Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ධම්මික පෙරේරා පොදුජන පෙරමුණින් තෝරා ගත් ජනාධිපති අපේක්ෂකයාද? 

    2023-12-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පක්ෂ වලින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයින් බවට අනුමාන කරමින් සමාජ ඔස්සේ සටහන් සංසරණය වනු ලබනවා. විශ්වාසනීය මූ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පක්ෂ වලින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයින් බවට අනුමාන කරමින් සමාජ ඔස්සේ සටහන් සංසරණය වනු ලබනවා. විශ්වාසනීය මූලාශ්‍ර මත මෙම තොරතුරුවල නිරවද්‍යතාව සොයා බලමින් අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් : 

    “පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයයි – ජනාධිපති අපේක්ෂකත්වයයි දෙකම ධම්මිකට” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූයේ මෙලෙසින්.

    Facebook

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    මෙම සටහන් සඳහා ෆේස්බුක් පරිශීලකයින් විසින් දක්වා තිබූ ප්‍රතිචාර පහතින්.

    මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (කරුණු විමර්ෂණය)

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා  පත් කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වල හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇත්දැයි යන්න පිළිබඳ අප විමර්ශනය සිදු කළා.

    නමුත් එවැනි පුවතක් හෝ නිවේදනයක් නිකුත් කර ඇති බවට දැක ගන්නට නොලැබුණි.

    අප මේ පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්නගෙන් විමසීමක් සිදු කළා. ඒ මහතා සඳහන් කළේ, 2024 මැතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් තීරණය කර නොමැති අතර, සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු නොමඟ යවන සහ අසත්‍ය බවයි.

    පසුගිය 16 වන දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර හිස්ව තැබීමට එම පක්ෂය තීරණය කර ඇති බවයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂයේ සංවිධායක කටයුතු නිර්මාතෘ විදිහට සිටින බව ත්, දේශපාලන මණ්ඩලය ද, නියෝජනය කරන බව ත් ය.  ජාතික සංවිධාක තනතුර හිස්ව තබන්න එතුමා සහ පක්ෂය මතයකට පැමිණි බව ත්, ඉදිරියේදී ගන්නා දේශපාලන තීන්දු මත ඒකට අවශ්‍ය පුද්ගලයෙකු පත් කර ගැනීමට නියමිත බව ද, ඔහු සඳහන් කළා. එම වීඩියෝව මෙතනින්.

    පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී  පක්ෂයේ විධායක සභාව රැස්වූ අතර මෙහිදී ර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යළිත් වරක් මහලේකම් ලෙස පත්කර ඇත. ඊට අමතරව පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි පත්කර තිබෙනවා. පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන හිමියන් යළි පත්කිරීමට ද පියවර ගෙන ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය දේශපාලන මණ්ඩලයටද සාමාජිකයන් පත්කර ඇති අතර, එහිදී නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුරු ද මෙවර නිර්මාණය කර තිබේ. 

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට සිව්දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව ත්, ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉන් එක් අයෙකු බව ත්, පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ඊයේ(20) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා මෙම අපේක්ෂකයින් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවත්, ඔවුන් අතර ධම්මික පෙරේරා ද වන බවයි ඔහු මෙහිදි සඳහන් කළේ. කෙසේ වෙතත්, මේ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බව ත්,  2024 ජනාධිපතිවරණය සඳහා පක්ෂය විසින් තෝරා ගන්නා ලද අපේක්ෂකයා පිළිබඳ මැතිවරණ දිනය ආසන්න දිනයකදී නිල නිවේදනය කිරීමට අපේක්ෂා කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ. එම මාධ්‍ය හමුව මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින්(SLPP) තරඟ කිරීමට ධම්මික පෙරේරා තෝරා ගෙන ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමගය යන සුළුයි. මේ වන විට එවැනි කිසිදු තීරණයක් පක්ෂය විසින් ගෙන නොමැති බවත් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 4 දෙනෙකු යෝජනා වී ඇති බව ත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයා තහවුරු කරයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-12-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.