Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: මේ ඉන්නේ නාඩගම්කාරයෝ රත්නෙ ම ද?

    2021-05-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගියදා 2020 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගම ශ්‍රේණිගත කිරීමට අනුව දිවයිනේ ප්‍රථමයන් කව්රුන්දැයි දැනගැනීමට සෑම දෙනාම පාහේ උත්සුක වුණා.  මේ සමඟම උපහාසාත්මක කෝණයකින් හුවමාරු වූ සටහනකින් පෙන්වා දී තිබුනේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රත්නේ ට පණ පොවන

    පසුගියදා 2020 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගම ශ්‍රේණිගත කිරීමට අනුව දිවයිනේ ප්‍රථමයන් කව්රුන්දැයි දැනගැනීමට සෑම දෙනාම පාහේ උත්සුක වුණා. 

    මේ සමඟම උපහාසාත්මක කෝණයකින් හුවමාරු වූ සටහනකින් පෙන්වා දී තිබුනේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රත්නේ ට පණ පොවන රත්නෙ පසුගිය උසස් පෙළ විභාගයෙන් දක්ෂතාවයක් පසුගිය දා දැක්වූ ආකාරයක්. 

    සමාජ මාධ්‍ය සටහන් :

    මීම්වරුන්ගේ මුදුන් මල් කඩ නම් ෆේස්බුක් සමුහයේ Sudheera Isuru නම් අයෙක් විසින්

     “ඉගෙනීමනම් ඉගෙනීම… රඟපෑමනම් රඟපෑම…  නියමයි නාඩගම්කාරයෝ රත්නේ” යනුවෙන් සටහන් කරමින් අමන්දි මදනායක සිසුවියගේ ඡායාරූපයක් හා නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රත්නේගේ ඡායාරූපයක් පහත පරිදි පෙන්වා තිබුණා

    Facebook | Archived Link

    බැලූ බැල්මට මෙම සටහන මොවුන්ගේ ඡායාරූප යොදාගෙන මොවන් දෙදෙනා එක් අයෙකු බව පෙන්වීමට උපහාසාත්මක ස්වරූපයෙන් පළ කර තිබු බවක් පෙනුනද කිහිප දෙනෙක්ම මෙවැනි සංසන්දන කිරීම ප්‍රශ්න කර තිබුණා.

    මෙහි සිටින දැරිය කවුරුන් ද යන්න අප සොයා බැලුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ස්වරණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ “රත්නේ”ගේ චරිතයට පණ පොවන Sharadh Chanduma යන ළමා නළුවා ප්‍රවීණ අධ්‍යක්ෂ Jayaprakash Sivagurunadanගේ පුතුණුවන් වනවා.

    කෙසේ වෙතත් නාඩගම්කාරයෝ හරහා ඉතාමත් ජනප්‍රියත්වයට පත් Sharadh Chandumaගේ ඡායාරූපයක් සමඟ ඉහත සංසන්දනයට යොදා ගෙන තිබෙන්නේ මෙවර වාණිජ විෂය ධාරාවෙන් ලංකාවේ ප්‍රථමයා වූ අමන්දි මදනායක සිසුවියගේ ඡායාරූපක් බව අපට මෙවර උසස් පෙළ ප්‍රථමයන්ගේ ඡායාරුප සහිත පුවත් පරීක්ෂා කිරීමේ දී දැක ගන්නට ලැබුණා. 

    අමන්දි මදනායක සිසුවියගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය පාසලේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ඡායාරූපයක් මෙලෙස භාවිතා කර තිබුණා. 

    Facebook | Archived Link

    එමෙන්ම ‘රත්නේ’ හෙවත් Sharadh Chandumaගේ ඉහත සටහනට යොදාගත් ඡායාරූපය “නාඩගම්කාරයෝ” ෆේස්බුක්  පිටුවේ “රත්නෙත් එක්ක රවුමක් යමුද ? 🤪” ලෙස පහතින් දැක්වෙන සටහනේ ඡායාරුප අතරින් දැක ගන්නට පුළුවන්.

    https://www.facebook.com/NadagamkarayoOfficial/posts/556467948606830?__cft__[0]=AZV7s-8tZrIBc42T2NFr3uTuG_GIltm7d6VRSX2K19P-_xBF12LDWAp29PBt-q-8k5jhg7y1_jJohYqBNOi-ej7uGaZxRA7mPwB-L6NFBdGNR88mO-pfrmnq1AmOBJR6JbZ6AftXWhXLqswCSVvmdmcq&__tn__=%2CO%2CP-R

    Facebook | Archived Link 

    Conclusion (අවසාන නිගමනය) :

    මේ අනුව පෙනී යන්නේ මෙවර වානිජ අංශයෙන් උසස් පෙළ දිවයිනේ ප්‍රථමයා වූ සිසුවියගේ ඡායාරූපයක් යොදා ගනිමින් නාඩගම්කාරයෝ හි රත්නේ බවට පවසමින් උපාහාසාත්මක කෝණයකින් නිර්මාණය කර තිබු මෙම සටහන් මගින් ජනතාව නොමග යනවා සේම මෙම සිසුවියගේ නමට මෙන්ම Sharadh Chandumaටද එමඟින් හානියක් සිදු වී ඇති බව පෙනී යනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.