දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සමාජ මාධ්ය ජාලා තුළ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික් සංවිධායිකා හරිනි විජේතුංග මහත්මියගේ ඡායාරූපයක් සහිත දේශපාලන පෝස්ටුවක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. එහි සඳහන් වන්නේ ” මාලිමාවෙ නායකයො ධනපතියන්ගෙන් පරිත්යාග අරන් පක්ෂෙ මඩිය තර කරන කොට නාමල් රොබින් හුඩ් වගේ ධනපතීන්ගෙන් පරිත්යාග අරගෙන දුප්පතුන්ට බෙදා දුන්න” යනුවෙන් ඇය ප්රකාශ කළ බවයි. මෙහි සත්ය අසත්යතාව පිළිබඳව අප සොයා බැලීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
හරිනි විජේතුංග මහත්මිය විසින් මෙවැනි ප්රකාශයක් සිදු කර ඇත්දැයි යන්න අප පරීක්ෂා කරත්, ඇය විසින් මෙවැනි ප්රකාශයක් කළ බවට ඉහත සටහන හැරෙන්නට, ඇය විසින් එවැනි ප්රකාශයක් සිදු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් හෝ අපට දැක ගන්නට නොලැබුණි.
‘Ape Media’ Youtube නාලිකාව සමඟ ඇය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක රූපරාමුවක් මේ සටහන සඳහා භාවිත කර ඇති බැවින්, නාලිකාවේ සම්පූර්ණ වීඩියෝව පරීක්ෂා කරනු ලැබීය.
එහිදී ඉහත සමාජ මාධ්ය සටහන් වල දැක්වෙන ලෙස ඇය මෙම වැඩසටහනේදී නාමල් රාජපක්ෂ මහතා රොබින් හුඩ් කෙනෙකු මෙන් ධනපතියන්ගෙන් පරිත්යාග අරගෙන දුප්පතුන්ට බෙදා දුන් බවක් හෝ මාලිමාවේ නායකයන් පක්ෂයේ මඩිය තර කරගත් බවක් සඳහන් නොකරයි.
ඇය සඳහන් කරන්නේ, වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ රොබින් හුඩ් හෝ සූරසරදියල් මෙන් ඇති අයගෙන් අරගෙන නැති බැරි අයට ලබා දෙන බව ත්, විදේශයන්හි තිබෙනවා යැයි කියූ බිලියන ගණනක මුදල් නැවත රට තුළට ගෙන එන බව ත්ය. නමුත් දැන් සිදුවන්නේ කුඩා ව්යාපාරිකයන්ට සහ සාමාන්ය වෙළෙන්දන්ට පවා අධික ලෙස බදු ගහමින් ජනතාව අපහසුතාවයට පත් කිරීම බව ත්, ඔවුන් දුන් පොරොන්දු ඉටු කර නොමැති බව ත් ඇය චෝදනා කරනු ලබයි.
හරිනි විජේතුංග
හරිනි විජේතුංග මහත්මියගේ මාධ්ය අංශය ද, තහවුරු කළේ, ඉහත සමාජ මාධ්ය සටහන් අසත්ය බව ත්, ඇය විසින් සිදු කරන ලද මාධ්ය සම්මුඛ සාකච්ඡාවේදී ඉහත සඳහන් ලෙස කිසිදු ප්රකාශ කර නොමැති බව ත්, හරිනි විජේතුංග මහත්මියට ආරෝපණය කර ඇති ප්රකාශ සහ ඇය සම්මුඛ සාකච්ඡාවේදී සැබවින්ම ප්රකාශ කළ කරුණු අතර වෙනසක් ඇති බව ත්, සඳහන් කරනු ලැබීය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පොදුජන පෙරමුණේ, කොළඹ දිස්ත්රික් සංවිධායිකා හරිනි විජේතුංග මහත්මිය ජාතික ජන බලවේගය ධනපතියන්ගෙන් මුදල් ගෙන පක්ෂ අරමුදල් තර කරගන්නා බවට කිසිදු ප්රකාශයක් සිදු කර නොමැත. ඇය සහභාගී වූ වැඩසටහනකදී ඇය සඳහන් කර තිබුණේ, වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ රොබින් හුඩ් හෝ සූරසරදියල් මෙන් ඇති අයගෙන් අරගෙන නැති බැරි අයට ලබා දෙන බව ත්, විදේශයන්හි තිබෙනවා යැයි කියූ බිලියන ගණනක මුදල් නැවත රට තුළට ගෙන එන බව ත්ය. නමුත් දැන් සිදුවන්නේ කුඩා ව්යාපාරිකයන්ට සහ සාමාන්ය වෙළෙන්දන්ට පවා අධික ලෙස බදු ගහමින් ජනතාව අපහසුතාවයට පත් කිරීම බව ත්, ඔවුන් දුන් පොරොන්දු ඉටු කර නොමැති බව ත්ය.


