දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
රෝහින්ග්යා සංක්රමණිකයින්ට පුරවැසිභාවය ලබාදීමට කටයුතු කරන බවට කැබිනට් ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී ප්රකාශයක් සිදු කර ඇති බව කියමින් සමාජ මාධ්යයේ හුවමාරුවන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts)
Claim :
සැප්තැම්බර් 29 වැනිදා පළ වී ඇති මෙම සටහනේ දැක්වෙන්නේ, ශ්රී ලංකා රජය රෝහින්ග්යා සරණාගතයින්ට පුරවැසිභාවය ද සමගින් මඩකලපුවෙන් ඉඩම්ලබාදීමට සූදානම් වන බවයි. සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන මෙම සටහනෙන් දැක්වෙන්නේ, කටාර් රාජ්ය විසින් එම ඉඩම්වල නිවාස ඉදිකර දීමට සූදානම් වන බවටයි.

Fact-Check :
රජය විසින් රෝහින්ග්යා සංක්රමණිකයින්ට මෙරට පුරවැසිභාවය සහ ඉඩම් අයිතිය ලබාදීමට තීරණයක් ගෙන තිබුණේ නම්, එය මෙරට මාධ්ය ජාලාවල ප්රමුණ පුවතක් විය යුතු නමුත් එවැනි පුවත් මෑතකාලීනව කිසිදු මාධ්යක් විසින් වාර්තා කර නොමැත. තව ද කාටාර් රජ්ය නිවාස ඉදිකරදීමට එකඟත්වක් පළ කර ඇති බවක් මෙරට හෝ විදෙස් මාධ්ය කිසිවක් විසින් වාර්තා කර නොමැත.
රෝහින්ග්යා සංක්රමණිකයින් සම්බන්ධයෙන් අවසන් වරට මෙරට පිළිගත් මාධ්ය වාර්තා පළ වී තිබුණේ, සැප්තැම්බර් මුල් දින කිහිපයේදීය. ඒ මෙරට වෙසෙන රෝහින්ග්යා සංක්රමණිකයෙකු මෙරට රඳවා සිටින සංක්රමණිකයින් නිදහස් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන සැසිවාරයට ඝෘජු ඉල්ලීමක් ඉදිරිපත් කිරීම පිළිබඳ සිදුවීමයි. එහිදී අදාළ සංක්රමණිකයා සිය ඉල්ලීම මගින් මෙරට වෙසෙන රෝහින්ග්යා සංක්රමණිකයින්ට මෙරට පුරවැසිභාවය හෝ ස්ථීර පදිංචිය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිට තිබිණි. විස්තර මෙතැනින්
මේ අතර ශ්රී ලංකා රජය රෝහින්ග්යා සරණාගතයින්ට පුරවැසිභාවය ද සමගින් මඩකලපුවෙන් ඉඩම්ලබාදීමේ සූදානමක් පවතින්නේ දැයි අප ජනාධිපති මාධ්ය අංශයෙන් විමසා සිටියා. එම මාධ්ය අංශය සඳහන් කළේ, සංසරණය වන සමාජ මාධ්ය සටහන සම්පූර්ණයෙන්ම අසත්යක් බවයි. රජය එවැනි ප්රකාශයක් සිදු කර නොමැති බවයි.
මේ අතර ශ්රී ලංකාවේ පමණක් නොව රෝහින්ග්යා සංක්රමණිකයින් ලොව තවත් රටවල් කිහිපයකම රැඳී සිටින බැවින් අපි මේ දිනවල එම සංක්රමණිකයින් සම්බන්ධ ජාත්යන්තර මාධ්ය වාර්තා දෙස අවධානය යොමු කළෙමු.
එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්යන්තර සංවිධානවල අනතුරු ඇඟවීම් නොසලකා මැලේසියාව එරට රැඳී සිටින රෝහින්ග්යා සංක්රමණිකයින් 1500ක් යළි මියන්මාරයට යැවීමට කටයුතු කර ඇති බව සැප්තැම්බර් 29 වැනිදා ප්රමුඛ පෙළ විදෙස් මාධ්ය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මෙලෙස, මෙලෙස සහ මෙලෙස තොරතුරු වාර්තා කර තිබිණ. එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ, මියන්මාරය රෝහින්ග්යා වැසියන් 5000ක් භාර ගැනීමට එකඟ වී ඇති බවට මැලේසියානු අග්රාමාත්යවරයා ජූලි මාසයේදී ප්රකාශයක් කර තිබු බවයි. 2017 වසරේ මියන්මාරයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ලක්ෂ සංඛ්යාත රෝහින්ග්යා වැසියෝ අසල්වැසි රටවලට පලා ගියහ.
ශ්රී ලංකා රජය රෝහින්ග්යා සංක්රමණිකයින්ට පුරවැසිභාවය සහ ඉඩම් ලබාදීමට සූදානම් වන බවට සමාජ මාධ්ය සටහන් නිර්මාණය වී ඇත්තේ, මෙවැනි තත්ත්වයක් මතයි.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මියන්මාරයේ රඛයින් ප්රාන්තය ආශ්රිතව දිගුකාලීනව පීඩාවට පත්ව සිටින රෝහින්ග්යා ජනතාව මීට වසර කිහිපයකට ඉහතදී සිට විශාල වශයෙන් එරටින් පලා ගොස් වෙනත් රටවල සරණ පතා තිබේ. ඒ අනුව මියන්මාරයේ රෝහින්ග්යා සංක්රමණිකයින් අවස්ථා කිහිපයකදී ශ්රී ලංකාවට ද පැමිණි අතර, 2024 දෙසැම්බර් මාසයේදී 115 දෙනෙකුට අධික පිරිසක් රැගත් බෝට්ටුවක් මුලතිව් වෙරළට පැමිණීමත් සමග රෝහින්ග්යා සංක්රමණිකයින් පිළිබඳ මාතෘකාව යළි කරලියට පැමිණියේ ය.
ඒ අනුව මෙරට වෙසෙන රෝහින්ග්යා සංක්රමණිකයෙකු මෙරට රඳවා සිටින සංක්රමණිකයින් නිදහස් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන සැසිවාරයට ඝෘජු ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර ඔහු සිය ප්රකාශය මගින් මෙරට වෙසෙන රෝහින්ග්යා සංක්රමණිකයින්ට මෙරට පුරවැසිභාවය හෝ ස්ථීර පදිංචිය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිට තිබුණා. විස්තර මෙතැනින්
රෝහින්ග්යා සංක්රමණිකයින්ට මෙරට පුරවැසිභාවය ලබාදීම සඳහා වත්මන් රජය කටයුතු කරන බවට කැබිනට් ප්රකාශක, අමාත්ය නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්ය හමුවේදී ප්රකාශයක් සිදු කර ඇති බවට සමාජ මාධ්ය ජාලා ඔස්සේ සටහන් හුවමාරු වන්නේ එවැනි වටපිටාවක් තුළයි. කෙසේ වෙතත් අමාත්යවරා විසින් සමාජ මාධ්යයේ සඳහන් ආකාරයේ ප්රකාශයක් සිදු කර තිබුණේ නම්, එය මෙරට මාධ්ය තුළ පමණක් නොව ජාත්යන්තර මාධ්ය විසින් පවා වාර්තා කර තිබිය යුතුය. එහෙත් ප්රධාන ධාරාවේ මෙරට කිසිදු මාධ්යයක් හෝ විදෙස් මාධ්යක් විසින් අමාත්යවරයා එවැනි ප්රකාශයක් සිදු කළ බවට වන පුවතක් වාර්තා කර නොමැත.
මෑතකාලීනව පැවැත්වූ කැබිනට් මාධ්ය සාකච්ඡාවලදී ද අමාත්යවරයා සමාජ මාධ්යයේ සංසරණය වන ආකාරයේ ප්රකාශයක් සිදු කර නොමැති බව අප සිදු කළ පරීක්ෂාවේදී තහවුරු වූ අතර මේ දක්වා ප්රකාශ වී ඇති කිසිදු අමාත්ය මණ්ඩල රැස්වීමකදී ගනු ලැබී තීරණ අතර ද රෝහින්ග්යා සංක්රමණකයින්ට පුරවැසිභාවය ලබාදීමට රජය තීරණයක් ගෙන ඇති බවට ද සඳහන් නොවේ.
කෙසේ වෙතත් 2025 වසරේ ජනවාරි මාසයේ පැවති කැබිනට් මාධ්ය සාකච්ඡාවකදී මාධ්යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා ප්රකාශ කළේ, රෝහින්ග්යා සංක්රමණකයින් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්යංශයත්, විදේශ කටයුතු අමාත්යාංශයත් එක්ව කටයුතු කරමින් සිටින බවයි. රෝහින්ග්යා සංක්රමණකයින් සම්බන්ධ ප්රශ්නය ඉතා ප්රවේසමෙන් කටයුතු කළ යුතු කරුණක් බවත් එම ජනතාවගේ මානව හිමිකම්, ආරක්ෂා කරන අතරතුර කලාපීය ආරක්ෂාව ඇතුළු සියලු කාරණා සලකා බලමින් ඒ සම්බන්ධව මැදිහත්විය යුතුව ඇති බවත් අමාත්යවරයා එහිදී වැඩිදුරටත් ප්රකාශ කර සිටියා. සංක්රමණිකයින් සම්බන්ධ කාරණාවේදී මානුෂිකත්වයත්, ජාතික ආරක්ෂාවත් කලාපීය ආරක්ෂාවත් කියන සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කරන බවයි.
නලින්ද ජයතිස්ස අමාත්යවරයාගේ මාධ්ය අංශය
මේ අතර සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතාගේ මාධ්ය ලේකම්වරයාගෙන් අප කළ විමසීමකදී මාධ්ය ලේකම්වරයා ද ප්රකාශ කළේ, රෝහින්ග්යා සංක්රමණකයින් සම්බන්ධව හෝ ඔවුන්ට මෙරට පුරවැසිභාවය ලබා දෙන බවට හෝ අමාත්යවරයා ප්රකාශයක් සිදු නොකළ බවයි.
Claim :
මෙරට වෙසෙන රෝහින්ග්යා සංක්රමණිකයින් සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් ද ප්රකාශයන් සිදු කර ඇති බව කියමින් සටහන් කිහිපයක් සමාජ මාධ්ය ජාලාවල සංසරණය වෙමින් පවතී. එම සටහන් හුවමාරු වන්නේ ද රෝහින්ග්යා සංක්රමණිකයෙකු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හමුවේ සිදු කළ ඉල්ලීමෙන් පසුවයි. පහත සටහනේ දැක්වෙන්නේ, “රෝහින්යා සරණාගතයින් පිටුවහල් කරන්න රජයට අයිතියක් නෑ ඔවුන්ට පුරවැසිභාවය ලබා දෙන්න” යනුවෙන් මන්ත්රීවරයා ප්රකාශයක් සිදු කර ඇතැයි කියමින් හුවමාරු වන සටහනයි.

2026 සැප්තැම්බර් 15 වැනිදා තවත් සටහනක් පළ කර ඇත්තේ, “රෝහින්ග්යා සරණාගතයින් පිටුවහල් කළොත් බලාගෙනයි මුජිබුර්ගෙන් ජනපතිට ලිපියක්” යනුවෙන් සඳහන් කරමිනි. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙරටට පැමිණි සරණාගතයින් පිරිසක් මියන්මාරයට පිටුවහල් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව මුජිබර් රහුමාන් මන්ත්රීවරයා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇති බවයි.

සමාජ මාධ්ය පරිශීලකයින් කිහිප දෙනෙකු මෙහි නිර්වද්යතාව ද විමසා තිබූ අතර ඒ පිළිබඳ සැලකිල්ල යොමු කරමින් අප මෙම සටහන්වල සත්ය අසත්යතාව විමසා බැලීමට ද පියවර ගත්තා.
Fact-Check :
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා සමාජ මාධ්ය සටහන්වල කියවෙන පරිදි රෝහින්ග්යා සංක්රමණිකයින් පිටුවහල් කිරීමට රජයට අයිතියක් නැති බවට හෝ ඔවුන් පුරවැසිභාවය ලබා දෙන බවට ඉල්ලීමක් හෝ සංක්රමණිකයින් හා සම්බන්ධව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ දැයි, ප්රධාන ධාරාවේ පුවත් වාර්තා ඔස්සේ පරීක්ෂා කළා. කෙසේ වෙතත් මන්ත්රීවරයා මෑතකාලීනව මෙම රෝහින්ග්යා සංක්රමණිකයින් සම්බන්ධයෙන් කිසිදු ප්රකාශයක් හෝ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීමක් හෝ සිදු කර ඇති බවට කිසිදු පිළිගත් මාධ්යක් වාර්තා කර නොමැත.
කෙසේ වෙතත් 2025 ජනවාරි මසයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජුබර් රහුමාන් මන්ත්රීවරයා, මුලතිව් මුහුදේදී බේරාගත් රෝහින්ග්යා සංක්රමණිකයින් මියන්මාරයට පිටුවහල් නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කමින් ඉල්ලා තිබූ බව ප්රධාන ධාරාවේ මාධ්ය මෙලෙස, මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා. මාධ්ය වර්තාවලට අනුව මන්ත්රීවරයාගේ එම ඉල්ලීමට හේතු වී තිබුණේ, අදාළ සංක්රමණිකයින් මියන්මාරය වෙත පිටුවහල් කිරීමේ සූදානමක් පිළිබඳ මහජන ආරක්ෂක අමාත්යවරයා සිදුකරන ලදැයි කියන ප්රකාශයකි. මේ අතර අදාළ සංක්රමණිකයින් පිටුවල් කිරීමේ සූදානම පිළිබඳ මුජුබර් රහුමාන් මන්ත්රීවරයා 2025 ජනවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයේ බලධාරීන් ද දැනුවත් කර තිබූ අතර ඉන් අනතුරුව ඒ පිළිබඳව මන්ත්රීවරයා මෙලෙස මාධ්යට අදහස් පළ කර තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්රී මුජුබර් රහුමාන්
මේ අතර සමාජ මාධ්ය යේ සංසරණය වන සටහන් පිළිබඳව අප මුජුබර් රහුමාන් මන්ත්රීවරයාගෙන් විමසා සිටියා. මන්ත්රීවරයා ප්රකාශ කළේ, රෝහින්ග්යා සංක්රමණිකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්ය සටහන් වල දැක්වෙන ආකාරයේ හෝ වෙනත් කිසිදු ප්රකාශයක් තමන් සිදු නොකළ බවයි. කෙසේ වෙතත් 2024 වසරේ මුලතිව් මුහුදේදී බේරාගත් පිරිස යළි මියන්මාරයට පිටත්කර හැරීමේ සූදානමක් පිළිබඳ මහජන ආරක්ෂක අමාත්යවරයාගේ ප්රකාශ කිරීමෙන් පසු අදාළ පිරිස යළි එරටට යැවීම අනාරක්ෂිත බව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනත් රටකට යොමු කරන තුරු යළි මියන්මාරයට යොමු නොකරන ලෙස තමා ඉල්ලීමක් කළ බව මන්ත්රීවරයා ප්රකාශ කළා. කෙසේ වෙතත් ඉන් පසු අදාළ සංක්රමණිකයින් සම්බන්ධයෙන් තමන් කිසිදු ප්රකාශයක් සිදු කර නොමැති බව මන්ත්රීවරයා කියා සිටියා.
මේ අතර සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මන්ත්රීවරයා ප්රකාශ කරන්නේ, සමාජ මාධ්ය ඔස්සේ තමගේ ඡායාරූප සහ නම භාවිත කරමින් රෝහින්ග්යා සරණාගතයින් සම්බන්ධයෙන් තමන් ප්රකාශ සිදු කළ බව පවසමින් සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්ය සහ ගොතන ලද ඒවා බවත් තමන් එවැනි කිසිදු ප්රකාශයක් සිදු කර නොමැති බවත් ය.

මේ අතර දැනට මෙරට සිටින රෝහින්ග්යා සංක්රමණිකයින් සම්බන්ධයෙන් අප විදේශ කටයුතු අමාත්යාංශයනේ ද විමසීමක් සිදු කර ඇති අතර එම තොරතුරු ද සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අපේක්ෂා කරමු.
ශ්රී ලංකාවට පැමිණි රෝහින්ග්යා සංක්රමණිකයින්
මියන්මාරයේ රඛයින් ප්රාන්තය ආශ්රිතව දිගුකාලීනව පීඩාවට පත්ව සිටින රෝහින්ග්යා ජනතාව මීට වසර කිහිපයකට ඉහතදී සිට විශාල වශයෙන් එරටින් පලා ගොස් වෙනත් රටවල සරණ පතා තිබේ. ඒ අනුව මියන්මාරයේ රෝහින්ග්යා සංක්රමණිකයින් අවස්ථා කිහිපයකදී ශ්රී ලංකාවට ද පැමිණි අතර, 2024 දෙසැම්බර් මාසයේදී 115 දෙනෙකුට අධික පිරිසක් රැගත් බෝට්ටුවක් මුලතිව් වෙරළට පැමිණීමත් සමග රෝහින්ග්යා සංක්රමණිකයින් පිළිබඳ මාතෘකාව යළි කරලියට පැමිණියේ ය.
ඒ අනුව මෙරට වෙසෙන රෝහින්ග්යා සංක්රමණිකයෙකු මෙරට රඳවා සිටින සංක්රමණිකයින් නිදහස් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන සැසිවාරයට ඝෘජු ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර ඔහු සිය ප්රකාශය මගින් මෙරට වෙසෙන රෝහින්ග්යා සංක්රමණිකයින්ට මෙරට පුරවැසිභාවය හෝ ස්ථීර පදිංචිය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිට තිබුණා. විස්තර මෙතැනින්
රෝහින්ග්යා සංක්රමණිකයින් පළමු වරට ශ්රී ලංකාවට පැමිණි බවට වාර්තා වන්නේ, 2008 වසරේදී ය. එනම් මාර්තු 03 වැනිදා නාවික හමුදාව විසින් රෝහින්ග්යා ජාතිකයින් 55 දෙනෙකු මහ මුහුදේදී මුදාගැනීමත් සමගයි.
පසුව ඔවුන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) වෙත භාර දී තිබූ අතර අනතුරුව 2013 වසරේ පෙබරවාරි මාසයේදී ද තවත් සංක්රමණිකයින් 170 දෙනෙකු බෝට්ටු දෙකකින් ශ්රී ලංකා මුහුදු සීමාවට පැමිණි අතර, 2017 අප්රේල් 30 වනදා තවත් රෝහින්ග්යා ජාතිකයින් 30 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබිණ. එම අවස්ථා තුනේදී පැමිණි සංක්රමණිකයින් පසුව UNHCR මැදිහත්වීමෙන් ශ්රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බවට වාර්තා පළ විය.
කෙසේ වෙතත්, 2022 දෙසැම්බර් 18 වනදා තවත් රෝහින්ග්යා සංක්රමණිකයින් 105 දෙනෙකු රැගත් යාත්රාවක් ශ්රී ලංකා මුහුදු තීරය ආසන්නයේදී මුදාගෙන තිබූ අතර, ඔවුන් ශ්රී ලංකාවට ගොඩබස්වා තිබුණේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) සහ ශ්රී ලංකා බලධාරීන්ගේ සහය ඇතිවයි. ඉන් පසුව 2024 දෙසැම්බර් 19 වනදා ළමුන් 57 දෙනෙකු ද ඇතුළුව රෝහින්ග්යා සංක්රමණිකයින් 116 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්රාවක් මුලතිව්, මුලිවයික්කාල් වෙරළ ආසන්නයට පැමිණ තිබුණා. ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අනුව, යාත්රාව ශ්රී ලංකා නාවික හමුදාව විසින් ත්රිකුණාමලයට රැගෙන ගොස් ඇති අතර, පසුව එම පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුරක රඳවා තිබේ. 2026 ජූනි 20 වනදා ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මුලතිව්හි සිටින රෝහින්ග්යා පිරිසට UNHCR වෙත කඩිනම් ප්රවේශය ලබා දී, ඔවුන් රඳවා තැබීමෙන් නිදහස් කරන ලෙසයි. විස්තර මෙතැනින්, මෙතැනින් මෙතැනින්, මෙතැනින්, සහ මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රෝහින්ග්යා සංක්රමණිකයින්ට පුරවැසිභාවය ලබාදීමට කටයුතු කරන බවට කැබිනට් ප්රකාශක, අමාත්ය නලින්ද ජයතිස්ස මහතා විසින් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවකදී හෝ වෙනත් ස්ථානයකදී ප්රකාශයක් සිදු කර නොමැති බවයි.
මේ අතර මුජුබර් රහුමාන් මන්ත්රීවරයා ද රෝහින්ග්යා සංක්රමණිකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්යයේ සංසරණය වන ආකාරයේ ප්රකාශ සිදු කර නොමැති අතර 2025 වසරේ ජනවාරි මාසයේදී සංක්රමණිකයින් පිරිසක් යළි පිටුවහල් කිරීමේ සූදානමක් පිළිබඳ අදහස් පළවීමත් සමග එය සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලීම් කර තිබිණ. කෙසේ වෙතත් රහුමාන් මන්ත්රීවරයා මෑත කාලීනව රෝහින්ග්යා සංක්රමණිකයින් සම්බන්ධයෙන් කිසිදු ප්රකාශයක් සිදු කර නොමැත.



