Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ප්‍රවීණ ගායන ශිල්පී ලතා වල්පොල මියගිය බවට අසත්‍ය සටහන් පෙළක්!

    2025-12-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update : කලාශූරී ලතා වල්පොල මහත්මිය මිය ගිය බවට ව්‍යාජ සටහන් හුවමාරු වී දින 11කට පසුව, එනම් අද (දෙසැම්බර් 27) ඇය අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඇය මියයන විට 91 වැනි වියෙහි පසුවුණා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුව

    Update : කලාශූරී ලතා වල්පොල මහත්මිය මිය ගිය බවට ව්‍යාජ සටහන් හුවමාරු වී දින 11කට පසුව, එනම් අද (දෙසැම්බර් 27) ඇය අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඇය මියයන විට 91 වැනි වියෙහි පසුවුණා.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    බොහෝ අවස්ථාවන් වල අසනීප තත්ත්වයෙන් පසුවන කලා කරුවන් මියගිය බවට අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර ලතා වල්පොල මහත්මිය සම්බන්ධ පළ වූ අසත්‍ය සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “කිතු කලා කෙත ඇස්වැද්දු ගිත කොකිලාවිය දැයෙන් සමුගනි ඔබතුමියට ඡේසුස් වහන්සේ⁣ගේ ශ්‍රි වත දැකිමේ භාගය අත්වේවා!” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක්, දෙසැම්බර් 16 වනදා හුවමාරු වූයේ ගායන ශිල්පී ලතා වල්පොළ මහත්මිය මිය ගිය බවට දක්වමින්.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ප්‍රවීණ ගායන ශිල්පී ලතා වල්පොල මහත්මිය ගිය බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබේද, යන්න අප ප්‍රථමයෙන් පරීක්ෂා කළ අතර ඒ සම්බන්ධ කිසිදු වාර්තාවක් අපට දැක ගන්නට නොලැබුණි.

    එමෙන් ම මෙම සටහන් සඳහා ප්‍රවීණ ගායන ශිල්පී මරියසෙල් ගුණතිලක මහත්මිය කමෙන්ටුවකින් ප්‍රතිචාර දක්වා තිබුණේ, මෙම සටහන් අසත්‍ය බව ත්, ලතා වල්පොල මහත්මිය ජීවත්ව සිටින බවයි.

    අප ඒ මහත්මියගෙන් විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ, ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇය ප්‍රතිකාර ගනිමින් සිටින බව ත්, මෙය අසත්‍ය පුවතක් බව ත් ය.

    ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා ද, මේ පිළිබඳ ෆේස්බුක් සටහනක් පළ කර තිබුණේ මෙය අසත්‍ය පුවතක් බව ත්, ඇය විවේකිව පසුවන බව ත් ය.

    Facebook 

    අප ඔහුගෙන් ද, දුරකතන මාර්ගයෙන් විමසීමක් කළ අතර ඒ මහතා තහවුරු කළේ ද, වල්පොල මහත්මිය ජයවර්ධන පුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවයි. ඇය වයස්ගත වීම හේතුවෙන් ඇතිවන අපහසුතා මත ඇය රෝහල්ගත කර ඇති බව ත්, නමුත් ඇය විවේකිව සිටින බවට ඇයගේ පවුලේ ඥාතීන් තහවුරු කර ඇති බවයි.

    ලතා වල්පොල මහත්මියගේ මුණුබුරා ද, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

    අප මේ පිළිබඳ තවදුරටත් තොරතුරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් විමසා සිටීමට උත්සහ දරන අතර ඔවුන්ගේ පිළිතුරු සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

    Also Read :

    විශාරද නන්දා මාලිනිය මියගිය බවට අසත්‍ය සටහනක්!

    ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනි සේරසිංහ දිවි සැරිය නිම කළ බවට අසත්‍ය පුවතක්!

    ගිරිරාජ් කෞශල්‍ය අභාවප්‍රාප්ත වූ බවට අසත්‍ය සටහනක්!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳව තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ප්‍රවීණ ගායන ශිල්පී ලතා වල්පොල මහත්මිය මිය ගිය බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවට ඇයගේ මුනුබුරා සහ සහෝදර කලා ශිල්පීන් තහවුරු කරන බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-12-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.