Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    දසුන් ශානකගේ සහය මාලිමාවට?

    2023-01-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගේ සහය ජාතික ජන බලවේගයට යනුවෙන් හැඟවෙන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහනේ නිරවද්‍යතා සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගේ සහය ජාතික ජන බලවේගයට යනුවෙන් හැඟවෙන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහනේ නිරවද්‍යතා සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගේ ඡායාරූපයක් “මේ පාර මමත් මාලිවාට” යන තේමාවෙන් යුක්ත සටහනක දක්වා තිබුණා. මෙම ඡායාරූපය WhatsApp ඔස්සේ බහුලව සංසරණය වූවා.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක විසින් මෙවන් සටහනක් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් වල පළ කර ඇත්දැයි යන්න ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කරනු ලැබුවා. අපට දැක ගන්නට ලැබුණේ ඔහු විසින් එවැනි සටහනක් පළ කර නොමැති බවයි.

    ඉන් අනතුරු ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් එම ගිණුම් වල පළ කර ඇත්දැයි නිරීක්ෂණය කිරීමට අපගේ අවධානය යොමු වූ අතර එවැනි සටහනක් දැක ගන්නට නොලැබුණි. එමෙන්ම දේශපාලනය සම්බන්ධ කිසිදු පක්ෂයට අදාළ සටහන් අපට එහි නොවුණු බවට දැක ගන්නට ලැබුණා.

    අප මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතාගෙන් ද, විමසීමක් සිදු කළා. ඔහු පවසා සිටියේ, දසුන් ශානක විසින් එවැනි සටහනක් පළ කර නොමැති බවත්, කිසිදු පක්ෂයක් වෙනුවෙන් දසුන් ශානක පෙනී නොසිටන බව පැවසු බවයි.

    එමෙන්ම ඉහත සටහන සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දසුන් ශානක පවසා සිටින්නේ, දේශපාලන පක්ෂ ප්‍රචාරණයක් සමග සිය ඡායාරූපය සංසරණය වන බවත්, තමන් කිසිදු පක්ෂයකට පක්ෂයකට නැඹුරු නැති බවත්, මේ ආකරයට කිසිඳු හෝ පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට තානාපතිවරයකු ලෙස හෝ තමන් කිසිවිටෙකත් ඉදිරිපත් වී නොමැති බවයි. සිය එකම සැබෑ ආදරය සහ ආශාව රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බවත්, දසුන් එම ට්විටර් පණිවුඩයෙන් දක්වා තිබුනේ මෙලෙසින්.

    පසුගිය මැතිවරණ වලදී ද මේ ආකාරයට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් අළලා ව්‍යාර ප්‍රචාර හුවමාරු වී තිබුණා. එම අවධියේ දී අප සිදුකල කරුණු ආනාවරණ කිහිපයක් මෙතනින්, මෙතනින් 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ජාතික ජන බලවේගයට පක්ෂ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් ව්‍යාජ ලෙස නිර්මාණය කර තිබු අසත්‍ය සටහන් බවයි.

    දසුන් ශානක ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, තමන් කිසිදු පක්ෂයක් වෙනුවෙන් පෙනී නොසිටින බවත්, එය අසත්‍ය සටහනක් බවත් ය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-01-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.