Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: රට පුරා සිදුවන වැඩ වර්ජන හේතුවෙන් ඇතිවූ තත්ත්වයක් ද?

    2021-07-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ දිනවල රට පුරා වර්ජන බොහොමයක් සිදුවන අයුර අපට මාධ්‍ය තුලින් දැකගන්නට පුලුවන්. පොහොර ප්‍රශ්නය මුල්  කරගනිමින්  රට තුල පොහොර හිඟයට විසඳුම් දෙන ලෙස ඉල්ලා ගොවි උද්ඝෝෂණ මෙන්ම ගුරුවරුන්ගේ වැ‍ටුප් ගැටළු වලට විසඳුම් ඉල්ලා සිදුවන උද්ඝෝෂණ ද අපට දැකගන්නට ලැබෙනවා.

    මේ දිනවල රට පුරා වර්ජන බොහොමයක් සිදුවන අයුර අපට මාධ්‍ය තුලින් දැකගන්නට පුලුවන්. පොහොර ප්‍රශ්නය මුල්  කරගනිමින්  රට තුල පොහොර හිඟයට විසඳුම් දෙන ලෙස ඉල්ලා ගොවි උද්ඝෝෂණ මෙන්ම ගුරුවරුන්ගේ වැ‍ටුප් ගැටළු වලට විසඳුම් ඉල්ලා සිදුවන උද්ඝෝෂණ ද අපට දැකගන්නට ලැබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස්ද පසුගිය කාලයේ තම අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ කටයුතු වල නිරතව තිබූ අයුරු අයුර අපට දැකගන්නට ලැබුණා. 

    මෙම උද්ඝෝෂණ පිලිබඳව නොයෙකුත් ආකාරයේ අදහස් පළවී තිබු අතර මේ හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමේ අවදානම පිළිබඳව ද අදහස් පලවී තිබුණා. මෙම වැඩ වර්ජන හේතුවෙන් සිදුවූ අතුරු ප්‍රතිඵලයක් ලෙස හුවමාරු වූ ඡායරුප සටහනක් පිලිබඳ අප සිදුකළ කරුණු අනාවරණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    ජේප්පොන්ගේ රට පුරා වැඩ වර්ජන වල අතුරු ප්‍රතිඵල,.. යන තේමාව යටතේ පළවී තිබු ඡායරුපයකින් දක්වා තිබුනේ මිය ගිය පුද්ගලයින් පිරිසක් පොලිතීන් මඟින් ආවරණය කර තිබු ඡායාරුපයක්.

    Facebook | Archived

    එම ඡායාරුපහි එක් පසෙක ආරක්‍ෂිත ඇඳුම් කට්ටලයක් ඇඳගත් පුද්ගලයෙකු දැක ගන්නට ලැබෙනවා. එබැවින් මෙම මරණ බොහෝ දුරට කොවිඩ් මරණ බවත්, රට පුරා සිදුකරන වැඩ වර්ජන වල අතුරු ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුව ඇති බවත් බොහෝ දුරට අදහස් කර ඇති බවක් ද දැක්වෙනවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ ආකාරයේ දර්ශන පෙළක් මෙරට මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේ දී වාර්තා වී තිබෙනු දැක ගන්නට ලැබුනේ නැහැ.

    අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසීමක් සිදු කල අතර මේ ආකාරයට කොරෝනා රෝගය හේතුවෙන් මිය ගිය අයගේ සිරුරු මෙරට දී මේ දක්වා තැන්පත් නොකරන බවත් බොහෝ දුරට මෙම ඡායාරූපය මෙරට සිදූවීමක් නොවන බවටත් අදහස් දක්වා සිටියා.

    කොරෝනා රෝගය හේතුවෙන් මිය යන සිරුරු බොහෝදුරට විධිමත් ලෙස ආදාහනය කිරීම හෝ නියමිත සෞඛ්‍ය නිර්දේශ යටතේ භූමදානය කිරීම හෝ සිදුවන බව වැඩි දුරටත් අප වෙත පවසා සිටියා.

    එබැවින් මෙම ඡායාරුපය ගුගල් රිවර්ස් ඡායාරුප සෙවුම ඔස්සේ වැඩිදුර පරීක්ෂා කර බැලු අතර එහිදී දැක ගන්නට ලැබුනේ මෙම ඡායරූපය  ලංකාවේ වූ සිදුවීමක් නොවන බවයි. මෙය මියන්මාරයේ සිදුවීමක් බව අපට එරට මාධ්‍ය වාර්තා හරහා තහවුරු වුණා.

    මෙම සිදුවීමට අදාල මුල් ඡායාරූප සමඟ විස්තරයක් Khit Thit Media  නම් මියන්මාරයේ නිල මාධ්‍ය ආයතනයක ෆේස්බුක් පි‍ටුවක් විසින් පළ කර තිබුනා. මියන්මාර බසින් සනි‍ටුහන් කර තිබූ එම විස්තරයට අනුව ජූලි 15 වන දින කොවිඩ් -19 රෝගයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගිය බවත්, මෙම ඡායාරූපය මියාවඩි (Myawaddy) ප්‍රදේශයේ රෝහලේ මෘත ශරීරාගාරයේ දී ගන්නා ලද බවත් එහි සඳහන්. එම තොරතුරු අප Factcrescendo මියන්මාර් කණ්ඩායම ඔස්සේ ද තහවුරු කර ගත්තා.

    එම සටහන පහතින්.

    https://www.facebook.com/khitthitnews/posts/1247863965650947

    Facebook | Archived

    එසේම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිනපතා නිකුත් කරන සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීමේ දී ද අපට දැක ගන්නට ලැබුනේ මැයි , ජුනි මාස අතර තුර දී දිනකට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ද උපරිමයක් වී තිබූ අතර එම අගය පසුගිය සති කිහිපයයේ ඊට වඩා සුළු අඩුවීමක් පෙන්නේනුම් කර තිබු බවයි. ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින්.

    කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ සම්බන්ධයෙන් දින 7 ක සාමාන්‍ය (7 day moving average – worldometers) සහ දැනට රෝගී සංඛ්‍යාව (Active cases) මෙහි දක්වා තිබෙන පරිදි සුළු වශයෙන් අඩු වීමක් ද ජුලි මස මුල සිට දැක ගන්නට ලැබෙනවා. කෙසේවෙතත් නව කොවිඩ් ප්‍රභේද හේතුවෙන් ඇති අවදානම ද හේතුවෙන් නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් එන්නත්කරණ වැඩපිළිවෙළට සක්‍රීයව දායක වන ලෙස සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් ම මහජනතාව වෙත උපදෙස් ලබා දෙනවා.

    සැ.යු. මෙම කරුණු විමර්ශණය සමාජ මාධ්‍ය සටහන් වල පළකර තිබු ඡායාරුපය සම්බන්ධයෙන් පමණක් සිදුවී ඇති බව සලකන්න. 

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව අපට පෙනී යන්නේ “ජේප්පොන්ගේ රට පුරා වැඩ වර්ජන වල අතුරු ප්‍රතිපල” ලෙස සඳහන් කරමින් පල කර ඇති ඡායාරූප සටහන නොමග යවන සුළු සටහනක් බවයි. එම ඡායාරුපය ජුලි මස 15 වැනිදා මියන්මාරයේ, මියාවඩි (Myawaddy) ප්‍රදේශයේ රෝහලක මෘත ශරීරාගාරයේ දී ලබා ගත්තක්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.