Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    CID මඟින් අත්අඩංගුවට ගත්තේ  කැලණිය මහ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු කැලුම් නොව, එම සංගමයේම වෙනත් ක්‍රියාකාරිකයෙක් !

    2024-02-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී සිදුවන අතපසුවීම්  හේතුවෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද නොමඟ යවන සුළු තොරතුරු ජනතාව වෙතට ගලා යෑම සිදුවනවා. එලෙසින් නොමග යන සුළු සටහනක නිරවද්‍යතා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ඇතැම් අවස්ථාවල ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී සිදුවන අතපසුවීම්  හේතුවෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද නොමඟ යවන සුළු තොරතුරු ජනතාව වෙතට ගලා යෑම සිදුවනවා. එලෙසින් නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායක ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය සටහන්,වෙබ් වාර්තා වල පළ වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link  Archived

    ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වේබ් අඩවි ද, අත්අඩංගුවට පත් වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායක බවට සඳහන් කර තිබුණේ මෙලෙසින්. තවත් වෙබ් වාර්තා පළ වූයේ මෙලෙසින් සහ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාවය විමසමින් අප වෙත ඉල්ලීම් කිහිපයක් ලැබුණු අතර ඒ අනුව මේ පිළිබඳ විමර්ශනය කිරීමට අප පියරව ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකව බවට බොහෝ මාධ්‍ය වාර්තා මුලින් දක්වා තිබුව ද ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණේ, අත්අඩංගුවට පත් වූයේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ සංජය හෙට්ටිමුල්ල බවයි. එවැනි වාර්තාවක් මෙතනින්. Archived Link

    එමෙන් ම අප කළ නිරීක්ෂණයේදී දැක ගැනීමට හැකි වූයේ, කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායක විසින් සිය ගිණුමේ පළ කර තිබුණේ, මෙලෙසින් අත්අඩංගුව ට පත් වී තිබුණේ, ශිෂ්‍ය ක්‍රියාකාරීයෙකු වූ සංජය හෙට්ටිමුල්ල බවයි.

    Facebook | Archived Link

    එමෙන් ම තමන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරක් පළ වන බවට ද, ඔහු සිය නිල ෆේස්බුක් ගිණුම දක්වා තිබුණේ මේ අයුරින්.

    Archived Link

    අප මේ පිළිබඳ ව කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකගෙන් විමසීමක් කළ අතර අත්අඩංගුවට පත් වූයේ තමන් නොවන බවත්, සංගමයේ වෙනත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු බවයි.

    එසේම මාධ්‍ය වාර්තා බොහොමයක් පසුව කලින් පුවත නිවැරදි කරමින් ඇත්ත වශයෙන්ම අත්අඩංගුවට පත්ව තිබුනේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ක්‍රියාකාරීයෙකු වූ සංජය හෙට්ටිමුල්ල බවට පළකර තිබුණ ද මුල් පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම වෙබ් අඩවිවල තිබීම හේතුවෙන් වේගයෙන් හුවමාරු වූ මුල් පුවත හේතුවෙන් බොහෝ දෙනෙක් නොමඟ ගොස් තිබුණි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා තහවුරු කළේද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, සංජය හෙට්ටිමුල්ල නමැත්තෙකු බවත්, කැලුම් මුදන්නායක නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්ය.

    2022 වසරේ ඔක්තෝබර් මස කැළණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවූ නවක වධයට අදාළවත් ඒ හා සම්බන්ධ පහරදීමක් ඇතුළු කරුණු පිළිබඳව ඉදිරිපත්වූ පැමිණිලි පිලිබඳ සිදුකර තිබු විමර්ෂණ කටයුතුවලින් පසු, අපරාධ විමර්ශන අංශය විසින් නඩු පැවරීමක් සිදුකර තිබු බවත්, එම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවෙකු ලෙස සංජය හෙට්ටිමුල්ල හඳුනාගෙන තිබු බවත්, ඔහු ඊයේ (25) රාත්‍රියේ, විදේශ ගමන් තනහමක් තිබියදී, විදේශගත වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත බවත්, අද (26) දින ඔහුව මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා සිටියා.

    2022 වසර තුල කැලණිය විශ්ව විද්‍යාලය තුළ නවක වධ සිද්ධීන් ගණනාවක් පිළිබද මාධ්‍ය වාර්තා පවතින අතර ඒ සමහර සිදුවීම් පිළිබද වාර්තා මෙතැනින්, මෙතනින්. 2022 නොවැම්බර් මාසයේ සිට රජයේ විශ්ව විද්‍යාලවල සිදුවන අමානුෂික නවක වධ සිදුවීම් පිළිබද පැමිණිලි සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස සියලුම ඉහල පොලිස් නිලධාරින් වෙත උපදෙස් ලබා තිබුණා. ඒ පිලිබඳ වාර්තාවක් මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ 2022 වසරේ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිදුවූ  නවක වදය සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් ඊයේ(25) දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායක නොව කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ සංජය හෙට්ටිමුල්ල බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-02-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.