Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අල්බර්ග් සත්ත්වෝද්‍යානය විලෝපිකයින්ට කන්න දෙන්න සුරතල් සතුන් පරිත්‍යාග කරන්නැයි, ඉල්ලීමක් කළා ද?

    2025-08-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සත්ත්ව ලෝකය සහ ඔවුන්ගේ ආහාර රටාව ස්වභාවදහමේ සුවිශේෂීවූත් අපූරු නිර්මාණයකි. කෙසේ වෙතත් ආහාරදාමය අනුව සිංහයින්, කොටියන් වැනි දරුණු ගණයේ සත්ත්වයින්ගේ ගොදුරු බවට පත්වන්නේ, කුඩා සත්ත්වයින් ය.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සත්ත්ව ලෝකය සහ ඔවුන්ගේ ආහාර රටාව ස්වභාවදහමේ සුවිශේෂීවූත් අපූරු නිර්මාණයකි. කෙසේ වෙතත් ආහාරදාමය අනුව සිංහයින්, කොටියන් වැනි දරුණු ගණයේ සත්ත්වයින්ගේ ගොදුරු බවට පත්වන්නේ, කුඩා සත්ත්වයින් ය. කෙසේ වෙතත් ඔබ නිවසේ ඇති කරන, බළලා හෝ සුනඛයා සත්ත්වෝද්‍යානයක  සිටින කොටින්, සිංහයින් වැනි සතුන්ට පණ පිටින් ආහාරයට දීම සඳහා පරිත්‍යාග කරන්න යැයි ඉල්ලීමක් ඉදිරිපත් වුව හොත් ඔබ ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද? මේ ඩෙන්මාර්කයේ සත්ත්වෝද්‍යානයක් විසින් සිදු කළ බව කියන එවැනි ඉල්ලීමක් පිළිබඳව පළ වූ සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ සොයා බැලීමක්    

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ඩෙන්මාර්කයේ සත්තු වත්තක් සිංහයින්ට කන්න දෙන්න ගෙවල්වල ඇති කරන සත්තු ඉල්ලයි.

    ධනේෂ්වර දියුණුව කියන්නේ මේකට පුතා 

    යනුවෙන් සඳහන් කරමින්  ඩෙන්මාර්කයේ සත්ත්වෝද්‍යානයක ඉල්ලීමක් පිළිබඳ මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර ඇති අතර එහි වැඩි විස්තර කිසිවක් සඳහන්ව නොමැත. 

    Facebook | Archived Link

    ඒ අනුව තවදුරටත් මීට අදාළ සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබේදැයි සොයා බැලූ අතර එහිදී ඉංග්‍රීසි භාෂාවන් පළ කරන ලද සටහන් කහිපයක් දැකගතහැකි විය. 

    බළලෙකු, සුනඛයෙකු සුරතල් කරන ආකාරයක් සහ තවත් පසෙකින් සිංහයෙකුගේ ඡායාරූප ද සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානයට යොමුව ඇති මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන්නේ ඩෙන්මාර්කයේ අල්බර්ග් සත්ත්වෝද්‍යාන බලධාරීන් එහි මාංශ භක්ෂක (විලෝපිකයින්) ගේ ආහාර සඳහා අනවශ්‍ය සුරතල් සතුන් පරිත්‍යාග කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බවයි. 

    තව ද එය  එය මාංශ භක්ෂකයින් රැකබලා ගැනීමට සහ නාස්තිය අවම කිරීමට ස්වභාවික මෙන්ම තිරසර ක්‍රමයක් බව සත්ත්වෝද්‍යානය පවසා ඇතැයි ද එහි සඳහන් වේ. සත්ත්වයින්ට ආදරය කරන බොහෝ පිරිසකගේ විවෙිචනයට ලක්ව ඇති මෙම සමාජ මාධ්‍ය සටහන මගින් සත්ත්වෝද්‍යානය සිදු කරන ලද මෙම  ඉල්ලීමේ ඇති සාදාචාරත්මකබව ද ප්‍රශ්න කිරීමකට ද ලක් කර තිබේ. 

    Facebook | Archived Link

    විලෝපිකයින්ට සුරතල් සතුන් ඉල්ලා සිටින එම සටහන  Instagram ඔස්සේ ද සංසරණය වී තිබුණේ මේ ආකාරයෙනි.  

    Instagram | Archived Link

    ඒ අනුව සත්‍ය ලෙසම අල්බර්ග් සත්ත්වෝද්‍යානය ආහාරය සඳහා සතුන් ගොදුරු කර ගන්නා (විලෝපිකයින්)ගේ ආහාර වෙනුවෙන් සුරතල් සතුන් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා ඇත්ද යන්න සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කළේ මේ අයුරිනි. 

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඒ අනුව අප මුලීකවම මෙම සමාජ මාධ්‍ය සටහන්වල ඇතුළත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අල්බර්ග් සත්ත්වෝද්‍යානයේ නිල වෙබ් අඩවිය පරීක්ෂා කළේ ය.  ඒ  සත්‍ය ලෙසම ඔවුන් මහජනතාවගෙන් මෙවැනි ඉල්ලීමක් සිදු කර තිබේ ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීම සඳහායි.ඒ අනුව එහිදී දැක ගත හැකි වූයේ, සත්ත්වෝද්‍යානය සත්‍ය ලෙසම එහි සිටින විලෝපිකයින්ගේ ආහාර වෙනුවෙන් ඇතැම් සත්ත්ව පරිත්‍යාග පිළිගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි. නිල වෙබ් අඩවියේ පළ කර ඇති ප්‍රකාශයට අනුව එහි කිසිදු තැනක අනවශ්‍ය සුරතල් සතුන් යනුවෙන් සඳහනක් නොමැති අතර එහි පැහැදිලව සඳහන්ව ඇත්තේ, සුනඛයින් සහ බළලුන් වැනි සතුන් පරිත්‍යාග ලෙස සත්ත්වෝද්‍යානය භාර නොගන්නා බවයි. වෙබ් අඩවියේ පළ කර ඇති නිල ප්‍රකාශය මෙතැනින් 

    තව ද අශ්වයින් මෙන්ම ඌරන්, හාවුන් සහ කුකුළන් වැනි කුඩා සතුන් ද සත්ත්වෝද්‍යානයට පරිත්‍යාග කළ හැකි බව සඳහන් අතර සත්ත්වෝද්‍යානය භාර ගන්නා අශ්වයින් සම්බන්ධයෙන් දීර්ඝ කරණු පැහැදිලි කිරීමක් ද එහි සඳහන්ව ඇත. සත්ත්වෝද්‍යානය සඳහා සිදු කරන මෙම පරිත්‍යාග සඳහා ගෙවීමක් සිදු නොකරන බව සහ සත්ත්වෝද්‍යානය වෙත සත්ත්වයින් රැගෙන ආ යුතු ආකාරය ඇතුළු තවත් උපදෙස් මාලාවක් මෙම නිල ප්‍රකාශයේ අන්තර්ගතව ඇත. 

    කෙසේ වෙතත් නිල වෙබ් අඩවියේ අන්තර්තගත වඩාත් වැදගත් මෙම තෙරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සමාජ මාධ්‍ය සටහන්වල දැකගත නොහැක. 

    ආහාර සඳහා සතුන් ගොදුරු කරගන්නා විලෝපිකයන්ට ලොම්, අස්ථි සහ අවයව ඇතුළු සම්පූර්ණ ගොදුරක් ආහාරයට ගැනීම අවශ්‍ය බවත් එය එම සත්ත්වයින්ගේ ශාරීරික හා මානසික යහපැවැත්මට හේතුවක් බව ද සඳහන් ය. තව ද ඇල්බර්ග් සත්ත්වෝද්‍යානයේ මෙම සත්ත්ව පරිත්‍යාග භාරගැනීමේ මෙම වැඩසටහනේ අරමුණ වී ඇත්තේ, සතුන් සඳහා වඩාත් ස්වාභාවික ආහාර අත්දැකීමක් ලබාදීමයි. 

    සත්ත්ව සුබසාධනය සහ සම්පත් කළමනාකරණය පිළිබඳ මූලධර්ම මත පදනම්ව යුරෝපීය වනජීවී කළමනාකරණ මාර්ගෝපදේශවලට අනුගතව සිදු කරන මෙම පෝෂණ ක්‍රියාදාමය වසර ගණනාවක් තිස්සේ ඇල්බර්ග් සත්ත්වෝද්‍යානයේ මෙන්ම ඩෙන්මාර්ක අනෙකුත් සත්ත්වෝද්‍යානවල ද ක්‍රියාත්මක  කරමින් පවතින්නකි. වැඩි විස්තර මෙතැනින් සහ මෙතැනින් 

    කෙසේ වෙතත් මෙවැනි වැඩසටහන් සෑම රටකම මේ ආකාරයේන් ම සිදු නොවන අතර විවිධ ආගමික පසුබිම්, සංස්කෘතීන්, විවිධ දෘෂ්ටිකෝණ අනුව වෙනස්විය හැකියි. ඒ අනුව ඩෙන්මාර්කයේ  ප්‍රායෝගිකව දැකගත හැකි මෙවැනි වැඩසටහන් වෙනත් රටවල එලෙසින්ම ක්‍රියාත්මක නොවිය හැකියි. 

    භාෂා පරිවර්තනයේ වරදක් නිසා “Husdyr” යන්න “සුරතල් සතුන්” ලෙස භාවිත කිරීම 

    තවද මෙම සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ සිදු කළ කරුණු සොයා බැලීම්වලදී පැහැදිලි වූයේ, ඩෙන්මාර්ක යෙදුම් ඉංග්‍රීසී භාෂාවට පරිවර්තනය කිරීමේදී කිසියම් වරදක් සිදුව ඇති බවයි. වැඩසටහනට අදාළ සත්ත්වෝද්‍යාන නිල නිවේදනවල සහ එහි වෙබ් අඩවියේ  “husdyr” යන ඩෙන්මාර්ක වචනය භාවිත කර ඇති අතර, එය සාමාන්‍ය ව්‍යවහාරයේදී හාවන්, කුකුළන් සහ අශ්වයන් වැනි කෘෂිකාර්මික අරමුණු සඳහා ඇති කරනු ලබන ගොවිපොළ හෝ ගෘහාශ්‍රිත සතුන් සඳහා භාවිත කරනු ලබන වචනයකි 

    කෙසේ වෙතත් ඉංග්‍රීසි භාෂා ප්‍රවෘත්ති ආයතන සහ සමාජ මාධ්‍ය වේදිකා “husdyr” යන්න පරිවර්තනය කර ඇත්තේ, “සුරතල් සතුන්” යනුවෙනි. ඉංග්‍රීසි භාෂාවේදී මෙන්ම සිංහල භාෂාවේදී ද සුරතල් සතුන් ලෙස අදහස් කරන්නේ බළලුන්, සුනඛයින් වැනි නිවසේ ඇති කරනු ලබන සත්ත්වයින් ය. 

    Source

    පරිවර්තනයේදී සිදුව ඇති මෙම වරද නිසා බොහෝ පාඨකයින් සත්ත්වෝද්‍යානය පොදු ජනතාවගෙන් සුරතල් සතුන් ඉල්ලා සිටින බවට උපකල්පනය කර ඇති අතර ඒ හරහා සමාජයේ සත්ත්වෝද්‍යානයට එරෙහිව විවේචනාත්මක අදහස් පළවීමක් සිදුව තිබේ. 

    එහෙත් සත්ත්වෝද්‍යානය කිසිදු අවස්ථාවක සුරතල් සතුන් හඳුන්වන  “kæledyr” යන වචනය භාවිත කර නොමැත. ඒ අනුව වචන අර්ථයේ වෙනස සත්ත්වෝද්‍යානයේ මුල් පණිවිඩය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදී වරදවා වටහා ගැනීමක් සිදුව ඇති බව පැහැදිලිය. 

    Source

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව පැහැදිලි වන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය නොවුත් එහි මුල් පුවතේ අත්‍යාවශ්‍යම කරණු මගහරිමින්, සහ වැරදි භාෂා පරිවර්තනයක් නිසා සිදුවූ වැරදි වටහා ගැනීමක් මෙම සමාජ මාධ්‍ය සටහන්වල අන්තර්ගත බවයි. සත්ත්වෝද්‍යානය සිය නිල වෙබ් අඩවියේ, බළලුන්, සුනඛයින් පරිත්‍යාග ලෙස භාර නොගන්නා බව පැහැදිලිවම සඳහන් කර තිබේ. තව ද මෙම වැඩසටහනේ අරමුණ වී ඇත්තේ, සතුන් මරා දැමීම සඳහා සයහ වීමක් නොව ස්වාභාවිකවම ආහාර සඳහා ගොදුරු සොයා යන සතුන්ගේ ස්වාභාවික හැසිරීම සහ යහපැවැත්මට සහාය වීමයි. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-08-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.