Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඩේවිඩ් මිලර් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවට පළ වන වාර්තා අසත්‍යයි!

    2024-07-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. T20 ලෝක කුසලාන අවසන් මහ තරඟයේ පරාජයෙන් දින කිහිපයකට පසු හුවමාරු වූ සටහන් පෙළකින් දැක්වුයේ, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රහාරක පිතිකරු ඩේවිඩ් මිලර්, ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටිය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    T20 ලෝක කුසලාන අවසන් මහ තරඟයේ පරාජයෙන් දින කිහිපයකට පසු හුවමාරු වූ සටහන් පෙළකින් දැක්වුයේ, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රහාරක පිතිකරු ඩේවිඩ් මිලර්, ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවක්. මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “දකුණු අප්‍රිකානු වේග ප්‍රහාරකයා ඩේවිඩ් මිලර් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙයි..” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

    Facebook | Archived Link

    මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙය සත්‍ය බවට බොහෝ පිරිසක් විශ්වාස කර ඇති බවයි. ඇතැම් වෙබ් අඩවිද, මේ පිළිබඳ වාර්තා කර තිබුණේ මේ අයුරින්. Archived Link

    මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් මිලර් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදුන් බවට ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්න පිළිබඳ අප පරීක්ෂා කළා. නමුත් කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් එවැනි තොරතුරක් වාර්තා කර නොතිබුණි.

    මේ පිළිබඳව වැඩි දුර සිදු කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, ඩේවිඩ් මිලර්ගේ නිල Instagram ගිණුම හරහා, තමන් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන පුවත් අසත්‍ය බවට මිලර් සඳහන් කර තිබු අයුරුයි.

    එමෙන් ම ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් ඩේවිඩ් මිලර් සමු ගන්නා බවට පළවන පුවත් අසත්‍ය බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    බාර්බඩෝස්හි පැවති 2024 ලෝක කුසලාන අවසන් තරගයේදී, දකුණු අප්‍රිකානු කණ්ඩායම ග්‍රහණයේ පෙනී පෙනී තිබු ජයග්‍රණය උදුරා ගනිමින්, අවසන් මොහොතේ ලකුණු 7 ක තිබුණු ජයක් වාර්තා කරගැනීමට ඉන්දීය පිළ සමත් වුවා.

    දෙවැනි ඉනිම ක්‍රීඩා කරද්දී දකුණු අප්‍රිකානු පිල ලකුණු 12 කට කඩුළු 2 ක් දැවී මුලදී යම් අසීරුතාවකට පත්වූ නමුත් තරගය කණපිට හරවන්නට සමත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ හෙන්රික් ක්ලාසන් සමත්විය. ඔහු පන්දු 27 කදී ලකුණු 52 ක් රැස් කළේය. ක්ලාසන්ගේ දැවී යාමත් සමඟ දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය වෙත රැගෙන යාමේ වගකීම පැවරුණේ අනෙක් අන්තයේ සිටි ප්‍රවීණ පිතිකරු ඩේවිඩ් මිලර් වෙතයි.

    අවසන් ඕවරයේ ලකුණු 16ක ඉලක්කයක් දකුණු අප්‍රිකාව වෙත ලැබුණු අතර, පළමු පන්දුවට මිලර් එල්ල ඉහළින් එල්ල කළ පහර නවතාලමින්, හයේ සීමාව ආසන්නයේදී සුර්යකුමාර් යාදව් ලබාගත් තීරණාත්මක උඩ පන්දුව හේතුවෙන්, මිලර් දැවී යාමත් සමඟ, වසර 17කට පසු T20 ලෝක කුසලාන ජයක් අත්පත් කරගැනීමේ වාසනාව ඉන්දියාවට හිමිවුයේ දකුණු අප්‍රිකා ඉණිම ලකුණු 169 කට සීමා කරමින්.

    ඒ අනුව මෙවර විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාව සතුකරගත් අතර දකුණු අප්‍රිකාව අනුශූරයින් බවට පත්විය. මිලර් කඳුළු සලමින් සිටි ක්‍රීඩකයින් අතර සිටි අතර ඔහු පසුදින ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් Story ඔස්සේ සිය කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් හැඟීම්බර සටහනක් තැබූ අතර එය ඔහු T20I තරඟවලින් විශ්‍රාම ගැනීම ප්‍රකාශ කර තිබේද යන්න පිළිබඳ මෙවැනි පුවතක් නිර්මාණය වීමට හේතු වී ඇති බවට අනුමාන කළ හැක.

    අවසාන පරාජයේ වේදනාව තිබියදීත්, මිලර් කණ්ඩායමේ උත්සාහය සහ ඔවුන්ගේ අඛණ්ඩ ප්‍රගතිය පිළිබඳ විශ්වාසය ගැන ආඩම්බර විය.

    තරඟාවලියේදී මිලර් තරඟ 9කදී, ලකුණු 169ක් ලබා ගත්තේ සාමාන්‍ය 28.16ක් වන අතර, අර්ධ ශතකයක් සහ පහර 102.42ක් සමඟිනි. ඔහු එක් අර්ධ ශතකයක් ලබා ගත් අතර 102.42 පහර වේගයක් පවත්වා ගෙන ගිය අතර, ඔහුගේ හොඳම ලකුණු නොදැවී ලකුණු 59 විය.

    කෙසේ වූවත්, නිමාවට පත්වූ විස්සයි20 ලෝක කුසලානයත් සමග ක්‍රිකට් ලොව දැවැන්තයන් රැසක් විස්සයි20 පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

    ඉන්දිය තුන්ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා, විරාත් කෝලි, වත්මන් ඉන්දීය විස්සයි20 නායක රෝහිත් ශර්මා, දිනේෂ් කාර්තික්, කේදර් ජාදව් දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු කුවින්ටන් ඩි කොක්, නවසීලන්ත නායක කේන් විලියම්සන් සහ ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්, නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටේරන්ට් බෝල්ට්, කොලින් මුන්රෝ, විස්සයි20 පිටියට සමුදීමට තීරණය කළ ක්‍රීඩකයන් වේ. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    ඩේවිඩ් මිලර් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වේ.ඔහු සිය නිල Instagram පිටුවේ මෙම පුවත අසත්‍ය බවට සඳහන් කරයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-07-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.