දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ලොව පුරා අවධානයට ලක් වූ Walk for Peace සාම පාගමනේ එක් අදියරක් පසුගිය අප්රේල් මාසයේදී මෙරටදී ද පැවැත්විණ. වියට්නාම ජාතික පූජ්ය පඤ්ඤාකාර හිමියන් ප්රමුඛ භික්ෂූන් වහන්සේගේ ප්රමුඛත්වයෙන් ක්රියාත්මක වූ මෙම සාම පාගමනට එක්ව සිටි ආලෝකා නම් සුනඛයා ද මෙරට ජනතාවගේ විශේෂ අවධානයට ලක් වූ අතර ඔහු පිළිබඳ මතකය අදටත් බොහෝ දෙනා අතර රැඳී තිබේ.
කෙසේ වෙතත්, සාම පාගමනට එක්වූ ආලෝකා මියගොස් ඇති බවට මේ දිනවල සමාජ මාධ්ය ඔස්සේ විවිධ සටහන් හුවමාරු වෙමින් පවතී. එම ප්රකාශයේ නිර්වද්යතාව සොයා බැලීමට අප සිදුකළ කරුණු පරීක්ෂාවයි මේ.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :

ආලෝකාට නිවන් සුව පතන්න යනුවෙනු සඳහන් කරමින් පඤ්ඤාකාර හිමියන් ආලෝකා සමග සිටින ඡායාරූපයක් සහ තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් මියගිය සුනඛයෙකු මිහිදන් කිරීම සඳහා ගෙන යන ඡායාරූපයක් ඇතුළු එම සුනඛ්යා මියගොස් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් එකතු කර මෙම සටහන පළ කර තිබේ.
ආලෝකාගේ දර්ශන යොදා ගනිමින් සකසන ලද තවත් කෙටි වීඩියෝවක් පළ කර තිබුණේ, නිවන් මග කෙටි කරගන්න ආලෝකා යන සඳහන සහිතවයි.
බොහෝ පිරිසක් අලෝකා මිය ගොස් ඇති බවට වන මෙම සටහන්වල නිරවද්යතාව විමසා තිබූ අතර ඒ අනුව අප එහි සත්ය අසත්යතාව විමසා බැලීමට පියවර ගත්තා.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ආලෝකා යනු ලංකාවේ පමණක් නොව Walk for Peace සාම පාගමන ක්රියාත්මක වූ අනෙකුත් රටවල් ජනතාව අතර මෙන්ම මුළු ලෝකයේම විශේෂ අවධානයක් දිනා ගත් සුනඛයෙකි. සාම පාගමන අවස්ථාවේ මෙරට මාධ්ය තුළ මෙන්ම සමස්ත ජනතාව අතරම වැඩි අවධානයක් දිනා ගත් අලෝකා සමාජ මාධ්ය පැවසෙන පරිදි මියගොස් තිබේ නම්, දෙස් විදෙස් මාධ්ය සුළු වශයෙන් හෝ එවැනි පුවතක් වෙනුවෙන් සිය මාධ්ය තුළ අවකාශය ලබා දෙනු ඇත. එහෙත් අප සිදු කළ සොයා බැලීමේදී කිසිදු මාධ්යක් අලෝකා මිය ගොස් ඇති බවට පුවත් වාර්තා කර නොමැත.
ආලෝකා මියගොස් ඇති බවට පැතිරෙන සටහන්වල සත්ය අසත්යතාව තහවුරු කර ගැනීම සඳහා Walk for Peace වැඩසටහනට අදාළ නිල වෙබ් අඩවි සහ නිල Facebook ගිණුම ද අප පරීක්ෂාවට ලක් කළා. ඒවායේ ද අලෝකා මියගිය බවට කිසිදු නිවේදනයක් හෝ දැනුම්දීමක් දැක ගන්නට නොමැත. තව ද Aloka the Peace Dog නමින් පවත්වාගෙන යන නිල Facebook සහ Instagram ගිණුම්වල ද ආලෝකා මියගිය බවට නිල නිවේදනයක් හෝ එය තහවුරු කරන යාවත්කාලීන කිරීමක් දක්නට නොලැබිණ.
එමෙන්ම, Aloka the Peace Dog නිල Facebook ගිණුම පරීක්ෂා කිරීමේදී, එහි Profile Picture සහ Cover Photo ලෙස තවදුරටත් ආලෝකාගේ ඡායාරූප දැකගත හැකි අතර ගිණුම ඔස්සේ මෑතකදී ලබාගත් ආලෝකාගේ ඡායාරූප පළ කර තිබෙනු දැකගත හැකියි.

ඒ අනුව ද පැහැදිලි වන්නේ, ආලෝකා මියගොස් ඇති බවට පැතිරෙන සහටන්වල සත්යතාවක් නොමැති බවයි.
ඒ අනුව අප තවදුරටත් සිදු කළ කරුණු පරීක්ෂාවේදී මෙරට ප්රධාන ධාරාවේ පුවත් වෙබ් අඩවියක් විසින් සාමය සඳහා වූ පාගමන (Walk for Peace) පුරා භික්ෂූන් වහන්සේලා සමඟ ගමන් කළ ‘ආලෝකා’ නම් සාමයේ සුනඛයාගේ සගයා වූ ‘සෝ’ (Sổ) නම් සුනඛයා මිය ගොස් ඇති බව පසුගිය සැප්තැම්බර් 26 වැනිදා ඡායාරූපයක් ද සහිතව මෙලෙස|Archived Link පුවතක් වාර්තා කර තිබුණා.
මේ අතර මෙම පුවත සඳහා යොදාගෙන තිබූ ඡායාරූපය සහ අලෝකා මිය ගිය බව කියමින් සමාජ මාධ්ය සටහන් සඳහා යොදා ගෙන තිබූ ඡායාරූප Revers Image සෙවුමක් ඔස්සේ තවදුරත් පරීක්ෂා කිරීමේදී Shen Yu නම් භික්ෂුවක් විසින් සැප්තැම්බර් 26 වනදා සිය Thread ගිණුම ඔස්සේ ‘සෝ’ නම් සුනඛයා පිළිබඳව පළ කරන ලද ඡායාරූප සහිත සටහනකින් උපුටාගෙන ඇති බවට අනුමාන කළ හැකියි.


Walk for Peace සාම පාගමන සම්බන්ධයෙන් තොරතුරු පළ කරන Shen Yu භික්ෂුවගේ වෙබ් අඩවියේ සඳහන් තොරතුරුවලට අනුව, උන්වහන්සේ ඇමරිකාවේ පැවති Walk for Peace පාගමනට සහභාගී වූ භික්ෂූන් වහන්සේ අතරින් අයෙකි. ඉහත ඡායාරූප සමග උන්වහන්සේ තබා ඇති සටහන අනුව 2022 වසරේ ඉන්දියාවේ පැවති Walk For Peace සාම පාගමනේදී භික්ෂූන් වහන්සේ සමඟ ආලෝකා (Aloka) සහ සෝ (So) ස්ව කැමැත්තෙන් දිගු දුරක් ගමන් කර ඇති අතර සෝ තවදුරටත් සාම පාගමනට එක් නොවන බව ත් සෝ මියලිය බව ත්, So ගෞරවාන්විත ලෙස භූමදානය කිරීමට භික්ෂූන් වහන්සේ කටයුතු කර ඇතැයි එහි සඳහන් ය. කෙසේ වෙතත්, සැප්තැම්බර් 26 වනදා පළ කළ මෙම සටහනේ සෝ මියගිය නිශ්චිත දිනයක් පිළිබඳව සඳහනක් නොමැති අතර මෑතකදී මියගිය බවක් ද සඳහන් කර නොමැත.
මේ අනුව සෝ නම් සුනඛයා මිය ගිය දිනය නිශ්චිතව දැන ගැනීම සඳහා අප තවදුරටත් කරුණු පරීක්ෂා කළ අතර එහිදී සාම පාගමන මෙහෙයවන පඤ්ඤාකාර හිමි, තවත් භික්ෂූන් වහන්සේ සහ ආලෝකා සමග ගොස් සෝ මිහිදන් කර ඇති සොහොන අසලදී සෝ සිහිපත් කරමින් ආගමික වතාවත් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය ජූලි 22 වනදා Walk for Peace නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය.
අදාළ සටහනට අනුව, පඤ්ඤාකාර හිමියන් ඇතුළු පිරිස සෝ මිහිදන් කළ ස්ථානයට ගොස් ඇත්තේ මේ වසරේ ජුනි මාසයේ ඉන්දියාවේ සිදු කළ සංචාරය අතරතුරදීය. එම සටහනට අනුව පඤ්ඤාකාර හිමියන්ට සහ ආලෝකාට සෝ හමුවී ඇත්තේ 2022–2023 කාලයේ පැවති “Following the Buddha’s Footsteps” වන්දනා ගමන අතරතුරදී ය. එම වන්දනා ගමනේදී ආලෝකා සහ සෝ භික්ෂූන් වහන්සේලා සමඟ එකට ගමන් කර ඇති අතර, සෝ ඉන්දියාව සහ නේපාලය අතර කිලෝමීටර් දහස් ගණනක් පස් වතාවක් ගමන් කර ඇති බවද එහි සඳහන් වේ. එම ගමනට සහභාගී වූ සුඛෝ (Sukho) සහ කරුණා (Karuṇā) නම් තවත් සුනඛයන් දෙදෙනෙකු පිළිබඳවද එම සටහනේ සඳහන් කර තිබේ. තවද, 2023 වසරේදී එම වන්දනා ගමන අවසන් කිරීමෙන් පසු එම වසරේදී සෝ Royal Wat Thai Buddhagaya විහාරස්ථානයේදී මියගිය බවද අදාළ සටහනේ පැහැදිලිව සඳහන් කර ඇත.
ඒ අනුව ‘ආලෝකා’ මිය ගිය බව මෙන් ම ‘සෝ’ මෑතකදී මිය ගිය බව සඳහන් සටහන් අසත්ය බව පෙන්වා දිය හැක.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පූජ්ය පඤ්ඤාකාර හිමියන් ප්රමුඛ භික්ෂූන් වහන්සේ සමඟ ලොව පුරා Walk for Peace සාම පාගමනේ නිරත වන ආලෝකා මියගොස් ඇති බවට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්ය බවයි. සමාජ මාධ්ය සටහන්වල දැක්වෙන ඡායාරූපවල සිටින්නේ, ආලෝකා සමඟ Following the Buddha’s Footsteps වන්දනා ගමනට එක්ව ගමන් කළ, 2023 වසරේදී මියගිය සෝ (So) නම් සුනඛයාගේ ඡායාරූප බව අපගේ විමර්ශනයෙන් තහවුරු විය.
මේ අතර, Shen Yu නම් භික්ෂුව විසින් සැප්තැම්බර් 26 වනදා සිය Threads ගිණුමේ සෝ මියගිය අවස්ථාවේ ඡායාරූප ඇතුළත් සටහනක් පළ කර තිබුණ ද එම සටහනේ සෝ මියගිය නිශ්චිත දිනය සඳහන් කර නොමැති බැවින් සෝ මෑතකදී මියගිය බවක් අදහස් නොවේ. මේ අතර තවද ඇතැම් නිල වෙබ් අඩවි සෝ (So) මෑතකදී මියගිය බවට පළ කර ඇති පුවත්වල නොමගයවන සුළු වේ. තොරතුරු අනුව සෝ මිය ගොස් ඇත්තේ, 2023 වසරේදී ය.



