Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: දේවානි, අරියධම්ම නාහිමියන්ව උසාවියට කැඳවුවා ද?

    2021-03-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය, විටින්  විටි සමාජයේ කතිකාවන්ට භාජනය වනවා අපට ප්‍රධාන මාධ්‍ය ධාරා හා සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දකින්නට ලැබෙන කරුණක්. ඇය වටා අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් රැසක් ද නිර්මාණය වී තිබු අතර ඒ පිලිබඳ අපගේ විමර්ෂණ මෙතනින්

    ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය, විටින්  විටි සමාජයේ කතිකාවන්ට භාජනය වනවා අපට ප්‍රධාන මාධ්‍ය ධාරා හා සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දකින්නට ලැබෙන කරුණක්. ඇය වටා අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් රැසක් ද නිර්මාණය වී තිබු අතර ඒ පිලිබඳ අපගේ විමර්ෂණ මෙතනින්

    නාඋයනේ අරියධම්ම නාහිමියන්ට අවාසගෙයක් සෑදීමට ඇකේෂියා ගසක් කැපීම සම්බන්ධයෙන්, දේවානි ජයතිලක මහත්මිය විසින් නාහිමියන් උසාවියට කැඳවූ බවට දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ පියසේන කාර්යප්පෙරුම මහතා පසුගියදා පැවති ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමේදී පැවසුවා. මේ සම්බන්ධයෙන් නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

    සමාජ මාධ්‍ය සටහන්:

    “BreakinLK“ ෆේස්බුක් පිටුවක දක්වා තිබුණේ,  “ආවාස ගේ හදාගන්න ගසක් කැපූ නිසා ඩොලර් වලට යට වෙලා පරිසරයට බොරු ආදරයක් දක්වන දේවානි විසින් නා උයනේ අරියධම්ම හිමියන්ව උසාවි යවලා. මේ වගේ බොරු ආදරයක් පෙන්නන්නේ තමන්ගේ වාසියට මේ වගේ දෙකයි පනහේ වැඩ කරන උන් ඉන්නකන් මේ රටට ගොඩ යෑමක් නැහැ “ යනුවනි.

    Facebook | Archived Link 

    “නාඋයනේ අරියධම්ම නාහිමි ආවාසේ හදාගන්න ඇකේසියා ගහක් කපල…! දේවානි නඩුවක් දමා නාහිමි උසාවි ගෙනිහිල්ල…!

    ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක විසින් පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන් ද නඩු දමා උසාවි රැගෙන ගොස් තිබේ.

    ඒ සිය විහාරස්ථානයේ ආවාස ගෙය අලුත්වැඩියා කර ගැනීම සඳහා ඇකේසියා ගසක් කැපීමේ වරදට ය.

    ඇකේසියා යනු ආක්‍රමණික ශාඛයක් ලෙස ලැයිස්තුගත කර ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රුක් රෝපණ වැඩසටහන්වලින් ඉවත් කරන ලද ශාඛයකි.

    ඊයේ (20) නයිවල ප්‍රදේශයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු රැස්වීමේදී කිසිවෙකු මේ බව සඳහන් කළ විට දේවානි ජයතිලක සඳහන් කළ රක්ෂිතවල ගස් කැපීම තහනම් බව ය. ”

    Facebook | Archived Link

    “අරියධම්ම ස්වාමීන් වහන්සේ මීතිරිගල ඤාණාරාම ධර්මායතනයෙ වැඩ ඉන්න කාලෙ කුටියක් හදන්න ගහක් කැපුවා කියල මේ කාන්තාව චෝදනා කරල තියෙනව.තමන් වහන්සේ ඊට කිසිම සම්බන්ධයක් නැති බවත්, දායකයන් කුටි සකසා දුන් පසු තමන් වහන්සේ එහි වැඩහිඳීම පමණක් කරන බවත් ස්වාමීන් වහන්සේ ඒ කාන්තාවට කාරුණිකව පැහැදිලි කරල තියෙනව. ඒක නොපිළිගත් ඒ කාන්තාව ස්වාමීන් වහන්සේට බැණ වැදිලා තියෙනව දිගටම. පස්සෙ ස්වාමීන් වහන්සේගේ ගුණය නිසා හරි වෙන මොකක් නිසා හරි ඒ කාන්තාවගෙ ශරීරය කසන්න අරගෙන තියෙනව දිගටම. පස්සෙ ස්වාමීන් වහන්සේගෙන් සමාව අරං තියෙනව ඒ කාන්තාව. ඔය කථාව මම අහල තිබ්බට ඒ කාන්තාව දේවානි කියල දැනගත්තෙ දැං තමා. ”

    Facebook | Archived Link

    ඉහත සඳහන් සටහන් මගින් දැක්වෙන්නේ අරියධම්ම ස්වාමීන් වහන්සේ මීතිරිගල ඥණාරාම ධර්මායතනයේ වැඩසිටින සමයේ ආවස කුටියක් සෑදීමේදී ඇකේෂියා ගසක් කැපීම හේතුවෙන් දේවානි ජයතිලක මහත්මිය විසින් ස්යාමින් වහන්සේ උසාවියට ගෙන ගිය බවට උපහාසාත්මක ලෙස පළ වූ සටහන් පෙළකි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පසුගියදා පැවති ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු රැස්වීමේදී දොම්පේ මීතිරිගල සේද ගොවිපළ පදිංචි කරුවන්ට ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් මතු වූ සංවාදයේදී සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, ඉඩම් ඇමති එස්.එම්.චන්ද්‍රෙස්න සහ ප්‍රාදේශීය සභාවේ පිරිස් සහ වන ජීවී නිලධාරීන් ආදී පිරිස් අතර ඇතිවූ උණුසුම් සංවාදයක් අතරතුර, දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ පියසේන කාර්යප්පෙරුම මහතා පවසා තිබුනේ නාඋයනේ අරියධම්ම නාහිමියන්ට අවාසගෙයක් සෑදීමට අකේෂියා ගසක් කැපීම සම්බන්ධයෙන් දේවානි ජයතිලක මහත්මිය විසින් නාහිමියන්ව උසාවියට කැඳවූ බවක්. එම වීඩියෝව පහතින්. (දෙවන විනාඩියේ)

    අප මේ සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගෙන් කළ විමසීමේද ඇය සඳහන් කළේ, ඇය ගම්පහ දිසා වන නිලධාරී තනතුර බාර ගෙන දින 14 ක් යෑමට පෙර මෙම සිදුවීමට මුහුණ දුන් බවයි. 

    මීතිරිගල රක්ෂිතයේ සිදුවන ගස් කැපීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස වන සංරක්ෂණ නිලධාරීන් තමන්ට දැනුම්දුන් අතර ඒ සමබන්ධයෙන් කළ නිරීක්ෂණයේදී වල්ලපට්ටා ගස් 108ක් කපා ඇති බව ඇයට දැක ගන්න ලැබුණු බවත්, නාඋයනේ අරියධම්ම නාහිමියන් ශ්‍රී ඥාණාරාම ත්‍රිපිටක ධර්මායතනයේ වැඩසිටි සමයේදී නව කුටි 12 ක් සෑදීමට කටයුතු යොදා තිබුණු බවයි ඇය සඳහන් කළේ.

    ඉන් 6ක් සාදා නිමකර ඇති අතර ඉතිරි කුටි 6 සඳහා අවසර ඉල්ලා තිබු බවත්, මේ සඳහා මුලින් අවසර නොදුන් නමුත් පසුව නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වී ගැටලුව නිරාකරණය කරගත් බවත් ඇය පැවසුවා. ඒ හේතුවෙන් කිසිසේත්ම ශ්‍රී ඥාණාරාම ත්‍රිපිටක ධර්මායතනයට හෝ නාඋයනේ අරියධම්ම නාහිමියන්ට හෝ එහි දායක සභාවට විරුද්ධව නඩු නොදැමූ බව ඇය අවධාරණය කළා. 

    මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ඥාණාරාම ත්‍රිපිටක ධර්මායතනයේ දායක සභාවේ සභාපති හා ලේකම්තුමියගෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, ගම්පහ දිසා වන නිලධාරීනි නීතිය අකුරටම රාජකාරිය කෙරූ බවත් නාහිමියන් නොව එම ධර්මායතනයේ වැඩ විසූ සාමනේර හිමිනමක් හේතුවෙන් ඇති වූ අනවබෝධය හේතුවෙන් මෙම ගැටලුවක් පැන නැගුනු බවත් එම අවස්ථාවේ එය නිරාකරණය කරගත් බවත්ය. නඩුවක් දක්වා කිසිසේත්ම අරියධම්ම නාහිමියන් හෝ දායක සභාව හෝ කැඳවා නොමැති බවද, ඔවුන් අවධාරණය කළා.

    දේවානි මහත්මිය මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් පැවසුවේ, කෙසේ වෙතත් නාවිමන ආරාමයේ දායක සභාවට විරුද්ධව නඩු 2 ක් පනවා ඇති බවයි. ඒ, නාවිමන රක්ෂිතයට අයත් කලාපයේ නාවිමන ආරාමයේ  අනවසර ඉදිකිරීම් කටයුතු සිදු කිරීම් හා රක්ෂිතයට අයත් මහෝගනී ගස් අනවසරයෙන් විශාල ලෙස කපා තිබීම හේතුවෙනි. මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු රැස්වීමේදී එම නඩුව සම්බන්ධයෙන් ක්‍රියාකළ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටී බවත් එම අවස්ථාවේදී දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ පියසේන කාර්යප්පෙරුම මහතා නාවිමන ආරාමයේ ගස් කැපීමට විරුද්ධව කටයුතු කිරීම, නාඋයනේ අරියධම්ම නාහිමියන්ට නඩු දමා ඇති බවට සඳහන් කිරීමෙන් මෙම අනවබෝධය ඇති වූ බවයි ඇය සඳහන් කළේ.

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අප කළ විමර්ශනයේදී පෙනී යන්නේ, ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය නාඋයනේ අරියධම්ම නාහිමියන්ට අවාසගෙයක් සෑදීමට අකේෂියා ගසක් කැපීම සම්බන්ධයෙන් නාහිමියන් උසාවියට කැඳවූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුමවාරු වන සටහන් පෙළ අසත්‍ය හා නොමඟ යවන සුළු ආකාරයෙන් පලකර තිබු පදනම් විරහිත සටහන් බවයි.

    නාඋයනේ අරියධම්ම නාහිමියන්ට හෝ ශ්‍රී ඥාණාරාම ත්‍රිපිටක ධර්මායතනයේ දායක සභාවට විරුද්ධව දේවානි ජයතිලක මහත්මිය විසින් කිසිඳු නඩුවක් මේ දක්වා පනවා නැත. කෙසේවෙතත් නාවිමන ආරාමයේ දායක සභාවට විරුද්ධව නඩු 2 ක් පනවා තිබෙන්නේ රක්ෂිත කලාපයට අයත් ගස් අනවසරයෙන් කපා තිබීම හේතුවෙනින්

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:දේවානි, අරියධම්ම නාහිමියන්ට උසාවියට කැඳවුවා ද?

    Fact Check By: Sara Gunaratne 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.