හැඟීමක් දනවන මූලපද සජීවිකරණය හෙවත් Facebook Text Delight Animation වල ඇති BOSKO යන වචනය ෆේස්බුක් මත සඳහන් කිරීමෙදී තමන් භාවිතා කරන ස්මාට් ජංගම දුරකථනය අනුකරණය කරන ලද නිෂ්පාදනයක්ද (Duplicate) නැතහොත් මුල් නිෂ්පාදනයක්ද (Original) යන්න සඳහන් කිරීමට හැකියාව පවතින බවට පළ වන සටහන් අසත්‍ය හා නොමග යවන සුළු බවයි.

    ජංගම දුරකතනයක් අනුකරණය කරන ඇත්ද නැත්ද යන්න සොයා බැලීමට විවිධ ක්‍රම ඇති අතර ජංගම දුරකතන වල IMEI අංකය භාවිතයෙන්, වෙබ් අඩවි හරහා, වෙනත් තුන්වන පාර්ශවයක මෙවලම් හරහා ක්‍රම බොහොමයක් යොදා ගත හැකි අතර ජංගම දුරකතන නිෂ්පාදන ආයතනයන්ට අනුව එම දුරකතන අනුකරණය නොකරන ලද මුල් නිෂ්පාදන බවට සොයා බැලීමට විවිධ වූ අනන්‍ය ක්‍රම පවතින අතර ඒවා ජංගම දුරකතන නිෂ්දන සමාගමට අනුව එකිනෙකට වෙනස් වන අවස්ථාද පවතී.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.