Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    යතුරුපැදිය මගින් අහාර බෙදාහැරීමට ගොස් රහසේ හඬමින් සිටින තරුණයා ඇතුලත් සිද්ධිය ශ්‍රී ලංකාවේද?

    2020-01-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දුරකථනය ඔස්සේ හෝ ජංගම දුරකතන යෙදුමක් හරහා අහාර ඇනවුම් කර නිවසට හෝ වෙනත්  ස්ථානයකට යතුරුපැදිය මගින් අහාර ගෙන්වා ගැනීමේ ක්‍රමය මෑතක සිට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතියි. යතුරුපැදිය මගින් එලෙසින් අහාර ගෙන එන තරුණයකුගේ ඡායාරූපයක් සහිත සටහන් සමාජ මාධ්‍ය ඔස්

    දුරකථනය ඔස්සේ හෝ ජංගම දුරකතන යෙදුමක් හරහා අහාර ඇනවුම් කර නිවසට හෝ වෙනත්  ස්ථානයකට යතුරුපැදිය මගින් අහාර ගෙන්වා ගැනීමේ ක්‍රමය මෑතක සිට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතියි. යතුරුපැදිය මගින් එලෙසින් අහාර ගෙන එන තරුණයකුගේ ඡායාරූපයක් සහිත සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  මේ දිනවල සංසරණය වේ. 

    “ඇස් වලට කදුලු ආවා යහළුවනේ .මෙහෙම නම් කාටවත් කරන්න එපා ..අපි මිනිස්සු නේද හදවත තියන..😢😢 කෑමද මනුස්සකම ද.. 😔 මෙම තරුණයා රහසේ හඬමින් ඉන්නෙ මහා වැස්සෙ එයාගේ delivery එක පරක්කු වුණු නිසා. ප්රමාදය හේතුවෙන් රු. 3,800 ක් වටිනා එම ඇණවුම භාර ගැනීම ප්රතික්ෂේප කරලා. දැන් ඉතින් ඒක අඩු වෙන්නේ මෙයාගෙ රු. 10,000 පඩියෙන්. ඒ මිනිස්සු ගැන අපි මීට වඩා හිතන්න ඕනෙ. ඒ කොල්ලා සමහර විට අම්මා තාත්තා ඇතුළු පවුලක් බලාගන්නවා ඇති, බයික් ලීස් එකත් ගෙවනවා ඇති නේද..?? අපි කකුල් උඩ දාගෙන කෑම එනකන් බලන් හිටියට, ඒක ගේන්න තරුණයා මෙහෙම කටුත් කනවා ඇති අපි නොදැක්කට. මහා වැස්සෙ හයියෙන් ඇවිත් හැප්පිලා මැරුණොත් කවුද වග කියන්නේ ඒ ජීවිතයට. ඊළඟ දවසේ මේ තරුණයා නිසැකවම අව්ව වැස්ස, දිවා රෑ නොබලා හයියෙන් එලවන් එයි, මේ වුනු පාඩුව නැවත නොවෙන්න.. එතකොට ඒ ජීවිතය ?? හිතන්න..🙏🏼🙏🏼 පොඩ්ඩක් පරක්කු වුනා කියලා ඇනවුම ප්‍රතික්ෂේප කරන්න තරම් හිතක් පපුවක් නැති කෙනෙක් වෙන්න එපා …ඒ වගේම මිලියන ගනන් ලාභ ලබන ආයතන වල සේවය කරන මෙම තරුනයන්ට සාධාරන වැටුපක් හිමි විය යුතු නොවේද ? ජීවිත ගැන වගකීම අදාල ආයතන ගත යුතු නොවේද ? 😥😥 අපි වගේම මිනිස්සු එයාලත් 😥😥 ” යනුවෙන් සමාජ මාධ්‍ය තුල දීර්ඝ සටහනක් සහිතව හුවමාරුවන සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    මෙවැනි සටහන් රාශියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුමාරු වෙමින් පැවතුනු අතර සමහරක් සටහන් ශ්‍රී ලංකාවේ ආහාර බෙදාහැරීමේ ජාලයක සේවකයෙකුට මෙම මුහුණදීමට සිදුවී ඇති බව හැඟෙන ප්‍රකාශ පලකොට තිබුණි. එම සටහන්හි ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමේදී බොහෝ පිරිසක් සංවේදීව කරුණු දක්වා ඇති අතර තවත් පිරිසක් මෙය ශ්‍රී ලංකාවේ නොවන බවද සටහන් කර  තිබිණ. 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පුවත සහ එම සිදුවීම සම්බන්ධයෙන් අපි ගූගල් නිව්ස් හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ විදේශීය මාධ්‍ය කිහිපයක් එම සටහන සම්බන්දයෙන් පුවත් පලකර තිබිණු බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක්  මේ සම්බන්ධයෙන් කිසිදු පුවතක් පළකර නොතිබිණ.

    Google News

    ගල්ෆ් නිව්ස් (Gulf News) වෙබ් අඩවියේ සදහන් පුවත නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිවුයේ මෙම සිදුවීම පාකිස්තානයේ සිදුව ඇති බවයි. ඉන්ඩියා ටයිම්ස් (India Times) වෙබ් අඩවියේ සදහන් පුවත නිරීක්ෂණය කිරීමේදී ද පැහැදිලිවුයේ මෙම සිදුවීම පකිස්ථානයේ  සිදුව ඇති බවයි. ගල්ෆ් නිව්ස් (Gulf News) වෙබ් අඩවියේ සදහන් පුවත පහතින්.

    Gulf News

    Waseem Altaf නැමති පාකිස්තානයේ පදිංචිය ලෙස සැලකෙන පුද්ගලයකු මෙම සටහන 2020 ජනවාරි 15 දින ෆේස් බුක් වෙත මුදා හැර තිබිණ.

    Facebook LinkArchived Link

    ඡායාරූප තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී පකිස්ථාන ජාතිකභාෂාවවන උරුදු අක්ෂර යතුරුපැදිය නැවත ඇති ස්ථානයේ තාප්පයෙහි සටහන්ව ඇත.

    Google Reverse Image Search හරහාද මෙම ඡායාරූපය නිරීක්ෂණය කරන ලදී. එහිදී Maleeha Hashmey නැමති පාකිස්තානු ජනමාධ්‍යවේදිනියක් මෙම සිදුවීම  ට්විටර් ගිණුමෙහි ඡායාරූප සහිතව දක්වා තිබුණි.

    Twitter Link

    Conclusion: (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “මෙම තරුණයා රහසේ හඬමින් ඉන්නෙ මහා වැස්සෙ එයාගේ delivery එක පරක්කු වුණු නිසා. ප්‍රමාදය හේතුවෙන් රු. 3,800 ක් වටිනා එම ඇණවුම භාර ගැනීම ප්‍රතික්ෂේප කරලා. දැන් ඉතින් ඒක අඩු වෙන්නේ මෙයාගෙ රු. 10,000 පඩියෙන්. ඒ මිනිස්සු ගැන අපි මීට වඩා හිතන්න ඕනෙ.” යන තේමාව යටතේ ඉදරිපත් කර ඇති සටහන සහ අනෙකුත් සමාජ මාධ්‍ය සටහන් පාඨකයා නොමඟ යවන සුළු ප්‍රවෘත්ති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-01-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.