බෙංගාල බොක්කේ ඇති වූ ‘අර්නාබ්’ (Arnab) අතිශය දරුණු සුළි කුණාටුව 2026 ඔක්තෝබර් 28 වන දින අලුයම ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළට, යානම් සහ කාකිනාඩා ආසන්නයෙන් ගොඩබිමට පැමිණි බව වාර්තා වූයේ මෙලෙසින්. අවම වශයෙන් සත් දෙනෙකු මිය ගිය බවත්, මූලික ඇස්තමේන්තුගත හානිය ඉන්දියානු රුපියල් කෝටි 4,600ක් බවත් ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය එන්. චන්ද්‍රබාබු නායිඩු පවසා ඇත්තේ මෙලෙසින්.
මෙම කුණාටුවේ දර්ශන ලෙස සමාජ මාධ්‍යයේ විවිධ වීඩියෝ පැතිර ගියා. ඒ අතරින් ශ්‍රී ලංකාවේ වැඩිපුරම බෙදා ගත් වීඩියෝ දෙකක්, එනම් පාරක් අසල කඩයකට කඩා වදින දූවිලි කුණාටුවේ වීඩියෝව සහ සුළඟට නැමෙන පුවක් ගස් වැනි ගස්වල වීඩියෝව, අප පරීක්ෂා කළෙමු.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පළමු වීඩියෝවේ, පාරක් අසල කඩයක සිටින පුද්ගලයෙකු දූවිලි සහිත දැඩි සුළඟින් කඩයේ බඩු බේරා ගැනීමට උත්සාහ කරන අයුරු දැක්වේ. එය ‘ඉන්දියාවට බලපෑ සුලි කුනාටුව’ සහ ‘ඉන්දියාව කැළඹූ “ඕර්නබ්”’ වැනි සිරස්තල සමඟ ඔක්තෝබර් 27-28 දිනවල ගිණුම් සහ පිටු රැසක පළ විය. එක් සිංහල ප්රවෘත්ති පිටුවක් එය ‘India, Oct 28’ ලේබලය යොදා, අර්නාබ් ආන්ද්‍ර ප්‍රදේශ් සහ යානම් වෙරළ තීරය හරහා හමා ගිය බව සඳහන් කරමින් පළ කර තිබුණි.


Facebook 1 | Facebook 2 | Facebook 3 | Facebook 4 | Facebook 5 | Facebook 6 | Facebook 7 | Facebook 8
දෙවන වීඩියෝවේ, අඳුරු අහසක් යට නිවාස අතර ඇති පුවක් ගස් වැනි ගස් සුළඟට නැමෙන අයුරු දැක්වේ. ‘ඉන්දියාව දෙවනත් කරන්න එන “අර්නාබ්” සුළි කුණාටුව!’ යන සිරස්තලය සහ කුණාටුව ඔක්තෝබර් 28 වන දින ගොඩබිමට ඇතුළු වීමට නියමිත බවට විස්තරයක් සමඟය.

විමර්ශනයට ලක් කළ ප්‍රකාශය :
මෙම වීඩියෝ දෙක 2026 ඔක්තෝබර් අගදී ‘අර්නාබ්’ සුළි කුණාටුව ඉන්දියාවට බලපෑ අවස්ථාවේ දර්ශන බව.
Fact Check (කරුණු පරීක්ෂාව) :
පාර අසල කඩයේ වීඩියෝව 2026 මාර්තු මාසයේ ඔඩිශාවේ මයුර්භංජ් හි හමා ගිය කුණාටුවකි
අප මෙම වීඩියෝවේ ප්‍රධාන රාමු (keyframes) වෙන් කර reverse image search කළ විට, එම දර්ශනයම 2026 මාර්තු 16 වන දින ඉන්දියාවේ ET Now ප්රවෘත්ති ආයතනයේ Facebook පිටුවේ පළ වූ reel එකක් හමු විය. එහි සිරස්තලය ‘Tornado kills 2, injures 17; damages 100 houses in Odisha’s Mayurbhanj’ විය. එහි විස්තරයේ සඳහන් වූයේ ඔඩිශාවේ මයුර්භංජ් දිස්ත්‍රික්කයේ කරංජියා (Karanjia) කොට්ඨාසයේ ගම්මාන හතරකට හමා ගිය nor’wester කුණාටුවකින් දෙදෙනෙකු මිය ගොස් 29 දෙනෙකු තුවාල ලැබූ බවයි. එම වීඩියෝව මෙතනින් නැරඹිය හැක.
වයිරල් වීඩියෝවේ සහ ET Now වීඩියෝවේ එකම මොහොතේ රාමු (තත්පර 0.5) සැසඳූ විට විදුලි කණුව, රැහැන්, පසුපස ඇති පාලම වැනි ව්‍යුහය, සුළඟට ගසාගෙන යන කොළ අතු පවා සමාන වේ. ඉන් පසු දර්ශනවල දිස්වන අළු පැහැති ටී-ෂර්ට් එකක් ඇඳි පුද්ගලයා, ලී කවුන්ටරය සහ ඈත සුදු ගොඩනැගිල්ල ද දෙකෙහිම එක හා සමානය.

ETV Bharat වාර්තාවට අනුව මෙම කුණාටුව හමා ගියේ 2026 මාර්තු 15 වන ඉරිදා සවස 4ට පමණ, විනාඩි 10-15ක පමණ කාලයක් තුළය. වැඩිපුරම හානි වූයේ කරංජියා කොට්ඨාසයේ කියා (Kia) සහ කන්කඩා (Kankada) ගම්මානවලටය. මරණ දෙක සිදු වූයේ NH-220 ජාතික මාර්ගය ආසන්නයේ වන අතර, ගම්මාන 12ක නිවාස 200කට වඩා හානි වී ඇති බව වාර්තාවේ මෙතනින්. ඉන්දියානු රජයේ All India Radio ද මරණ දෙකක් සහ නිවාස 200කට වඩා හානි වූ බව වාර්තා කළේ මෙලෙසින්.
වීඩියෝවේ දිස්වන්නේ වැසි නොමැති, දුඹුරු දූවිලි සහිත සුළඟක් සහ වියළි වෘක්ෂලතාදියයි. මෙය ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශවල මාර්තු-අප්‍රේල් කාලයේ හමන nor’wester (කාල්බෛශාකි) කුණාටු සමඟ ගැළපෙන අතර, දැඩි වැසි ඇති කළ අර්නාබ් සුළි කුණාටුවේ තත්ත්වයට වඩා වෙනස්ය.
ශ්‍රී ලංකාවේ පැතිරුණු පිටපත තත්පර 74ක් පමණ දිගය. එහි අවසන් තත්පර 8 (තත්පර 66 සිට) තණකොළ සහ ගස් සහිත, දැඩි වැසි සහිත වෙනත් ස්ථානයක දර්ශනයක් එකතු කර ඇත. එම කොටසේ මූලාශ්‍රය අපට තහවුරු කර ගැනීමට නොහැකි විය.
මෙම වීඩියෝව අර්නාබ් ලෙස ඉන්දියාවේ ද පැතිරුණු අතර, එය මයුර්භංජ් හි මාර්තු කුණාටුව බව ඉන්දියානු කරුණු පරීක්ෂකයන් ද මෙතනින් සහ මෙතනින් පෙන්වා දී තිබේ.
පුවක් ගස් සෙලවෙන වීඩියෝව ‘අර්නාබ්’ ඇති වීමට මාසයකට පෙර සිට අන්තර්ජාලයේ තිබේ
අර්නාබ් සුළි කුණාටුව බෙංගාල බොක්කේ ඇති වූයේ 2026 ඔක්තෝබර් 26 වන දිනය. එය 2026 වසරේ උතුරු ඉන්දියානු සාගරයේ ඇති වූ පළමු සුළි කුණාටුව බව වාර්තා වූයේ මෙලෙසින්.
නමුත් මෙම වීඩියෝවේ keyframes reverse image search කළ විට, එම වීඩියෝවම 2026 සැප්තැම්බර් 25 වන දින Facebook හි පළ වී තිබූ බව අපට හමු විය. එය මෙතනින් දැකිය හැක. වීඩියෝ දෙකෙහිම දිග තත්පර 38.9ක් වන අතර, තත්පර 8 වන රාමුව සැසඳූ විට ගස් අතු, නිල් වහලය සහ රතු වහල සහිත ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම සමාන වේ.

සැප්තැම්බර් පිටපතේ ද #arnab හැෂ්ටැගය තිබීම සිත්ගන්නා කරුණකි. 2026 සැප්තැම්බර් 22 වන දින බෙංගාල බොක්කේ ගැඹුරු අවපීඩනයක් සැප්තැම්බර් 23 රාත්‍රියේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිශා වෙරළ හරහා ගමන් කිරීමට නියමිත බව ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුව (IMD) පැවසූ බව වාර්තා වූයේ මෙලෙසින්. එය ‘අර්නාබ්’ නමින් සුළි කුණාටුවක් වේදැයි එවකට ඉන්දියානු මාධ්‍යවල සාකච්ඡා වූ නමුත්, IMD එය තහවුරු කර නොතිබූ බවත්, ඔඩිශා ප්‍රධාන ලේකම්වරිය පැවසුවේ එය ගැඹුරු අවපීඩනයක් දක්වා වර්ධනය විය හැකි නමුත් සුළි කුණාටුවක් නොවන බවත් මෙතනින්. ලැයිස්තුවේ ඊළඟ නම වූ ‘Arnab’ ලබා දී තිබුණේ බංග්ලාදේශය විසිනි.
එබැවින් මෙම වීඩියෝව ඔක්තෝබර් අගදී ඇති වූ අර්නාබ් සුළි කුණාටුවේ දර්ශනයක් නොවේ. එහි දිස්වන්නේ සැබෑ කුණාටු තත්ත්වයක් විය හැකි වුවද, එය පටිගත කළ ස්ථානය සහ නිශ්චිත දිනය අපට තහවුරු කර ගැනීමට නොහැකි විය.
අර්නාබ් සුළි කුණාටුව සැබවින්ම සිදු කළ හානිය
අර්නාබ් ඔක්තෝබර් 28 වන දින අලුයම 2 සිට 8 දක්වා කාලයේ යානම් ආසන්නයෙන්, නරසාපූර් සහ කාකිනාඩා අතරින් ගොඩබිමට පැමිණියේ පැයට කිලෝමීටර් 125-135ක සුළං වේගයක් (උපරිම 150) සමඟ බව මෙතනින්. කුණාටුවට පෙර ආන්ද්‍ර ප්‍රදේශ් හි 180,000කට වඩා ජනතාව ඉවත් කළ බව Associated Press වාර්තා කළේ මෙලෙසින්.
කොනසීමා දිස්ත්‍රික්කයේ පමණක් විදුලි කණු 8,000ක් පමණ ඇද වැටුණු බවත්, දිස්ත්‍රික්ක 16ක බෝග හානි වූ බවත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය. සහන ප්‍රමාද වූ බවට විපක්ෂ YSRCP නායක ජගන් මෝහන් රෙඩ්ඩි විවේචනය කළ බව ද එම වාර්තාවේ මෙතනින්. සැබෑ හානියේ ඡායාරූප මෙතනින් සහ මෙතනින් දැකිය හැක.
අර්නාබ් ශ්‍රී ලංකාවට ගොඩබිමට නොපැමිණි නමුත් එහි බලපෑමෙන් රට පුරා දැඩි වැසි සහ සුළං ඇති විය. ඔක්තෝබර් 28 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු අනුව දිස්ත්‍රික්ක 17ක පවුල් 5,696ක පුද්ගලයන් 21,218ක් පීඩාවට පත් වූ අතර, එක් මරණයක් සහ තිදෙනෙකු අතුරුදන් වීමක් වාර්තා විය (මෙතනින්).
‘අර්නාබ්’ නමින් පැතිරුණු වෙනත් පැරණි වීඩියෝ
අර්නාබ් අවස්ථාවේ තවත් පැරණි වීඩියෝ රැසක් ද පැතිර ගියා. විශාකපට්ටනම් ලෙස බෙදාගත් ගස් සෙලවෙන වීඩියෝවක් 2026 ජූලි මාසයේ Bavi සුපිරි ටයිෆූනයේදී උතුරු මරියානා දූපත්වල Rota දූපතෙන් ගත් එකක් බව Fact Crescendo English මෙතනින් බිහාර් ප්‍රාන්තයේ 2026 සැප්තැම්බර් ටොනේඩෝවක වීඩියෝවක් මෙලෙසින් ද, තෙලංගානා ප්‍රාන්තයේ සැප්තැම්බර් කුණාටුවක වීඩියෝවක් මෙලෙසින් ද වැරදි ලෙස බෙදා ගැනිණි. මයුර්භංජ් ටොනේඩෝවේ තවත් වීඩියෝවක් ද අර්නාබ් ලෙස පැතිරුණු බව මෙතනින්.
අර්නාබ්ට පසු ‘මුරසු’ (Murasu) සුළි කුණාටුව
අර්නාබ්ට දින කිහිපයකට පසු, ‘මුරසු’ (Murasu) නම් දරුණු සුළි කුණාටුව නොවැම්බර් 3 වන දින අලුයම 1ට පමණ ආන්ද්‍ර ප්‍රදේශ් හි ප්‍රකාසම් දිස්ත්‍රික්කයේ ඔන්ගෝල් ආසන්නයෙන් ගොඩබිමට පැමිණීම ආරම්භ විය. පැයට කිලෝමීටර් 110ක සුළං සමඟ දිස්ත්‍රික්ක හයකට රතු අනතුරු ඇඟවීම් නිකුත් කළ බවත්, පුදුච්චේරිය සහ උතුරු තමිල්නාඩුවට ද වැසි බලපෑ බවත් වාර්තා වූයේ මෙලෙසින්. මෙය තවමත් වර්ධනය වන සිදුවීමක් බැවින්, නිල යාවත්කාලීන තොරතුරු සඳහා ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මෙතනින් බලන්න.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion):
‘අර්නාබ්’ සුළි කුණාටුවේ දර්ශන ලෙස බෙදා ගන්නා පාර අසල කඩයේ වීඩියෝව 2026 මාර්තු 15 වන දින ඔඩිශාවේ මයුර්භංජ් දිස්ත්‍රික්කයේ හමා ගිය nor’wester කුණාටුවකි. පුවක් ගස් සෙලවෙන වීඩියෝව අර්නාබ් ඇති වීමට මාසයකට පෙර, 2026 සැප්තැම්බර් 25 වන දින සිටම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය ව වීඩියෝවකි.
අර්නාබ් ඉන්දියාවට දැඩි හානියක් කළ බව සත්‍යයකි. නමුත් මෙම වීඩියෝ දෙක එම හානිය පෙන්වන්නේ නැත. දෙවන වීඩියෝව පටිගත කළ ස්ථානය තවමත් තහවුරු කර ගැනීමට නොහැකි විය.




