Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සිල්වෙස්ටර් ස්ටැලෝන් (රම්බෝ) මියගිය බවට නැවත වරක් හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

    2024-07-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සුප්‍රකට නළු නිලියන් ජීවිතක්ෂයට පත්වූ බව දක්වන ව්‍යාජ සටහන් බොහෝ අවස්ථාවල දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එවැනි කටකතාවකින් කියැවුණේ, ජනප්‍රිය නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් මිය ගොස් ඇති බවය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සුප්‍රකට නළු නිලියන් ජීවිතක්ෂයට පත්වූ බව දක්වන ව්‍යාජ සටහන් බොහෝ අවස්ථාවල දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එවැනි කටකතාවකින් කියැවුණේ, ජනප්‍රිය නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් මිය ගොස් ඇති බවයි.

    ලංකාවේ ද බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, “රම්බෝ” චරිතයට පණ පෙවූ මේ සුප්‍රසිද්ධ නළුවා වෙනුවෙන් සිය ශෝකය බෙදාගෙන තිබුණා. නමුත් මෙම පුවත් අසත්‍ය බව Factcrescendo අපගේ අනාවරණයෙන් පැහැදිලි වුණා.

    සමාජ මාධ්‍ය සටහන්

    සිල්වෙස්ටර් ස්ටැලෝන් මෑතකදී අභාවප්‍රාප්ත වූ බවට හඟවමින්, ඔහුගේ ඡායාරුපයක් ද සහිත සටහන් පෙළක් ෆේස්බුක් පරිශීලකයන් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.

    ඉටිපන්දමක් සහ පෙළ විස්තරයක් සහිත පුද්ගලයෙකු ස්වයංක්‍රීයව ජනනය වේ

    FB | Archived

    සිංහල බසින් ද මෙම සටහන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    FB | FB1

    සත්‍ය කරුණු විමර්ෂණය (Fact Check)

    Sylvester Stallone මරණ පිළිබඳව නිල පුවත් වාර්තා වී තිබුනේ ද යන්න පරික්ෂා කළද, කිසිඳු පිළිගත හැකි නිල පුවත් සේවයක් මෙම පුවත වාර්තා කර තිබුනේ නැහැ. සිල්වෙස්ටර් ස්ටලෝන් වැනි ප්‍රකට නළුවෙකු, සැබවින්ම ජීවිතක්ෂයට පත්වුයේ නම් ඒ පිළිබඳව පුවත් වාර්තා රැසක් තිබිය යුතුය.

    ස්ටාලන්ගේ නියෝජිතයාගෙන් තහවුරු කිරීම: 

    සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ නියෝජිතයා ද මෙම සුප්‍රකට නළුවා ජීවතුන් අතර සිටින බව තහවුරු කරමින් පවසා තිබුනේ ඔබ අන්තර්ජාලයේ දකින සියලු දේ විශ්වාස කිරීමෙන් වළකින ලෙසත්, ස්ටැලෝන් මේ ආකාරයේ සුප්‍රකට චරිත ඉලක්ක කරගනිමින් හුවමාරු වන ව්‍යාජ පුවත් හි තවත් එක් ගොදුරක් බවයි. (මූලාශ්‍රය: Mediamass)

    Also Read: Mr.Bean ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය දැක්වෙන ඡායාරූපයක්ද?

    ස්ටැලෝන් මෑතක දී ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ පළකිරීම්: 

    එපමණක් නොව, ස්ටැලෝන් නිල ඉන්ස්ටග්රාම් ගිණුම පරික්ෂා කිරීමේ දී ද 76 හැවිරිදි සුප්‍රකට බොලිවුඩ් නළුවා, “Tulsa King”කතා මාලාවේ නව වාරය (Season 2) ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් සිටිනු දැක ගැනීමට හැකි වෙනවා. ඔහු එහි රූගත කිරීම් අතරතුර ලබාගෙන ජුලි 30 වෙනිදා පළකර වීඩියෝවක් මෙතනින්.

    Read in English : Sylvester Stallone Death Rumors Are NOT True!

    මීට පෙර ද  2018 , 2022 සහ 2023 ඇතුළුව වසර ගණනාවක් පුරා බොහෝ මරණ ප්‍රෝඩාවල ඉලක්කය බවට සිල්වෙස්ටර් ස්ටැලෝන් පත්වී තිබු බව අපට දැක ගන්නට ලැබුණා.

    Conclusion (නිගමනය)

    සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ නියෝජිතයා ඔහු ජීවතුන් අතර සිටින බව තහවුරු කළ අතර ස්ටැලෝන් ඔහුගේ ඉදිරියට එන “තුල්සා කිං” මාලාව ප්‍රවර්ධනය කරමින් ක්‍රියාශීලීව කටයුතු කරන බව ඔහුගේ සමාජ මාධ්‍ය පළකිරීම් ඔස්සේ ද දැකගැනීමට පුළුවන්.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-07-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.