Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය කොට අනතුරකට ලක්වූ වාහනයකට රක්ෂණ වන්දි ලැබෙන්නේ නැත්ද?

    2021-09-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    යම්කිසි ආකාරයේ හදිසි අනතුරකින් හෝ අලාභහානියකින් වාහනට සහ තෙවන පර්ශවට සිදුවන හානි සඳහා මුල්‍යමය ආවරණයක් ලබාදීම රථවාහන රක්ෂණ ක්‍රමයක් යටතේ සිදුවෙයි.  වර්තමාන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීති කාලය තුළ දී අනතුරකට ලක්වූ වාහනයකට වන්දි මුදල් ලබාදී

    යම්කිසි ආකාරයේ හදිසි අනතුරකින් හෝ අලාභහානියකින් වාහනට සහ තෙවන පර්ශවට සිදුවන හානි සඳහා මුල්‍යමය ආවරණයක් ලබාදීම රථවාහන රක්ෂණ ක්‍රමයක් යටතේ සිදුවෙයි. 

    වර්තමාන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීති කාලය තුළ දී අනතුරකට ලක්වූ වාහනයකට වන්දි මුදල් ලබාදීම සිදු කරන්නේ කෙලෙසද? එම වන්දි ලබාගැනීම සදහා ඇඳිරිනීතිය බලපත්‍රයක් තිබීම අනිවාර්යද? මේ, ඒ සම්බන්ධයෙන් පළව තිබූ නොමග යවන සුළු ෆේස්බුක් සටහනක් පිළිබදව අප විසින් සිදුකළ විමසුමක්.

    සමාජ මාධ්‍ය සටහන් : 

    “රක්ෂණය පිළිබදව ඔබ නොදත් දේ”, නම් ෆේස්බුක් පිටුවක් පළකර තිබු ෆේස්බුක් සටහනක දක්වා තිබුනේ,

    “ඔබ දන්නවාද? සංචරණ සීමා කාලය තුල ඔබගේ රථයට ඇදිරීනීති බලපත්‍රයක් නොමැතිව ගමන් කර රථය අනතුරකට ලක්වූ විට ඔබට රක්ෂණ වන්දි මුදල් නොලැබෙන බව.” ලෙසයි. 

    Facebook | Archived

    වාහන රක්ෂණය සම්බන්ධයෙන් පළ වූ එම සටහන් සයිබර් අවකාශය තුළ පැතිර තිබුණේ මෙලෙසින්.

    බොහෝ දෙනාගෙන් ලැබුණු ඉල්ලීම් නිසා අප මේ පිළිබදව සොයා බැලීමට තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    මේ පිළිබඳව අප ලංකාවේ වාහන රක්ෂණ ආයතන දෙකකින් විමසා බැලුවා. ඒ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  ආයතනයෙන් සහ ෆෙයා ෆස්ට් රක්ෂණ ආයතනයෙනුයි.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයෙන් අප කළ විමසුමකදී ඔවුන් සඳහන් කර සිටියේ තමන් මෙතෙක් ඇඳිරි නීති බලපත්‍ර සම්බන්ධයෙන් සමාජ ජාලාවල සටහන් වන ආකාරයේ තීරණයකට පැමිණ නැති බව සහ වාහන රක්ෂණ වන්දි ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අදාළ පාර්ශවයට වන්දිය ලබාදීමට සියලු කරණු සැලකිල්ලට ගනිමින් කටයුතු කරන බව පවසා සිටියා.

    කෙසේ වෙතත් ෆෙයාෆස්ට් රක්ෂණ සමාගමෙන් මේ පිළිබදව සිදුකළ විමසුමේදී ඔවුන් පවසා සිටියේ ඔවුන් ඇඳිරිනීති බලපත්‍ර පරීක්ෂා කරන බවයි. කෙසේ වෙතත් ඇඳිරිනීතිය බලපත්‍ර නොමැතිව සිදුවන වාහන අනතුරු වලදී පොලිස් වාර්තාවන් පරික්ෂා කර වන්දි ලබාදීම් සිදු කරන බවද ඔවුන් පවසා සිටියා. එමෙන්ම, නිරෝධායන ඇඳිරිනීතිය  පවතින මේ කාල වකවානුව තුලදී , කාර්‍යාල වල හෝ වෙනත් ආයතන වල සේවය සඳහා පිටත්ව යන සේවකයන්ට සේවය සඳහා වාර්තා කරන ලෙස ආයතන ප්‍රධානියා සපයන ලිපියද, ඇඳිරි නීති බලපත්‍ර නොමැති අවස්ථාවලදී වන්දි ගෙවීම් සිදු කිරීමේදී සැලකිල්ලට ගන්නා බවද ඔවුන් පවසා සිටියා.

    රක්ෂණ සමාගම් කිහිපයක් සමඟම කටයුතු කරන ආයතනයක් වන Insureme ආයතනයෙන් ද අප මෙසේ රථවාහන වන්දි මුදල් මේ දිනවල දී ලබාගැනීම පිලිබඳ විමසා සිටි අතර ඉහත පරිදි සේවා ස්ථානයෙන් ලබදෙන ලිපිය ඇතුළු පිළිගත හැකි ලේඛනයක් මේ සඳහා ඉදිරිපත් කළ හැකි බව ඔවුන් ද පවසා සිටියා. 

    මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම් ගණනාවක්ම එක්ව පිහිටුවාගෙන ඇති Insurance Association of Sri Lanka (IASL)  මේ දිනවල සමාජ ජාලාවල පැතිර යන මෙවැනි ප්‍රකාශ ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    Facebook| Archived 

    එම සටහන මගින් ඔවුන් දක්වා ඇත්තේ වාහන රක්ෂණ වන්දි මෙම ඇඳිරිනීතිය කාල සීමාව තුළදී ලබා ගත නොහැකි බවට ප්‍රචාරයන් පැතිර යන බවයි. කෙසේ වෙතත් සිය සංගමය මගින් සාමාජිකයන්ට මෙවැනි ආකාරයේ උපදෙස් ලබාදීමත් සිදු නොකර ඇති අතර , මෙම කාලසීමාව තුළදී සිදුවන රථවාහන අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රක්ෂණ සමාගම් මගින් සියලු කරුණු සැලකිල්ලට ගෙන රක්ෂණ වන්දි ලබාදෙනු ඇති බවයි.

    ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් ද අප මේ පිලිබඳ සිදුකළ විමසීමේ දී ඔවුන් ද පවසා සිටියේ ඉහත IASL විසින් ඉහත පළකර තිබු නිවේදනය මේ පිලිබඳ නිල ප්‍රකාශය බවයි.

    Update:

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසා සිටියේ රථවාහන සම්බන්ධයෙන් පොලිස් වාර්තා ලබාදීමේදී සැලකිල්ලට ගනු ලබන්නේ ප්‍රධාන වශයෙන් අනතුරේ ස්වභාවය බවයි. ඇදිරි නීති බලපත්‍ර ලබාදීම, පෙර පැවති ඇදිරිනීති තත්වයන්හිදී මෙන් මෙවර සිදු නොවන බවින් අත්‍යාවශ්‍ය සේවා සදහා සහ අවමංගල අවස්ථාවකට සහභාගිවීම, ඖෂධ මිලට ගැනීම සදහා වැනි මානුෂික හේතු මත නිවසින් බැහැරව ගිය හැකි බවත්, එමෙන්ම තමන් දන්නා ආකාරයට රක්ෂණ සමාගම් විසින්ද වාහනය නිවසින් බැහැරට ගිය සැබෑ හේතුව සොයනා බවත්, මානුෂීය හේතු මත නිවසින් බැහැරව ගිය වාහනවලට රක්ෂණ හිමිකම් ලබාදෙන බවත් පැවසුවා. මීට අමතරව අත්‍යාවශ්‍ය නොවන කටයුත්තක් සදහා නිවසින් පිටත ගිය වාහනයක් අනතුරකට ලක්වුවහොත්, ඒ පිලිබඳ දැනුම්දීමක දී පොලීසිය ඒ සම්බන්ධයෙන් සොයා බලා නිරෝධායන නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ ගවේෂණයට අනුව පැහැදිලි වන්නේ ඇඳිරිනීතිය බලපත්‍ර නොමැති අවස්ථාවක දී සිදුවන රථවාහන අනතුරු වලට මෙම සමය තුළ වන්දි ගෙවීමක් සිදු නොවන බවට සමාජ ජාල හරහා පැතිර යන ප්‍රචාර නොමග යවන සුලු බවයි. ඇඳිරිනීතිය බලපත්‍ර නොමැති වුවත් කාර්‍යාල වලින් හෝ ආයතන ප්‍රධානීන්ගෙන් සේවයට පැමිණෙන ලෙස ලැබෙන ලිපි, පොලිස් වාර්තා යනාදිය සලකා බලා වන්දි ගෙවීම් කටයුතු මේ කාලයේ දී ද සිදුවේ. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය නොවන කටයුතු සදහා මේ දිනවල නිවසින් බැහැරව යාම රක්ෂණ සමාගම් මගින් දිරි නොගන්වයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-09-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.