Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහට, පසුගිය රජය සමයේ ලැබුණු බාර් ලයිසන් එකක්?

    2024-12-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

     දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. එක හා  සමාන නම්, හැඩහුරුකම් ඇති වෙනත් පුද්ගලයන් සම්බන්ධ කරගනිමින්, ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ට නොමග යන අන්දමින් මඩ ගැසීමට සමාජ මාධ්‍ය යොදා ගනු ලැබීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එලෙසින් නො

     දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    එක හා  සමාන නම්, හැඩහුරුකම් ඇති වෙනත් පුද්ගලයන් සම්බන්ධ කරගනිමින්, ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ට නොමග යන අන්දමින් මඩ ගැසීමට සමාජ මාධ්‍ය යොදා ගනු ලැබීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් රත්නපුර ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් ආරම්භ කි‍රීමට බලපත්‍රයක් ලබා ගෙන ඇති බව දක්වමින්, මත්පැන් ලයිසන් ඇතුළත් ලැයිස්තුව පිලිබඳ තතු එළිදැකීමට ප්‍රමාද වීමට හේතුව එය බවත් දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ සංසරණය වූයේ මේ අයුරින්.

    Facebook | Archived Link

    මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.


    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පසුගිය 04 වන දා පාර්ලිමේන්තුවේදී සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් 2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදුන් බවට ප්‍රකාශ කළා. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්.

    ඒ අනුව එම කාලය තුළ බලපත්‍ර ලබා දී ඇති අය පිළිබඳ සඳහන් වාර්තාවක් ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමනායක මහතා  විසින් සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.ඩී.ඒන්. ජයවීර මහතා ට යොමු කළ ලිපියකින් ඉල්ලා ඇති අතර එම වාර්තාව මෙතනින්.

    පහත දැක්වෙන පරිදි, මෙම වාර්තාවේ රත්නපුර දිස්ත්‍රික්කය යටතේ, අබේසිංහගේ දොන් රුවන් චතුරංග අබේසිංහ ලෙසින් නමක් දැක්වෙන අතර, සමාජ මාධ්‍ය සටහන් මඟින් ඒත්තු ගන්වා තිබුණේ, එම පුද්ගලයා වෙනත් කිසිවෙකු නොව, ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ බවයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්පුර්ණ නම, මත්පැන් අලෙවිසැල් බලපත්‍ර ලයිස්තුවේ දැක්වෙන නම සමඟ ගැලපෙනවා ද ?

    නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් සෑම කටයුත්තක දී ම පාගේ භාවිත කරනු ලබන්නේ සහ ඔහු හඳුන්වනු ලබන්නේ, චතුරංග අබේසිංහ යන නමින් වන බවට අපට නිරීක්ෂණය විය.

    පහත දක්වා ඇති පරිදි, ඇතැම් අවස්ථා වලදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ම, ඔහුගේ සම්පූර්ණ නම මුදියන්සේලාගේ චතුරංග අබේසිංහ ලෙස සඳහන් කර ඇති බව, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ම දැක ගන්නට ලැබුණි.

    Facebook | Archived Link

    එමෙන් ම ඔහුගේ මිතුරෙකු විසින් තැබූ ෆේස්බුක් සටහනක ද, ඒ බව දක්වා තිබුණේ මේ අයුරින්. Archived Link

    අප මේ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා. ඒ මහතා සඳහන් කළේ, තමන්ගේ නම ඇති වෙනත් අයෙකුගේ නමක් භාවිත කරමින් තමන් මත්පැන් අලෙවිසැලකට බලපත්‍රයක් ලබා ගත් බවට ව්‍යාජ තොරතුරු බෙදා හරින බවයි.

    අප ඒ මහතාගේ සම්පූර්ණ නම පිළිබඳ විමසීමේදී ඔහු පවසා සිටියේ ද, තමන්ගේ සම්පූර්ණ නම, මුදියන්සේලාගේ චතුරංග අබේසිංහ බවයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ද, මෙම සටහන අසත්‍ය බව සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන් ම නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ පියා වන ජාතික ජන බලවේග පක්ෂයේ මහලේකම් සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ වාසගම ද මුදියන්සේලාගේ ලෙසින් සඳහන් වන්නේ මෙලෙසින්. 

    elections.gov

    බාර් ලයිසන් ලැයිස්තුවේ දැක්වෙන චතුරංග කවු ද ?

    එසේනම් ඉහත වාර්තාවේ දක්වා තිබූ රත්නපුර දිස්ත්‍රික්කයේ මත්පැන් හලක බලපත්‍රයක් නිකුත් කර තිබූ අබේසිංහගේ දොන් රුවන් චතුරංග අබේසිංහ යන කවුරුන් ද යන්න සෙවීමට, අප එහි දක්වා තිබු ලකී ස්ටෝර්ස්, නව නගරය, කොලොන්න ලිපිනය අවට තිබූ කඩ සාප්පු කිහිපයකින් විමසීමක් කළා.

    ඔවුන් සඳහන් කළේ, ලකී ස්ටෝර්ස් අයිතිය ඇත්තේ එම කොලොන්න ගමේ ම වෙසෙන රුවන් අබේසිංහ ලෙස ස‍ෑම දෙනාම හඳුනන පුද්ගලයෙකු බවයි. එමෙන් ම ලකී වයින් ස්ටෝර්ස් අවුරුදු 25කට වැඩි කලක සිට අබේසිංහ නමැති ඔහුගේ පියාගේ කඩ සාප්පුවක් ලෙස පැවති බව ත්, දැන් එය වඩා දියුණු තත්ත්වයක ට පැවති ඇති බව ත්, ඔහුගේ පුතා වන රුවන් අබේසිංහ එම වෙළඳ සැලේ වර්තමාන හිමිකාරිත්වය දරන බවත්, මෙම ස්ථානයේම 2024 වසරේ දී බලපත්‍ර ලාභී මත්පැන් වෙළඳසැලක් ද, විවෘත කළ බවත් වැඩි දුරටත් ඔවුන් අවධාරණය කර සිතියා. එමෙන් ම මෙම චතුරංග අබේසිංහ යනු දේශපාලනය සම්බන්ධ චතුරංග අබේසිංහ නොවන බව ත් ඔවුන් සඳහන් කළා.

    එසේම මෙම කොලොන්න ලකී ස්ටෝර්ස්හි අයිතිකරු වන රුවන් චතුරංග අබේසිංහව ද, දුරකතන මාර්ගයෙන් අපට සම්බන්ධ කර ගත හැකි වූ අතර ඔහු පවසා සිටියේ, තමන්ගේ නම සහ බලපත්‍ර ලාභී මත්පැන් වෙළඳසැල සඳහන් කරමින්, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහට මඩ ගසන බවට තමන් ද සමාජ මාධ්‍ය හරහා දැක ගත් අතර එය සම්පූර්ණ අසත්‍ය තොරතුරක් බවයි.

    ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම පහතින්.

    ඒ අනුව පැහැදිලි වන්නේ, මේ වසරේ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර ලබා දුන් අය අතර නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිටින බව ට පළ වන සටහන් අසත්‍ය බවයි.

    මෙහි දක්වා ඇත්තේ, නියෝජ්‍ය අමාත්‍ය චතුරංගගේ නමේ කොටසක් ද අයත්, අබේසිංහ දොන් රුවන් අබේසිංහ නමැති රත්නපුර කොලොන්න ප්‍රදේශයේ වෙසෙන, ව්‍යාපාරිකයෙකි.

    Avatar

    Title:නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහට, පසුගිය රජය සමයේ ලැබුණු බාර් ලයිසන් එකක්?

    Fact Check By: Pavithra Sandamali 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-12-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.