Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: අගෝස්තු 18 උදෑසන කොවිඩ් ආසාදිත මංගල ජීවිතයට සමු දුන්නාද?

    2021-08-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update– අගනුවර පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීර ,හිටපු මුදල් අමාත්‍යවරයා අගෝස්තු 24( එනම් අද දින) උදෑසන මියගොස් තිබෙනවා.කොරෝනා ආසාදනය වී පුද්ගලික රොහලකට මිට සති කිහිපයකට පෙර  ඇතුලත්වූ සමරවීර මහතාව මීට දින කිහිපයකට පෙර දැඩ

    Update– අගනුවර පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීර ,හිටපු මුදල් අමාත්‍යවරයා අගෝස්තු 24( එනම් අද දින) උදෑසන මියගොස් තිබෙනවා.කොරෝනා ආසාදනය වී පුද්ගලික රොහලකට මිට සති කිහිපයකට පෙර  ඇතුලත්වූ සමරවීර මහතාව මීට දින කිහිපයකට පෙර දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබුණා.කෙසේ වෙතත් පසුගිය දින දෙකක කාලය තුල ඔහු ප්‍රතිකාරයන්ට ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.අද උදෑසන ජීවිතාරක්ෂක උපකරණ සවිකිරීමට කටයුතු කළත්  ,වෛද්‍යවරුන්ට ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිව නැහැ.මේ සම්බන්ධයෙන් වනඩේලි මිරර් වෙබ් සටහනට පිවිසීම මෙතනින්. Archived.

    කොවිඩ් 19 වෛරසය රට පුරා පැතිර යාමත් සමගම දේශපාලනයට සම්බන්ධ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයනුත් කොවිඩ් ආසාදිතයන් බවට පත්වුණා. ඒත් සමගම ඔවුන්ගේ නම් සඳහන් කරමින් බොරු ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරීමද ආරම්භ වුණා. මේ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සම්බන්ධ කර ගනිමින් සමාජ ජාලා හරහා පැතිර ගිය එවැනි අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප සිදු කළ විමසුමක්.

    සමාජ මාධ්‍ය සටහන්

    මංගල සමරවීර මහතාට නිවන් සුව පතමින ANGEL නම් ෆේස්බුක් පිටුවක් පළකර තිබු සටහනක් මඟින් අදහස් කර තිබුනේ ඒ මහතා මියගොස් ඇති බවක්

    Facebook| Archived

    මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා සම්බන්ධ මෙම පුවත ෆේස්බුක් හරහා පැතිර තිබුනේ මෙලෙසින්. කෙසේවෙතත් සටහන් පළකර කිහිප දෙනෙක් ම පසුව එම සටහන් ඉවත්කරගෙන තිබු ආකාරය ද අපට දැක ගන්නට ලැබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

    අප මුලින්ම සිදුකලේ මේ පිළිබදව ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පළව ඇති සටහන් මොනවාදැයි සොයා බැලීමයි. මංගල සමරවීර මහතා මියගොස් ඇති බවක් කිසිඳු ප්‍රධාන ධාරාවේ මාධ්‍යක සඳහන්ව තිබුනේ නැති අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ පුවත අසත්‍යක් බව බොහෝ පුවත් වාර්තා කර තිබුණා.

    එහිදී , Daily Mirror පුවත්පතේ වෙබ් අඩවියේ පළව තිබූ පුවතක් වෙත අපගේ අවධානය  යොමු වුණා. එහිදී මංගල සමරවීර මහතාගේ සමීපතමයෙක් වන රෙහාන් ජයවික්‍රම මහතාව උපුටා දක්වමින් සඳහන් කර තිබුනේ සමරවීර මහතා මියගොස් ඇති බවට සමාජ ජාලාවල පළවන සටහන්  සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බවටයි. එමෙන්ම සමරවීර මහතා ප්‍රතිකාර වලට ඉතා හොදින් ප්‍රතිචාර දක්වන බව හා ඔහු ජීවිතාරක්ෂක උපකරණ වල සහායෙන් තොරව ජීවත්වන බවද ජයවික්‍රම මහතා  පවසා තිබුණා. අදාල පුවත්පත් සටහනට පිවිසීම මෙතනින්. Archived

    මෙම තොරතුරු තවදුරටත් තහවුරු කරගැනීම සදහා අප මංගල සමරවීර මහතාගේ සමීපතමයෙක් සහ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු වූ රුවන් ෆ්ර්ඩ්නැන්ඩස් මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියා. මංගල සමරවීර මහතා මියගොස් බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඔහු පැවසුවේ සමරවීර මහතා මේ වන විටත් පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔක්සිජන් පහසුකම් සපයා ඇති බවයි.

    මංගල සමරවීර මහතාගේ ප්‍රතිකාර පිළිබඳ තොරතුරු විමසා, ඉදිරි දින කිහිපයේ දී මෙහි යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැනගැනීම සදහා එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශනයට අනුව පැහැදිලි වන්නේ මෙම කරුණු විමර්ෂණය සිදුකළ මොහොත වන විට, (අගෝස්තු 18 සවස 4වනවිට) මංගල සමරවීර මහතා මියගොස් ඇති බව හඟවමින් පළවූ සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි. කෙසේවෙතත් කොවිඩ් ආසාදිත ඒ මහතා මේ වනවිටත් කොළඹ  පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.