Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රාජපක්ෂ පාලන සමයේ, දළදා මාළිගාව ඉදිරිපිට රුසියානු නර්තන ශිල්පිනියන් රැඟු අයුරු කියන ඡායාරූපයේ ඇත්ත කතාව!

    කරුණු විමර්ශනය කිරීම
    2026-08-31
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. නුවර පෙරහැර ආරම්භ වීමට පෙර, කහ දියර ඉස තිබු මාර්ගයේ ජනපති ඇතුළු පිරිසක් ගමන් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතිකාවතක් නිර්මණය වී තිබු පසුබිමක, මහින්ද රාජපක්ෂ ජනපතිව සිටි පාලන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    නුවර පෙරහැර ආරම්භ වීමට පෙර, කහ දියර ඉස තිබු මාර්ගයේ ජනපති ඇතුළු පිරිසක් ගමන් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතිකාවතක් නිර්මණය වී තිබු පසුබිමක, මහින්ද රාජපක්ෂ ජනපතිව සිටි පාලන සමයේ, මහනුවර පැවති Night Raceහි කොටසක් ලෙස, රුසියානු නර්තන ශිල්පිනියන් පිරිසක් දළදා මාලිගාව ඉදිරිපිට නර්තනයේ යෙදවූ බව හඟවන සටහනක් බහුලව හුවමාරු වීමට පටන් ගෙන තිබුණා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    අදාළ සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරුපවල පසුබිමෙහි මහනුවර දළදා මාලිගය දැක ගන්නට ලැබෙන අතර, ඒ ඉදිරියේ නර්තනයේ යෙදෙන කාන්තාවන් කිහිපදෙනෙකු දක්නට ලැබෙනවා.

    Facebook | Archived Link  FB

    මෙම සටහන් බහුලව හුවමාරු වී තිබු අතර, මීට වසර 12කට පෙර දී 2014 වසරේ දී අවස්ථා කිහිපයක දී හුවමාරු වී තිබු අයුරු අපට මෙලෙසින් දැක ගන්නට ලැබුණා.

    Website | FB

    බැලු බැල්මට ද ඡායාරුප සංස්කරණක් ලෙස පෙනෙන මෙහි සුල මුළ සොයන්නට අප කටයුතු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන, මහනුවර දළදා මාලිගාව යනු අතිශය පූජනීය සහ දැඩි ආරක්ෂාවක් සහිත කලාපයකි. එහි ඇතුළු වන සියලුම දෙස් විදෙස් සංචාරකයන්ට සුදුසු පරිදි ශරීරය වැසෙන සේ ඇඳුම් පැළඳුම් ඇඳීම අනිවාර්ය වේ. එවැනි පූජනීය භූමියක් ඉදිරිපිට මෙවැනි නර්තනයකට ඉඩක් ලැබුණි නම් එය අනිවාර්යයනෙම දැඩි මතභේදයකට ලක්වෙන කරුණක් වන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු නිල විශ්වාසනීය මූලාශ්‍ර ඔස්සේ වාර්තා කිරීම අනිවාර්යයෙන් සිදුවී තිබිය යුතුය.

    ඒ අනුව අප විසින් Key words පරීක්ෂාවන් ඔස්සේ සැබවින්ම දළදා මාලිගය ඉදිරිපිට මෙවැන්නක් සිදුවී ඇත්ද යන පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී පැහැදිලි වූයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍ර කිසිවක් විසින් මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තාකර නොමැති බවයි.

    2012 වසරේ කොළඹ රාත්‍රී ධාවන තරඟය (CNR) අවසන් වීමෙන් පසු පැවති දැවැන්ත එළිමහන් සාදයක ඡායාරූප

    ඉහත සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරූප Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. එහිදී හඳුනා ගැනීමට ලැබුණේ ඉහත සටහනෙහි දැක්වෙන ඡායාරූපයන්හි මුල් ඡායාරුප, 2012 වසරේ පැවති කොළඹ රාත්‍රී ධාවන තරඟය (CNR) අවසන් වීමෙන් පසු පැවති දැවැන්ත එළිමහන් සාදයකදී ලබාගත් ඡායාරූප බවයි.

    lankanstyle.blogspot | Archived    srienews | Archived  

    2012 Colombo Night Race හි සැබෑ ඡායාරූපය සංස්කරණය, පසුබිමට දළදා මාලිගාව ඇතුළත් කර සිදුකළ ව්‍යාජ ඡායාරූප නිර්මාණ

    2012 Colombo Night Race හි මුල් ඡායාරූප සහ වයිරල් වී ඇති ඡායාරූප අතර සංසන්දනයක් පහතින්.

    ඡායාරූපවල පසුබිම එකිනෙකට වෙනස් ය. මුල් ඡායාරූපවල පසුබිමින් මහනුවර දළදා මාලිගාව දැක්වෙන්නේ නැත. එහි දැක්වෙන්නේ එළිමහන් සාදයක දර්ශනයකි. FB Gallery

    2012 Colombo Night Race හි වීඩියෝ පරික්ෂා කිරීමේ දී ද ඉහත දර්ශන තහවුරු වනවා

    Colombo Night Race හි රුසියානු කාන්තාවන් නර්තනයේ යෙදෙන ආකාරය ලෙස දක්වමින් 2012 දෙසැම්බර් 18 වන දින  වීඩියෝ කිහිපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබෙන අයුරු අපට දැක ගන්නට ලැබුණා. ඉහත ඡායාරූප වල දක්නට ලැබෙන කාන්තාවන්, එම රුපාරමුවල නර්තනයේ යෙදෙන ආකාරය අදාළ වීඩියෝවෙහි ද දැක ගත හැකිය.

    Facebook

    ඉහත රුසියානු කාන්තාවන් නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන තවත් වීඩියෝ පට 2012 වසරේදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබේ. එම සියලු වීඩියෝ වලද දක්වා ඇත්තේ 2012 Colombo Night Race යනුවෙනි. එම වීඩියෝ පට මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    මහින්ද රාජපක්ෂ පාලන සමයේ පැවති රාත්‍රී ධාවන තරඟ (Night Races)

    මහින්ද රාජපක්ෂ ජනපති ලෙස දෙවන පාලන සමයේ, වීථි කිහිපයක් තාවකාලිකව වසා දමා පැවැත්වූ මෝටර් රථ රාත්‍රී ධාවන තරඟ (Night Races) මාලාවක් කොළඹ හා මහනුවර යන නගරවල පැවැත්විණි. මේවා දේශපාලනිකව ද විශාල වශයෙන් කතාබහට ලක් විය.

    කොළඹ: කොළඹ රාත්‍රී ධාවනය මුලින්ම 2011 දෙසැම්බරයේ පැවති අතර, දෙවන වර 2012 දෙසැම්බර් 14–15 දිනවල, තෙවන වර 2013 දෙසැම්බර් 14–15 දිනවල කොළඹ කොටුව හා ගාලු මුවදොර කේන්ද්‍ර කරගනිමින් (ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට F1 රථයක් ද සමඟ) පැවැත්විණි. ප්‍රධාන අනුග්‍රාහකයා කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් සමාජය ලෙස හැඳින්විණි. පටු නගර වීථිවල ප්‍රේක්ෂක ආරක්ෂාව, මාර්ග හානි, නගර සභාවට අහිමි වූ බදු ආදායම හා විනිවිදභාවය පිළිබඳ කතිකාවතක් මේ සම්බන්ධයෙන් ඇතිවිය.

    මහනුවර: මහනුවර ද මෙවැනි රාත්‍රී ධාවන තරඟ (Kandy Speed @ Night) පැවැත්විණි. 2011 (පළමු), 2012 (දෙවන), සහ තෙවනැත්ත 2013 මැයි 17–18 සඳහා නියමිතව තිබී, එල්ලවූ විරෝධතා හමුවේ ජූනි අගට කල් දමන ලදී. සංවිධානයට මහනුවර නගරාධිපති ලොහාන් රත්වත්තේ, මන්ත්‍රී දිලුම් අමුණුගම සහ නාමල් රාජපක්ෂ සම්බන්ධ වී තිබුණි.

    විරෝධතා ප්‍රධාන වශයෙන් වූයේ පූජනීය නගරයේ ගෞරවයට හානි වීම, ධාවන පථය පෙරහැර යන දළදා මාළිගාව ඉදිරිපිට මාර්ගයම යැයි චෝදනා, මහජනතාවට වූ බාධා හා මත්පැන් අලෙවිය යනාදිය පිළිබඳව ය. මල්වතු–අස්ගිරි මහානායක හිමිවරු ජනාධිපති රාජපක්ෂ වෙත පෙත්සම් ද යොමු කළහ.

    එහිදී නිරුපිකාවන් යොදාගනිමින් ප්‍රසංගයක් පැවැත්වීමේ සිදුවීමක් හෝ ඒ හා බැඳුණු විරෝධතාවක් ගැන නම් වාර්තා දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

    නුවර රාත්‍රී ධාවන තරඟ සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ එම අවධියේ පළවූ පැරණි වීඩියෝ පටද අප පරික්ෂා කළා. එම වීඩියෝ මෙතනින්, මෙතනින් සහ මෙතනින්. ඒවා කිසිවක හෝ මේ ආකාරයේ නිරුපිකාවන් රඟන අවස්ථාවක් දැකගන්නට ලැබෙන්නේ නැහැ.

    මේ සම්බන්ධ වීඩියෝ හා වාර්තා: BBC News Sinhala වීඩියෝව  ·  Sunday Times වාර්තාව 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්‍ෂාවෙන් පෙන්වා දෙන්නේ දළදා මාලිගය ඉදිරිපිට රුසියානු කාන්තාවන් නර්තනයේ යෙදවූ බව දක්වමින් හුවමාරු වන ඡායාරූප සහ සටහන්, ව්‍යාජ නිර්මාණ බවයි.

    2012 වසරේ කොළඹ පැවති රාත්‍රී ධාවන තරගය අවසන් වීමෙන් පසු පැවැති එළිමහන් සාදයක ඡායාරූප සංස්කරණය කරමින්, එහි පසුබිමට මහනුවර දළදා මාලිගයේ දර්ශනයක් ඇතුළත් කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන නොමග යවන සුළු ඡායාරූප නිර්මාණය කර ඇත.  

    මහින්ද රාජපක්ෂ ජනපති සමයේ, මහනුවර නගරයේ ද රාත්‍රී ධාවන තරග පවත්වා තිබු අතර මහනුවර පැවති රාත්‍රී ධාවන තරග සම්බන්ධයෙන් විශාල විරෝධයක් එකල පැන නැගී තිබුණ ද කොළඹ රාත්‍රී ධාවන තරගයෙන් පසු පැවති රුසියානු කාන්තාවන් නර්තනයේ යෙදෙන එළිමහන් සංදර්ශන වැන්නක් මහනුවර පවත්වා නැහැ.

    Result Stamp

    Title: රාජපක්ෂ පාලන සමයේ, දළදා මාළිගාව ඉදිරිපිට රුසියානු නර්තන ශිල්පිනියන් රැඟු අයුරු යනුවෙන් හුවමාරු වන ඡායාරූපයේ ඇත්ත කතාව!

    Fact Check By: B.P Hansani

    Result: Altered

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-08-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.